2026 වර්ෂයේ සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියරේ අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 616,755 දෙනෙකුට වැඩිහිටි දීමනා රු. 3,083,755,000.00 (රුපියල් තුන් බිලියන අසූතුන් මිලියන හත්සිය පනස්පංචදහස) ක මුදලක් හා අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ දෙවන අදියරේ අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 79,063 දෙනෙකුට වැඩිහිටි දීමනා රු. 395,315,000.00 (රුපියල් තුන්සිය අනූපන් මිලියන තුන්ලක්ෂ පනස්පහස) ක මුදලක් ලබන 01 වැනිදා අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිතය.
අදාළ ප්‍රතිලාභීන්ට තම ප්‍රතිලාභ මුදල් 2026 ඔක්තෝබර් මස 01 වන දින සිට අස්වැසුම බැංකු ගිණුම් මගින් ලබාගත හැක.