Thursday, April 25, 2024
Follow Us
Kids

මලකින් සුසිනිඳු මල් පෙත්තක් ගිලිහී යද්දී මල හඬා වැටෙන්නට ඇති. එසේම පවුලේ පුංචි මල් කැකුළක් පිළිකා ‍ෙරා්ගයට ගොදුරු වූයේ නම්....

Kids

නාලන්දයේ පුංචි විද්‍යාඥයා ලෝකය හොල්ලයි..

Kids

Kids

"මට වැඩට එන්න වෙන්නේ බබා daycare දාලා"

" මම කලින්ම බබාව Nursary දැම්මා. Nursery ඉවරවෙලා බබා daycare එකේ ඉන්නවා. මට වැඩට එන්න වෙන විකල්පයක් නැහැනේ ඉතින්"

"අම්මා ඉන්න නිසා මට නම් බබාව ගෙදරම තියලා එන්න පුළුවන්, දෙයියන්ගේ පිහිටෙන්"

ඔෆිස්වල අම්මලා මේ වගේ කතාබහක නියැළෙද්දි අපි හිතන්නේ පුංචි පැටියට සුරක්ෂිතම තැන නිවහන කියලා.

ඒත් ඔබ දන්නවාද ඔබේ නිවෙස ඇතුළෙදීත් ඇහිපිය ගහන සැණින් වුණත් පුංචි පැටියට අනතුරක් වෙන්න පුළුවන් කියලා.

නිවෙසේදී පුංචි පැටියට විය හැකි අනතුරු හා ඒවා වළක්වා ගන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් බලමු.

ඇ⁣ඳේ නිදි කරවීම

අම්මට එහෙම නැත්නම් බබා බලාගන්න කෙනාට නිවෙසේ වැඩ ගොඩක් තියෙන නිසා බබාව ඇඳේ නිදි කරවලා ගියා. ටිකකින් ආපහු ඇවිල්ල බලද්දි බබා බිමට වැ⁣ටිලා. ඇඳක් උඩ බබාව නිදි කරවලා යන එක භයානකයි. තොටිල්ල ඇතුළේ එහෙමත් නැත්නම් පැදුරක් දාලා බිම නිදි කරවන එක ආරක්ෂිතයි.

උණු දේවල් සහිත බඳුන්වලට ළංවිය නොහැකි ලෙස තැබීම

නිවෙසට අමුත්තෙක් ආවහම උණු උණුවේ ම තේ එකක් පිළිගන්වන එක අපේ සිරිතක්. අමුත්තා එක්ක කතා කර කර ඉද්දි දන්නෙම නැතුව දරු පැටියා මේසේ ළඟට ඇවිත් මේසේ රෙද්ද අදිනවා. කියනකොටත් බය හිතෙනවා. උණු දියර සහිත බඳුන් දරුවාට ළංවිය නොහැකි සේ ප්‍රවේශමින් තැබීම කළ යුතුයි.

දරුවා නාවන්න ගන්න බේසමට උණු වතුර විතරක් දාලා යන එක භයානකයි. අනාරක්ෂිතව තැබූ බේසමක ඇති වතුර ස්වල්පයකට පවා කුඩා දරුවාගේ ජීවිතය බිලි ගත හැකියි. ඒ නිසා දරුවන් නෑවීමේදී හැම විටම අවධානයෙන් කටයුතු කරන්න.එසේම ඔබේ නිවෙසේ අසල ඇති අනාරක්ෂිත ළිං පොකුණු වැනි දෑ වසා තබන්න.

උගුරේ, නාසයේ, කනේ හිර කරගන්න දේවල්

කුඩා පබළු බොත්තම් නාසයේ, කනේ මෙන්ම කඩල, රටකජු සහ රඹුටන් ඇට වැනි දේ උගුරේ සිර වී දරුවාට ජීවිතය අහිමි වී යා හැකියි. ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා යොදා ගන්නා කුඩා බැටරි ඉතා විස සහිත බැවින් ඒවා හැම විටම දරුවන්ගෙන් ඈත් කර තබන්න.

ඖෂධ වර්ග දරුවන්ගෙන් ඈත්කර තබන්න

වැඩිහිටියන් භාවිත කරන ඖෂධවලින් දරුවාට හානි සිදු විය හැකියි. වැඩිහිටියන් මෙන්ම දරුවන් සඳහා ද නියම කර ඇති ඖෂධ දරුවන්ට ගත නොහැකි සේ අගුළු දැමූ සුරක්ෂිත ස්ථානයක තබන්න.

