කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල බස් ප්‍රමුඛතා මංතීරු නීතිය අද (29) සිට යළි ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ.
ඒ අනුව උදෑසන 6 සිට 9 දක්වා කාලයේ සහ පස්වරු 4 සිට 7 දක්වා කාලය තුළ මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩපිළිවෙළ අද සිට හඳුන්වා දෙන බවයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ.