Tuesday, September 29, 2026
Follow Us
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙට අලුතෙන් එක් වන ගේට්ටු

දැනටමත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04ට අමතරව තවත් ගේට්ටු 08 ක් සහිතව සම්පූර්ණ ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 12 ක් විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් මිල දී ගැනීමේ හා ස්ථාපනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

 
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු 04 ක් මිල දී ගෙන සවි කිරීමට 2025-05-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත.
 
තව ද, 2027 වර්ෂයේ දී හඳුන්වා දීමට නියමිත ඊ - පාස්පෝට් නිකුත් කිරීමේ ක්‍රියාවලියට සමගාමීව, මෙතෙක් ශ්‍රී ලාංකිකයින් සඳහා පමණක් සීමා වී තිබූ ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු පහසුකම මේ රටට පැමිණෙන සහ මේ රටින් පිටවන විදේශිකයින් සඳහා ද භාවිත කළ හැකි පරිදි ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරනු ලැබේ.
 
එමෙන්ම, ව්‍යාපාරික හා සංචාරක ක්ෂේත්‍රයේ සීඝ්‍ර ප්‍රගමනය සමඟ අඛණ්ඩව ඉහළ යන ගුවන් මගීන් සංඛ්‍යාව ද සැලකිල්ලට ගෙන මුළු ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු ප්‍රමාණය 12 ක් දක්වා වැඩි කිරීමේ යෝග්‍යතාව ද හඳුනාගෙන තිබේ.