ඔබ කාර්යාලයට ගෙන යන වතුර බෝතලයට හෝ පුංචි දුව පුතා පාසලට, පන්තියට ගෙන යන වතුර බෝතලයට නවතාවයක් එක්කළ හැකි නිර්මාණයකි මේ.
පුංචි දරුවන් ඉන්න නිවෙස් වැඩිපුරම සැරසෙන්නේ ලස්සන සත්තව රූප, මල් පොකුරු වගේ නිර්මාණවලිනි. කතිර මැස්මෙන් හැඩ කළ මේ අපූරු තාර ජෝඩුවකි. පුංචි පුතුගේ කාමරය හැඩ කරන්න කදිමයි. මනා ඉවසීමෙන් හා සංයමයෙන් යුතුව මසා ගන්නේ නම් ඔබටත් මෙවැනි ම නිර්මාණයක හිමිකාරණිය වන්නට පුළුවනි.
මේ ලස්සන රෝස පැහැති ගවුම් පොඩිය දෝණිව හැඩ කරන්න කදිමයි. පුංචි දෝණිට නිතරම සැහැල්ලු ඇඳුම් අන්දවන්න උත්සාහගන්නා ආදරණීය අම්මෙක් වන ඔබට මේ ගවුම දියණියට පහසුවෙන් මසා දිය හැකියි. අද කාලේ ගවුම් වෙළෙඳ පොළෙන් මිලදී ගන්නවා නම් සෑහෙන්න මිල අධිකයි. එහෙත් පුංචි රෙදි කොටසක් මිලදී ගෙන එය ඔබේ දෑතින්ම මසා ගන්නේ නම් මුදල් පසුම්බියට ද හානියක් නොවේවි. අප ලබාදී ඇති මිමි ඔබේ දියණියට ගලපා ගනිමින් මේ ගවුම් පොඩිය මසා ගන්න උත්සහ ගන්නකෝ.
මෙන්න අවශ්‍ය මිමි
උරහිස අඟල් 11
කරවට අඟල් 12
කර ගැඹුර අඟල් 4
ඉණ දක්වා උස අඟල් 14
සාය උස අඟල් 25
පපුවවට අඟල් 26
ඉණවට අඟල් 24
පුංචි දියණිය ගේ ගවුම සඳහා සාය කොටස හා බ්ලවුසය කොටස වෙන වෙනම කපා ඇත. බ්ලවුසයේ උඩ කොටස සඳහා උරපටි භාවිතකර ඇත.
මෙන්න මෙහෙම මිමි සාදා ඇඳුම කපා ගනිමු.
ඉදිරිපස පතරොම සාදා ගැනීම සඳහා බලවාටියට තබා ගන්න. බලවාටියෙ සිට අඟල් 1 1/2ක් ලකුණු කර නැම්ම රේඛාව අඳින්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම්වාසි අඟල් 1/2ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 1/4ක් පහත් කර A ලක්ෂය්‍යට යා කරන්න. එය AC වේ.
කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාක මූලික කර අඳින්න.
E සිට පහතට ඉණ දක්වා උස පහත් කර හරහට රේඛා අඳින්න.
අත්කට රේඛාවට උස සෙවීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාව යි.
අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම්වාසි හා බුරුල සඳහා එකතු කර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න එය FG වේ.
ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල සඳහා මැහුම්වාසි එකතු කර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ.
GI යාකර අංශය අඳින්න.
අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙලින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2 අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මෙ සිට මැද ලක්ෂය්‍ය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂය්‍ය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.
අවශ්‍යකර ගැඹුර පහත්කර රූපසටහනේ පරිදි අත්කටට කර ගෙවී යන සේ අඳින්න.
උරපටිය සඳහා කරේ සිට උරහිසට උස බලන්න. C ලක්ෂ්‍යය සිට පටියට කෙළින් අඳින්න.
පසුපස
ඉදිරිපස විවරය සහිත නිසා පසුපස පතරොම නැම්මට තබාගන්න. ඉදිරිපස පතරොම නැම්මෙ සිට අඟල් 1/2ක් අඩුවෙන් තබා ගන්න. පසුපස ද කර ගැඹුර ලකුණුකර ඉදිරිපස ආකාරයට කපාගන්න .
සාය
සාය මසා ඇත්තේ ඉණ රැලි කිරිමෙන් ය. ඒ සඳහා ඉණවට මෙන් දෙගුණයක් පමණවන ලෙස පළල ද අවශ්‍ය උසට මැහුම්වාසි එකතුකර උස ද ගෙන රෙදි කපාගන්න.
