ඩොලර් ප්‍රශ්නය කොවිඩ් 19 අර්බුදය නිසා ඇතිවූවක් වන අතර ප්‍රමාණවත් පරිදි විදේශ විනිමය නොලැබුණු නමුත් ඉදිරි සති කිහිපයකදී මෙම ප්‍රශ්න විසඳෙනු ඇති බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.
අද පස්වරුවේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.
ඉදිරි මාස හය සදහා රටට අවශ්‍ය ඖෂධ පිළිබඳ පුර්ණ වාර්තාවක් අද (12) දින ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
රට තුළ පවතින ඩොලර් හිගය හේතුවෙන් ඖෂධ හිගයක් ඇතිවීමේ අවදානමක් පැවතිය ද එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
මෙරට එන්නත්කරණ වැඩසටහනේ තවත් සුවිශේෂී අවස්ථාවක් අද ආරම්භ වනවා. ඒ, වයස අවුරුදු 12 ට වැඩි සියලු පාසැල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම ආරම්භ කරමින්. අද සිට පළමු අදියරේදී එන්නත්කිරීම් සිදුවන්නේ කොළඹ මහා නගරසභා සීමාව තුළ පිහිටි පාසැල්වලයි.
මින් ඉදිරියට විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින විදුලිබල අමාත්‍යංශය පවසනවා. ඒ අනුව කලින් සැලසුම් කළ විදුලිය කප්පාදු කිරීමේ සැලසුම අවලංගු කිරීමටයි එම අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් අවශ්‍ය ඉන්ධන තොග ලබාදීමට එකගතාව පළ කර ඇති බව විදුලිබල අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති නෙත් නිවුස් වෙත කියා සිටියා.
මෙරට ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද විශේෂ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නියමිතයි. ඒ අනුව මේ වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දෙන කෙටි කාලීන හා දිගු කාලීන අභියෝග මෙන්ම ඒවායේ විසදුම් කවරේදැයි මෙහිදී පැහැදිලි කරනු ඇති.
ගෑස්, ගෑස් සිලින්ඩර, රෙගියුලේටර්, සිලින්ඩර වෑල් සහ ගෑස් බට මෙරටට ආනයනය කිරීමේදී අදාළ ප්‍රමිතීන් අනිවාර්යය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කොරෝනා වසංගතය හේතුවෙන් අහිමිව ගිය දෙවසර අමතක කර ඉදිරි තුන් වසර පිළිබඳ අපේක්ෂා තබන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
මේ වන විට පවතින ගෑස් අර්බුදය තවත් සතියකින් පමණ අවසන් වනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ අද පැවසුවා.
උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වන සිසුන් හේතුවෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන සිය ගණනක් රටින් පිටතට ගලායන බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වැනි ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාල පිහිටුවීමට කටයුතු කළේ රටින් පිටතට ගලායන මුදල් ආරක්ෂා කර ගැනීම සඳහා බවත්, මේ වනවිට එම උත්සාහය යථාර්ථයක් බවට පත්ව ඇති බවත් රාජපක්ෂ මහතා පවසනවා.
Page 242 of 647