Monday, February 16, 2026
Follow Us
අපි ඉතාම උපක්‍රමශීලියි.සති කිහිපයකින් ප්‍රශ්න විසඳෙයි – ජොන්ස්ටන්

ඩොලර් ප්‍රශ්නය කොවිඩ් 19 අර්බුදය නිසා ඇතිවූවක් වන අතර ප්‍රමාණවත් පරිදි විදේශ විනිමය නොලැබුණු නමුත් ඉදිරි සති කිහිපයකදී මෙම ප්‍රශ්න විසඳෙනු ඇති බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ (12) කොහුවල ගුවන් පාලම ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කොවිඩ් 19 හේතුවෙන් රට විරුවන් එක්ලක්ෂ හැට අටදහසක් නැවත රටට ගෙන ආ අතර නැවත එක්ලක්ෂ විසිදහසක් ගොස් ඇති හෙයින් සති කිහිපයකින් පවතින ප්‍රශ්න විසඳෙනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඉතාම උපක්‍රමශීලි ආණ්ඩුවක් ලෙස මුලින්ම කිරීමට තිබුණේ ජනතාවගේ ජීවිත බේරාගැනීම බව හෙතෙම සඳහන් කළේය.

එම නිසා ඩොලර් වියදම කර එන්නත් ගෙන ආ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

(LNW)