ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයේදී ඊයේ පස්වරුවේ පැවැති විශේෂ ආශිර්වාද පූජාවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වුණා. එම විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා ධාතු මන්දිරය වැඳ ආශිර්වාද ලබාගැනීමෙන් පසු විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදැක කෙටි පිළිසඳරක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
රට තුළ පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමට ද යම් බලපෑමක් එල්ලවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. කෙසේවෙතත් රටතුළ ඖෂධ හිඟයක් ඇති නොවීම සඳහා වැඩපිළවෙලක් සකස් කරමින් ඇති බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත සඳහන් කළේ.
President Gotabaya Rajapaksa attending the event in which he was awarded the Honorary Title of “Sri Lankadheeshwara Padmavibhushana” by the Sri Kalyani Samagridharma Maha Sangha Sabha at Kotte yesterday (02) said he is capable of bearing insults posed by certain people with equanimity.
දේශීයව නිෂ්පාදනය කරන මත්පැන්වලට අද සිට නව ආරක්ෂිත ලේබලයක් හඳුන්වා දෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එහි මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේ එම මත්පැන් බෝතල් සහ කෑන් මත ස්ටිකරය අලවන බවයි.
බස් ගාස්තු මෙන් දුම්රිය ගාස්තු ද වැඩි කළ යුතු බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා. දුම්රිය දෙපාර්තමේන්තුව දිගින් දිගටම පාඩු ලබන බැවින් එම තත්ත්වය මගහරවා ගැනීම සඳහා දුම්රිය ගාස්තු ද වැඩි කළ යුතු බවට සිය දෙපාර්තමේන්තුව ප්‍රවාහන බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද සිදු කර ඇති බවයි ඔහු සඳහන් කළේ.
රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි රාජකාරිය සඳහා වාර්තා කිරීම මෙන්ම නැවත පාසැල් විවෘත කිරීම හේතුවෙන් අද සිට ධාවනය කෙරෙන ලංගම බස් රථ සහ කාර්යාල දුම්රිය ප්‍රමාණය ඉහළ දමා තිබෙනවා. ලංකා ගමන ගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ බස් රථ 5,000 කට අධික සංඛ්‍යාවක් දෛනිකව ධාවනයට එක්කරන බවයි.
පුරප්පාඩු පවතින ජාතික පාසැල්වල විදුහල්පති තනතුරු 92 ක් සඳහා මේ වන විට සම්මුඛ පරීක්ෂණ බොහොමයක් සිදු කර අවසන් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා නෙත් නිවුස් වෙත පැවසුවේ ඉතිරි සම්මුඛ පරීක්ෂණ අවසන්වූ වහාම එම ජාතික පාසැල්වල පවතින විදුහල්පති පුරප්පාඩු පියවීමට කඩිනමින් පියවර ගන්නා බවයි.
2022 වර්ෂයේ පළමු පාසැල් වාරය අදින් ආරම්භ වනවා. පාසැල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව පාසැල් කටයුතු පවත්වාගෙන යා යුතු බවට බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ.
රට තුළ පවතින තත්ත්වය හමුවේ විදුලි ජනනය සඳහා වැයවන පිරිවැය ද ඉහළ ගොස් ඇතැයි විදුලිබල අමාත්‍යංශය පවසනවා. කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන බවයි විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ.
Jayasundara says that after his retirement on January 31st from his post as the Secretary to the President, he will not accept any government position or advisory position.
Page 241 of 641