පාර්ලිමේන්තු ක්‍රියාවලියට දක්වන ලද විශිෂ්ට කැපවීම, අභ්‍යන්තරික රාජ්‍ය පාලනය, මානව හිමිකම් සුරැකීම සහ ප්රජාතන්ත්රවාදී සහභාගීත්වය වෙනුවෙන් සිදුකළ අනුපමේය සේවය ඇගයීමට ලක් කරමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය 'නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය' (CPA New Parliamentarian Award 2026) හිමිකර ගැනීමට සමත් විය.
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා නිල සංචාරයක් සදහා අද (08) දිවයිනට පැමිණීමට නියමිතයි.
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) විසින් සංවිධානය කරනු ලබන “Maritime Domain Awareness as Digital Evidence” කලාපීය වැඩමුළුවට සහභාගිවන නියෝජිතයින් පිරිසක් පසුගියදා (13) නාවික හමුදා මූලස්ථානයට අනුබද්ධ කොළඹ පිහිටි තොරතුරු විලයන මධ්‍යස්ථානයේ (Information Fusion Centre Colombo) නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය එක්සත් අරාබි රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13) පැවැත්වීමට නියමිතයි.
2026 සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුව (Global Conscious Food Systems Summit – GCFSS) සඳහා අගෝස්තු 31 සිට සැප්තැම්බර් 04 දක්වා භූතානයේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ඊයේ (05) යළි දිවයිනට පැමිණියාය.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහතා අද (09) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
පෞද්ගලික දිගු දුර ජෙට් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා වූ ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා සිය ජෙට් යානයෙන් රත්මලාන ගුවන් තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වෙයි.
Page 1 of 387