මෙහෙම මසාගන්න
* කරට උරපටිය තබා පේෂින් කර මසාගන්න.
* පසුපස ද පටිය තබා කර මසාගන්න
* සායෙ ඉණ රැලිකර බ්ලවුසයට අල්ලා ගන්න
*අංශය මසන්න.
*වාටිය මසන්න.
Tharunie
කතිර රටාවලට තියෙන ඉල්ලුම දවසින් දවස ඉහළ යන්නේ අප විසින් සපයන කතිර මැහුම්වල ඇති සුපැහැදිලි හා නිවැරැදිතාව නිසාමයි. ඔබගේ ඉල්ලීම් පරිදි අපි ඉතා පහසුවෙන් මසා නිමකළ හැකි අලංකාර කතිර මැහුම් ගෙන එන්නට සූදානම්. අද මේ කතා බහ කරන නිර්මාණයක් ඔබගේ නිවෙස අලංකාරය කරගැනීමට මෙන්ම දවසේ ආරම්භය ජවසම්පන්න කරගැනීමටත් මහෝපකාරී වේවි.
වෙළෙඳපොළෙන් මිලදී ගන්නා ලද සාමාන්‍ය සෙරෙප්පු දෙකක් මෙන්න මේ විදියට ඔබටම හැඩකර ගත හැකියි. එම විලාසිතාව පැලඳ යන්නේ ඔබ පමණක් වීමෙන් එහි අගයද වැඩියි. ඒ විතරක්ම නෙවෙයි ඔබගේ ඇඳුමට ගැළපෙන පරිදි විවිධ වර්ණවලින් මෙය හැඩකර ගැනීමේ හැකියාවද පවතී.
නිල් පැහැති මුද්‍රිත රෙද්දකින් නිමවූ අලංකාර ගවුමකි. දියණියට අමතර පංති ඇඳගෙන යාම සඳහා කදිමයි. ප්‍රින්සස් ලයින් බ්ලවුසයට බොක්ස් ප්ලීට් සාය එකතුකර මසා ඇත. ඔබේ ආදරණීය දියණිය මේ ගවුමෙන් සැරසුණු විට නිල් කටරොළු මලක් වගේ ලස්සනට පෙනේවි.
අසුරු සැණින් විලාසිතා මැවෙන කාලයකි මේ. එහෙත් මේ දවස්වල ඒ හීනයට ඔබේ මුදල් පසුම්බිය හරස් වී ඇති. මැහුමට ගෙතුමට දක්ෂ ඔබට නම් එය ගැටලුවක් නොවේවි. ඔබට හැමදාමත් ළෙන්ගතු තරුණී මේ ගෙන එන්නේ නවීන විලාසිතාවේ බ්ලව්සයකි. මල් මුද්‍රිත රෙද්දකින් මසා ගන්නේ නම් එහි වැඩි අලංකාරයක් පෙනේවි.
කාන්තාවන් වැඩිපුරම කාලය ගෙවන්නේ මුළුතැන්ගෙයි නිසා තමන්ගේ රසවත් කෑම හදන ස්ථානය පිළිවෙළට පිරිසුදුවට ලස්සනට තියාගන්න හැමෝම කැමතියි.
මේ නිර්මාණය ඒ ඔයාල වෙනුවෙන්මයි.
අවශ්‍ය ද්‍රව්‍ය:-
ගෝණි නූල් පන්දු (වර්ණ දෙකකින්)
පතරොම් කපා ගැනීමට කාඩ්බෝඩ්
අඩියක් පමණ දිග බයින්ඩින් කම්බියක්
කතුර
මල්ටිෙබාන් ගම් සහ බයින්ඩර් ගම්
ගම් තැවරීමට පින්සලක්
කම්බිකොකු 4ක්
කෘත්‍රිම ඇස් 4ක් සහ ත්‍රිකෝණාකාර කළු පබළු 2ක්
ටිෂූ රෝලක්
අඟල් 3 ප්‍රමාණයේ පතුල රවුම් හැඩැති බඳුනක්
අඟල් 7×7 ප්‍රමාණයේ ගෝණි රෙදි කැබැල්ලක්
පූසා සාදන ආකාරය :
රූපයේ දැක්වෙන පතරොම් පරිදි පූසාගෙ හිස, ඇඟ, වලිගය නිවැරැදිව සලකුණුකර කාඩ්බෝඩ්වලින් කපාගන්න. එලෙසම පූසාගෙ කන සහ අත යන පතරොම්වලින් සමාන කොටස් දෙක බැගින් කපාගන්න.