උස් ස්ථානවලින් ඇද වැටීම

උස් ස්ථානවලින් වැටීම නිසා අතපය බිඳීම පමණක් නොව කොන්දට සහ හිසට හානි වී ජීවිත කාලයටම ආබාධිත විය හැකියි. ඒ නිසා දරුවන් ගස් නැගීම උස් ස්ථානවලට නැගීම වැනි දෑ කරන විට හොඳ අවධානයෙන් ඔවුන් අසල ම රැඳෙන්න.

ලිස්සා වැටීම

තෙත පොළොව ලිස්සනසුලුයි. හැමවිටම පොළොව වියළිව තබා ගන්න. තැන තැන දමන සෙල්ලම් බඩු නිසා දරුවන් අනතුරට ලක් විය හැකි බැවින් නිසි පරිදි අසුරා තබන්න.

මුවහත් උපකරණ භාවිතය

පුංචි දරුවන්ගේ හසුරු කුසලතා දියුණු කරන්න කතුර භාවිත කරලා කොළ කපන්න පුරුදු පුහුණු කළ යුතුයි. කතුරු, පිහි වැනි උල් මුවහත් උපකරණ භාවිත කිරීමේදී වැඩිහිටියන්ගේ අධීක්ෂණය යටතේ පමණක් භාවිත කළ යුතුමයි.

සුරතල් සතුන්ගෙන් විය හැකි අනතුරු

පුංචි දරුවෝ සුරතල් සතුන්ට හරිම කැමැතියි.එය මනස සුවපත් කිරීමක්. සුරතලේට ඇති කරන බල්ලන් පූසන් වුවද දරුවන්ව දරුණු ලෙස සපාකෑම හෝ සීරීම සිදු කළ හැකියි. සෑම දෙනාගේම ආරක්ෂාව පතා ඔබේ සුරතලාට නිසි එන්නත් ලබා දෙන්න.

ගින්දර සමඟ සෙල්ලම්

ඉටිපන්දම්, පහන් සහ ළිප්වලින් එන ගින්දර සමඟ සෙල්ලම් කිරීමට ඉඩ නොදෙන්න. ගින්දර පැතිරී දරුණු ලෙස අනතුරු සිදු විය හැකියි. රත්වුණු ඉස්ත්‍රික්ක, උණු භාජන දරුවාට ළඟා විය නොහැකි සේ ප්‍රවේශම්ව තබන්න.

ඔන්චිලි පදින්නේ බලාගෙනයි

ඔන්චිල්ලාවේ ලණුව පමණක් නොව සිනිඳු සාරි පොට පවා දරුවකුගේ බෙල්ල වටා එතී තදවීම නිසා ඔවුන්ගේ ජීවිතයට පවා හානි විය හැකියි. දරුවන් එවැනි ක්‍රීඩා කරන විට දැඩි අවධානයෙන් ඔවුන් අසල ම රැඳෙන්න.

විදුලි සැර වැදීම්

ඇතැම් විදුලි පේනුවලට පෑනක් ගසා ක්‍රියාත්මක කරන බව දරුවා දකිනවා. දරුවා මේ දේම කරන්න ගියොත් විදුලි විදුලි සැර වදින්න පුළුවන්. අනාරක්ෂිත විදුලි පේනු ආරක්ෂිත වැස්මක් යොදා වසා තැබීමට කටයුතු කරන්න.

ගස්වල ඇති විෂ සහිත ගෙඩි කෑවොත්

ගස්වල පාට පාට ගෙඩි දැක්කම ඒවා දරුවන්ට කන්න හිතෙන්න පුළුවන්. සමහර ගස් වල ඇති විවිධ පාට ගෙඩි සහ කොළ උග්‍ර විෂ සහිතයි. ඒ නිසා හැම ගසකම ඇති ගෙඩි වර්ග වැඩිහිටියකුගෙන් නොඅසා ආහාරයට ගැනීම හානිකර බව දරුවාට කියා දෙන්න.

