Monday, February 16, 2026
Follow Us
රට තුල ඖෂධ හිඟයක් ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා

රට තුළ පවතින ඩොලර් හිගය හේතුවෙන් ඖෂධ හිගයක් ඇතිවීමේ අවදානමක් පැවතිය ද එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඇතැම් පාර්ශව පවසන ආකාරයේ ඖෂධ හිගයක් මේ මොහොතේ රට තුළ නොමැති බවයි.

හිග ඖෂධ වර්ග පිළිබඳ දෛනිකව සොයා බලමින් ඒවා කඩිනමින් ගෙන්වා ගැනීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන වැඩිදුරටත් පෙන්වා දුන්නා.

(Neth)