ඉන්පසු අඟල් 3 ප්‍රමාණයේ පතුල රවුම් හැඩැති භාජනයක් ගෙන එහි පිටතට බයින්ඩර් ගම් ආධාරයෙන් ටිෂූ අලවා තරමක් ඝනකමින් යුතුව තට්ටු කිහිපයක් සිටින සේ එක උඩ එක අලවාගන්න. එය හොඳින් දවසක් වේළාගන්න. එම වේළාගත් කොටස් භාජනයෙන් ඉවත්කර එය වටා පිටතින් ගෝණි නූල් ඔතන්න. මෙසේ ත්‍රිමාණ ලෙස සකසාගත් කොටස් 3ක් මෙම නිර්මාණය සඳහා අවශ්‍ය වේ. (මීයාගෙ ඇඟට හා පූසාගෙ මුවට)
අපි මුලින්ම කපාගත් කාඩ්බෝඩ් කැබලිවලට පින්සල ආධාරයෙන් මල්ටිෙබාන් ගම් ආලේපකර හරි මැද සිට පිටතට වෙනකම් රූපයේ පරිදි ගෝණි නූල් වර්ණ දෙක භාවිතාකර ළං ළංව සිටින සේ වක්‍රාකාරව පිළිවෙළට අලවාගන්න. දැන් අලවා නිමකරගත් කොටස් ඇඟ, හිස, වලිගය, අත් 2 සහ කන් 2 නිවැරැදිව අවසන් නිර්මාණය පරිදි සකසා පූසා නිර්මාණය කරගන්න. ත්‍රිමාණ ලෙස සකසාගත් පූසාගේ මුවට අවශ්‍ය කොටස් දෙකත් අලවාගන්න. එයට ඉහළින් පූසාගෙ ඇස් සහ නාසය සේ ත්‍රිකෝණ හැඩැති පබළුව අලවාගන්න.
ඉන්පසු බයින්ඩින් කම්බිය ගෙන අඟල් 2 ප්‍රමාණයේ කොටස් 6ක් වන සේ කපා එයට ගෝණි නූල් ඔතාගන්න. පූසාගේ මුවේ දෙපසින් විහිදෙන කෙඳි සේ මේවා හොඳින් සමාන්තරව අලවාගන්න.
දැන් කම්බි කොකු සතර රූපයේ පරිදි පූසාගේ අත් දෙකෙහි හොඳින් සවිවන සේ අලවාගන්න.
මීයා සාදන ආකාරය
ටිෂූ සහ ගම් භාවිතකර පතරොමේ ප්‍රමාණයට මීයාගෙ හිස ඕවලාකාර හැඩයට සාදාගන්න. දැන් එයට ගෝණි නූල් ඔතන්න. මුලින් ත්‍රිමාණ ලෙස සකසාගත් මීයාගේ ඇඟ කොටසට මෙම හිස කොටස අලවාගන්න.
අඟල් 3 ප්‍රමාණයේ කම්බි කැබැල්ලක් ගෙන එය වටා ගෝණි නූල් ඔතා මීයාගෙ වලිගය හැඩයට සකසා අලවාගන්න.
අඟල් 7×7 ප්‍රමාණයේ ගෝණි රෙදි කැබැල්ල ගෙන පතරොම් ප්‍රමාණයට කන් කොටස් 2ක් කපාගන්න. එය අලවන විට රූපයේ පරිදි කන හැඩකර අලවාගන්න.
මීයාගේ මුහුණට ඇස් සහ නාසය අලවාගන්න. නාසය දෙපසට අඟලකින් යුතු ගෝණි නූල් කොටස් 6ක් කපා මුවේ කෙඳි සේ අලවාගන්න.
ඉතින් අද අපි අරන් ආවේ ඔයාටම තනියම හදාගන්න පුළුවන් ලස්සන බිත්ති සැරසිල්ලක්. මේකේ ඔයාට යතුරු, අත්පිස්නා, හැඳි වගේ දේවල් එල්ලන්න පාවිච්චි කරන්න පුළුවන්.
Tharunie
පුංචි පුතා ඇඳන් ඉන්නේ අපූරු බතික් ෂර්ට් එකකි. බතික් ඇඳුමක් දකිද්දී මතක් වෙන්නේ සිංහල අලුත් අවුරුද්දයි. ඒත් ඉතින් එහෙම කියලා දැන් කාලේ විශේෂ වන්නෙත් නැහැනෙ. මේ දවස් වල බතික් වලට වැඩි ඉල්ලුමක් තියෙන නිසා ඔබටත් බතික් රෙද්දක් මිලදී ගෙන ඔබේ පුංචි පුතාට මේ විදිහට බතික් ෂර්ට් එකක් මසාදෙන්න පුළුවන්.
කාලයේ තාලයට මැවෙන විලාසිතා විවිධයි. ඒ අතර ඇඳුම් විලාසිතාවලට ප්‍රමුඛස්ථානයක් හිමිවේ. එහෙත් වෙළඳ පොළේ ඇති ඇඳුම් මිල දී ගැනීමේදී මුදල් පසුම්බිය ගැන දෙවරක් නොව කිහිපවරක්ම සිතන්නට වෙනවා. ඔබ සොයනා විලාසිතාව ඒ අතර නොවන්නත් පුළුවන්. එහෙත් මැහුමට ගෙතුමට දක්ෂ ඔබට එය එතරම් ගැටලුවක් නොවේවී. අද අපි ඔබට ලබා දෙන මේ තට්ටු ගවුම් විලාසිතාව මසා ගැනීම හරිම පහසුයි. අමතර පන්ති යන දියණියට කදිමයි.
* උරහිස අඟල් 15 1/2
* කර වට අඟල් 15
* ඉණ දක්වා උස අඟල් 16
* පපුව වට අඟල් 36
* ඉණ වට අඟල් 31
* සාය උස අඟල් 24
* අත උස අඟල්18
* කැප් උස අඟල් 5
* අත අගවට අඟල් 9
* පතරොමේ අත්කට අඟල් 12
* කප් උස අඟල් 3
මෙම ඇඳුම් නිර්මාණය සඳහා බ්ලවුසය හා සාය කොටස වෙන වෙනම සාදා ගත යුතුයි. සාය සඳහා තට්ටු සාය භාවිතකර ඇත.
මුලින් බ්ලවුසය සාදා ගන්න.
පතරොම සාදා ගැනීම සඳහා බලවාටියට තබාගන්න. බලවාටියේ සිට අඟල් 2ක් තබා නැම්ම රේඛාව අඳින්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2 ක් එකතු කර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 3/4 ක් පහත්කර A ලක්ෂ්‍ය යා කරන්න. එය AC වේ.
කර වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අඳින්න.
අවශ්‍ය කර ගැඹුර පහත්කර කර අඳින්න.
E සිට පහතට ඉණ දක්වා උස පහත්කර හරහට රේඛා අඳින්න.
අත්කට රේඛාවට උස සෙවීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාවයි.
අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි හා බුරුල සඳහා එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය FG වේ.
ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල සඳහා මැහුම් වාසි එකතු කර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ.
GI යාකර අංශය අඳින්න.
අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍ය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2 අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍ය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍ය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.
බ්ලවුසයේ ඉදිරිපසට විවරය සඳහා ෆිල් අල්ලා ඇත. එය වෙනම පටියක් ගෙන රැලිකර ඇල්ලිය යුතුයි .
ඉදිරිපස විවරය සහිත නිසා පසුපස පතරොම නැම්මට තබාගන්න. ඉදිරිපස පතරොම නැම්මේ සිට අඟල් 1/2ක් අඩුවෙන් තබා ගන්න. ඉදිරිපස උරහිසට සමාන්තරව අඟල් 1ක් උසින් වැඩි කරන්න. පසුපස කර ගැඹුර අඟල් 1 1/2ක් පහත්කර කර අඳින්න.
සාය සඳහා තට්ටු සාය භාවිතකර ඇත. එය තට්ටු 2ක් හා ෆිල් එකක් භාවිතකර මසා ඇත. පළමු තට්ටුව සඳහා උස වැඩිපුරත් දෙවැනි තට්ටුව සඳහා උස අඩුවෙනුත් භාවිතකර ඇත. ඒ සඳහා සාය උස අනුව තට්ටු දෙකේ උස වෙන්කර ගන්න.
පළමු තට්ටුව සඳහා ඉණ වට මිම්මට වඩා අවශ්‍ය රැලි සඳහා එකතුකර පළල ලෙස ගන්න. උසට මැහුම් වාසි එකතුකර උස ලෙස ගන්න.
