මින් ඉදිරියට විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින විදුලිබල අමාත්‍යංශය පවසනවා. ඒ අනුව කලින් සැලසුම් කළ විදුලිය කප්පාදු කිරීමේ සැලසුම අවලංගු කිරීමටයි එම අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් අවශ්‍ය ඉන්ධන තොග ලබාදීමට එකගතාව පළ කර ඇති බව විදුලිබල අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති නෙත් නිවුස් වෙත කියා සිටියා.
විදුලි සැපයුමට ප්‍රමුඛතාව ලබාදී අදාළ ආයතන සමග කටයුතු කරන බව ද විදුලිබල අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති වැඩිදුරටත් සඳහන් කළා.
(Neth)