Tuesday, February 17, 2026
Follow Us
කොළඹ පාසල්වල අද සිට විශේෂ එන්නත්කරණ වැඩසටහනක්

මෙරට එන්නත්කරණ වැඩසටහනේ තවත් සුවිශේෂී අවස්ථාවක් අද ආරම්භ වනවා. ඒ, වයස අවුරුදු 12 ට වැඩි සියලු පාසැල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම ආරම්භ කරමින්. අද සිට පළමු අදියරේදී එන්නත්කිරීම් සිදුවන්නේ කොළඹ මහා නගරසභා සීමාව තුළ පිහිටි පාසැල්වලයි.

එහිදී එන්නත් ලබාගැනීමට සුදුසුකම් ලබන්නේ 2010 වසරේ ජනවාරි මස 07 වනදාට පෙර ඉපදුණු සියලුම දරුවන්ටයි. අද සිට ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩසටහන පිළිබඳව පාසැල් සෞඛ්‍ය කාර්යාලයේ ආයතන භාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය ටී එම් ජයලත් අදහස් පළ කළා.

පාසැල් දරුවන් එන්නත්කරණ වැඩසටහන යටතේ කොළඹ නගරයේ තත්ත්වය සැලකීමේදී මුස්ලිම් පාසැල් ඉදිරියෙන් සිටින බව පාසැල් සෞඛ්‍ය කාර්යාලයේ ආයතන භාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය ටී එම් ජයලත් ඊයේ පැවසුවා.

(Neth)