Monday, February 16, 2026
Follow Us
අද දිනයේ විදුලිය කප්පාදු නොකරන බව විදුලිබල අමාත්‍යාංශය කියයි

අද පස්වරුවේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

ඒ, පෞද්ගලික විදුලි බලාගාරයක හටගත් දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත් කිරීම හේතුවෙන්.

එම විදුලි බලාගාරයේ පැවති දෝෂය හේතුවෙන් කලාප වශයෙන් අද පස්වරුවේ සිට පැයක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමටයි විදුලිබල අමාත්‍යාංශය මීට පෙර සැලසුම් කර තිබුණේ.

කෙසේවෙතත් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක හටගත් දෝෂය මෙතෙක් යථාතත්ත්වයට පත් කර නැහැ.

ලංකා විදුලිබල මණ්ඩලයේ ජේ්‍යෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ සදහන් කළේ බලාගාරවල සිදුවන හදිසි බිද වැටීම් කඩිනමින් යථාතත්ත්වයට පත්කළ නොහැකි බවයි.

(Neth)