දෙවැනි තට්ටුව සඳහා පළමු තට්ටුවේ පළල ද රැලි සඳහා අවශ්‍ය ප්‍රමාණය ද එකතුකර දිග ලෙසද උසට මැහුම් වාසි එකතුකර උස ලෙසද ගෙන රෙදි කපාගන්න.
දෙවැනි තට්ටුවට අල්ලා ඇති ෆිල් එක සඳහා ද අවශ්‍ය උස හා මැහුම් වාසි ද පළලට පළමු තට්ටුවේ පළල හා රැලි සඳහා එකතුකර රෙදි කොටස කපාගන්න.
අතට කප් එක යොදා ඇති නිසා කප් උස අඩුකර අතේ උස ගන්න. අත සඳහා අවශ්‍ය රෙදි කොටස නැම්මට තබා ගන්න. ඉහළින් රේඛාවක් අඳින්න. නැම්මෙ උඩ සිට පහතට කැප් උස පහත් කරන්න. එය AB වේ. හරහට රේඛාව අඳින්න. A සිට පහතට උස පහත් කරන්න. එය AC වේ. හරහට රේඛාව අඳින්න. එය වාටිය නැම්ම රේඛාවයි. වාටිය රේඛාව සඳහා මැහුම් වාසි තබා වාටිය රේඛාව අඳින්න. පතරොමේ අත්කට ප්‍රමාණය A සිට හැඩේට ලකුණු කරන්න. එය AD වේ. එම රේඛාවේ මැද ලක්ෂ්‍ය ලකුණුකර අත්කට වක්‍රය අඳින්න. අත අගවට ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි එකතුකර වාටිය නැම්ම රේඛාවේ හරහට ලකුණු කරන්න. එයB E වේ. ED යා කරන්න.
කප් එක සඳහා අවශ්‍ය උසට හා පළලට ස්ටිෆ් එකක් කපා එය තබා රෙදි කැපීමේදී රෙදි කොටස දෙගුණයක් වන ලෙස මැහුම් වාසි තබා කපාගන්න.
මෙලෙසින් මසා ගනිමු
* මැදට ඉදිරිපස පලුවේ ෆිල් කොටස් අල්ලා ගන්න.
* උරහිස මසන්න.
* අත අල්ලා ගන්න.
* සාය රැලිකර අල්ලා ගන්න.
* පසුව ඉණට අල්ලන
* අංශය මසන්න.
* අතේ කප් කොටස අල්ලා ගන්න.
Tharunie
මේ ක්‍රොස් ඕවර් බ්ලවුසයකි.
කාලයේ තාලයට විලාසිතා සොයනා දියණියන්ට කදිමයි. ඩෙනිම් කලිසමකට ගළපාගෙන ඇඳිය හැකියි. යෙහෙළියන් සමඟ විනෝදවීමේ දී, අමතර පන්ති යාමේදී එහෙමත් නැත්නම් පුංචි සාදයකට වුව මෙය ඇඳගෙන යා හැකියි.
මේ බ්ලවුසයට මෙන්න අවශ්‍ය මිමි:-
* උර හිස අඟල් 15 1/2
* කර වට අඟල් 14
* ඉණ දක්වා උස 17
* පපුව වට අඟල් 39
* ඉණ වට අඟල් 32
* අත උස අඟල් 17
* කැප් උස අඟල් 4
* අතඅග වට අඟල් 9
* පතරොමේ අත්කට අඟල් 10
* කප් උස අඟල් 3
මෙම ක්‍රොස් බ්ලවුසයකි සඳහා ඔබට ගැළපෙන රෙදි වර්ගයක් තෝරා ගන්න පුළුවන්. ඇඳුම සඳහා මිමි ගැනීමේදී මඳක් බුරුලට මැන ගන්න.
බ්ලවුසය සාදා ගැනිම සඳහා නැම්මට තබා ගන්න. ඉහළින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම්වාසි අඟල් 1/2 ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AB වේ. B සිට අඟල් 1 3/4
ක් පහත්කර A ලක්ෂයට යා කරන්න. එය AC වේ.
කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මුලික කර අඳින්න.
E සිට පහතට ඉණ දක්වා උස පහත්කර හරහට රේඛා අඳින්න.
අත්කට රේඛාවට උස සෙවීම සඳහා උරහිස ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රේඛාවක් අදින්න. එය අත්කට රේඛාව යි.
අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි හා බුරුල සඳහා එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න එය FG වේ.
ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට බුරුල සඳහා හා මැහුම් වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ.
GI යාකර අංශය අඳින්න.
අත්කට වක්‍රය ඇඳීම සඳහා C සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍ය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2 අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍ය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂය කැපීයන සේ රේඛාවක් ඇද අත්කට වක්‍රය අදින්න.
පසුපස
පසුපස සඳහා ද නැම්මට තබාගන්න. ඉදිරිපස පතරොම ගාණට තබා ගන්න. ඉදිරිපස උරහිසට සමාන්තරව අඟල් 1ක් උසින් වැඩි කරන්න. පසුපස කර ගැඹුර අඟල් 1 1/2 ක් පහත්කර කපාගන්න .
අත
අත සඳහා රෙදිකොටස නැම්මට තබා ගන්න. ඉහළින් රේඛාවක් අඳින්න. නැම්මේ උඩ සිට පහතට කැප් උස පහත් කරන්න. එය AB වේ. හරහට රේඛාව අඳින්න. A සිට පහතට උස පහත් කරන්න. එය AC වේ. හරහට රේඛාව අඳින්න. එය වාටිය නැම්ම රේඛාව යි. වාටිය රේඛාව සඳහා මැහුම් වාසි තබා වාටිය රේඛාව අඳින්න. පතරොමේ අත්කට ප්‍රමාණය A සිට හැඩේට ලකුණු කරන්න. එය AD වේ. එම රේඛාවේ මැද ලක්ෂ්‍ය ලකුණුකර අත්කට වක්‍රය අඳින්න. අත අග වට ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි එකතුකර වාටිය රේඛාවේ හරහට ලකුණු කරන්න. එයB E වේ. ED යාකරන්න.
අත අග රැලි කරන්නේනම් රැලි සඳහා අඟල් 2ක් පමණ එකතුකර ගන්න. එය F රේඛාවෙන් පෙන්වා ඇත.
අත අගට කප් එක යොදන්නේ නම් අතේ උසින් එම උස අඩුකර අත සාදා ගන්න. කප් එක සඳහා අවශ්‍ය උසට හා අත අග මිම්මේ දිගට මැහුම්වාසි එකතුකර ගන්න. අවශ්‍ය උස මෙන් දෙගුණයකට රෙදි කපාගන්න.
කරට ඇති බැන්ඩ් කොටස සඳහා බයස් පටියක් භාවිත කරන්න. එය ත්‍රිකෝණාකාරව නවා අඟල් 1 1/2 පමණවන ලෙස උසද කරවට ප්‍රමාණය මැන එම ප්‍රමාණය ට දිගද ගන්න.
මෙන්න මෙහෙම පියවරෙන් පියවර මසා ගනිමු.
* උරහිස මසන්න.
* අත අල්ලාගන්න.
* කරට බයස් පටිය අල්ලාගන්න.
* අංශය මසන්න.
*වාටිය මසන්න.
Tharunie
සරල බවට පහසුවට වටිනාකමක් දෙමින් අඳින පලඳින ඔබට කියාපු ගවුමකි. මේ ගවුම මසා ගැනීමට තෝරා ගන්නා රෙද්දේ වර්ගය අනුව ඕනෑම අවස්ථාවක් සඳහා ගළපා ගත හැකියි.
තරුණීට ළෙන්ගතු ආදරණීය ඔබට මේ ගෙන එන්නේ තවත් අපූරු අත්කම් නිර්මාණයකි. බලන්න අතු මත වසා සිටින මේ අපූරු කුරුලු ජෝඩුව දෙස... සොබාදහම මොනතරම් විස්මයජනක ද?
පුංචි පුංචි තිත් වැටිච්ච පුංචි මුවෙක් මං. සිවුපා ලෝකයේ අහිංසක මුව පැටවුන්ට කවුද අකමැති?
දුටු පමණින් නෙත් සිත් වශී කරගන්නා ආකර්ෂණීය දසුන්වලට හිමිකම් කියනා කතිර රටා පෙළක අලුත් ආරම්භයයි මේ.
කාලෙන් කාලෙට විලාසිතා ලෝකය අලුත් වෙනවා. ඕනෙම කෙනෙක් මේ විලාසිතා කරන්න ආසයි. නවීන පන්නයේ විලාසිතාවකින් හැඩවෙන්න රුචි ඔබටමයි මේ ඇඳුම් විලාසිතාව.
මෙහිදී පින්තූරයේ වර්ණම භාවිත කළ යුතු නැත. ගැළපෙන ආකාරයට වෙනත් වර්ණවල පටි භාවිතකර අවසන් කරගන්නත් පුළුවනි.
Page 1 of 22