Monday, February 16, 2026
Follow Us
ඉදිරි තුන් වසර ගැන බලාපොරොත්තු තබන්න - අගමැති කියයි

කොරෝනා වසංගතය හේතුවෙන් අහිමිව ගිය දෙවසර අමතක කර ඉදිරි තුන් වසර පිළිබඳ අපේක්ෂා තබන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

සෑමවිටම භාරගත යුත්තේ අතීතය නොව අනාගතය බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය දෙවන අදියරේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

අදියර 03 ක් යටතේ සිදුකෙරෙන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් 2024 වසරේදී අවසන් කිරීමට නියමිතයි.

හෙක්ටයාර 75 ක භූමි ප්‍රමාණයක විහිදී ඇති එහි දිග මීටර් 1320 ක්. වැඩ නිමවීමෙන් පසු නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් සිදුකරන එස් ටී සී දොඹකර 12 ක් සහ රේල්පීලි මත දිවෙන ග්‍රැන්ටි දොඹකර 40 ක් සමග අංග සම්පූර්ණ පර්යන්තයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවීමට නියමිතයි.

ඒ සඳහා වැය කිරීමට අපේක්ෂික මුළු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 510 ක් බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.

(Neth)