Monday, February 16, 2026
Follow Us
ගෑස් නියාමනයට විශේෂ ගැසට්ටුවක්

ගෑස් ගැන ගත් අලුත්ම තීරණය


එල්.පී. ගෑස් ආනයනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් ප්‍රමිති සකස් කිරීම සහ නියාමනය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට බලය පවරා තිබේ.

ඒ සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

එම අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව එල්.පී. ගෑස් ආනයනය, ගෑස් සිලින්ඩර, රෙගියුලේටර් සහ වෑල් ආදි සියලුම දේවල් සම්බන්ධයෙන් ආනයනය සහ බෙදාහැරීමේ ප්‍රමිති සකස් කිරීම සහ නියාමනය කිරීමේ බලය ප්‍රමිති ආයතනයට හිමිවේ.

(Aruna)