හැංගිමුත්තන් සෙල්ලම්

හැංගිමුත්තන් සෙල්ලම් කරන්න ආස දරුවෝ ගෙයි ඇති හැම අහු මුල්ලකම හැංගෙනවා. කබඩ් වැනි ස්ථානවල සැඟ වී දිගු වේලාවක් හිර වී සිටීම නිසා හුස්ම ගැනීම අපහසු වී ජීවිත හානි පවා සිදු විය හැකියි. නිවෙසේ ඇති අල්මාරි, කබඩ් වැනි දෑ දරුවන්ට ඇතුළු විය නොහැකි සේ නිතරම අගුළු ලා තබන්න අමතක නොකරන්න.

රූපවාහිනී, පරිගණක වැනි දෙයක් ඇඟට පෙරළුණොත්

රූපවාහිනී, පරිගණක වැනි උපකරණ පහසුවෙන් දරුවකුගේ ඇඟ මතට පෙරළීමට නොහැකි වන සේ ඉතාම ප්‍රවේශමෙන් තැබීමට සැලකිලිමත් වෙන්න. ඒවාහි වයර් බිම ගෑවි ගෑවි තියෙද්දි දරුවෝ ඇදලා ඇඟට පෙරළගන්න පුළුවන්.

ඔබ දන්නවාද?

** වසරකට ශ්‍රී ලංකාවේ දරුවන් අතරින් 269,000 කට ආසන්න ප්‍රමාණයක් විවිධ හදිසි අනතුරු නිසා රෝහල්ගත වන බව

** එසේ සිදු වන අනතුරු අතරින් සියයට හැටකට අධික ප්‍රමාණයක් දරුවාගේ නිවෙස තුළදීම සිදුවන බව

** දරුවන් හට සිදු වන අනතුරු අතර බහුලවම දක්නට ඇත්තේ උස් ස්ථානවලින් ඇද වැටී මිය යෑම්ය. එයට පසුව වාර්තා වී ඇත්තේ සත්ත්ව සපාකෑම් ය. මේ හැරුණු කොට බර සහිත උපකරණ ඇඟ මත වැටීම, පිලිස්සීම්, විෂ ශරීරගත වීම්, විවිධ ද්‍රව්‍ය උගුරේ හිරවී හුස්ම ගැනීමේ අපහසුතා මෙන්ම දියේ ගිලීම් ද වාර්තා වන බව

** ඒ හැමදේටම වඩා මේ අනතුරු අතරින් බහුතරයක් සිදු වී ඇත්තේ වැඩිහිටියකුගේ අධීක්ෂණය ගිලිහුණු ඇසපිය හෙළන තරම් සුළු මොහොතකදී බව

** එසේම සිදුවී ඇති අනතුරු අතරින් සියල්ලක්ම පාහේ වැඩිහිටියකුගේ ඉතාම සුළු අවධානයක් අධීක්ෂණයක් පවත්වා ගත්තේ නම් වළක්වාගත හැකිව තිබූ බව

ඉදිරිපත් කිරීම :

ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මනෝරි ගමගේ සහ ළමා රෝග විශේෂඥ වෛද්‍ය

කල්‍යාණි ගුරුගේ

Tharunie

Kids

Kids

Kids

එංගලන්තයේ සහ වේල්සයේ ක්‍රියාත්මක වන සත්ව සුබසාධනය සඳහා වන වාර්ෂික රාජකීය සම්මාන උලෙළේදී හොඳම තරුණ ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය දිනා ගැනීමට අවුරුදු 8ක දැරියක් සමත් වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

Kids

Kids

Kids

තායිලන්තයේ සෂිකට් ප්‍රාන්තයේ පසුගිය 12 වැනිදා සිට  18 දක්වා පැවති බටහිර තූර්ය වාදන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ මහනුවර සීතා දේවී බාළිකා විද්‍යාලයේ සිසුවියන් එම තරගාවලියේ දෙවන ස්ථානයට හිමි රිදී පදක්කම දිනා ගෙන ඊයේ (18) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබුණි .

Kids

Kids

Kids

A ten-year-old bowler from Colombo Hindu College Selvasakaran Rishiyudhan is making waves in the cricket world with his outstanding bowling performance in Sri Lanka Schools Cricket Association (SLSCA) Under 13 Division II tournament match against MDH Jayawardene MV Battaramulla.

Kids

Kids

Kids

Sixty-two talented young are excited to represent Sri Lanka and participate at the UCMAS International Competition to be held in Kuala Lumpur, Malaysia on 3 December. 

Kids

Kids