Sunday, February 25, 2024
Follow Us
Stories
අසලි මල... කෝ කෝ ඉක්මනට නැගිටින්න, school යන්නෙ නැද්ද අද
අනේ අක්කා චුට්ටක් ඉන්න දෙනවකෝ මෙහෙම... ඇයි දෙයියනේ මෙච්චර ඉක්මනට එලි වුණාද..?

Stories

පරිගණකය ඇගේ අණට ක්‍රියාත්මක විය. එය පසෙකින් තැබූ ඇය දෑත් දෙපසට විහිදුවා ඇඳේ හිඳ මහ හඬින් සුසුමක් හෙලුවාය.
" එහෙම වෙන්නෙ කොහොමද? " ඇය නැවත නැවතත් සිතුවාය.
"ෆිල්ම් එකක එහෙම දෙයක් වෙනව නම් ඇයි ඇත්ත ජීවිතේ එහෙම වෙන්න බැරි? මං හිතපු කිසිම දෙයක් වෙන්නෙ නැත්තෙ ඇයි? "
මහේශාක්‍යාට තදබල වෙහෙසක් දැනිණි. ඇඳෙන් නැගිට ගත් ඈ උණුසුම් කෝපි කෝප්පයක් පිළියෙල කරගත්තේ නිදිමත පහකර ගැනීමටය. ඇයට නැවත නැවතත් සිහි වූයේ අශීමාගෙත්, අශෝක්ගේත් අපරිමිත ප්‍රේමයේ කතාවයි.
" මිනිස්සුන්ට පුලුවන්ද එහෙම ආදරේ කරන්න?"
මහේශාක්‍යා නැවතත් සිතුවාය.
" බඳින්න කලින් දැනගෙන හිටපු අපිට දුර ගමනක් යන්න බැරි වුනා නම්...... ඒ වුනාට අශීමා බඳින්න කලින් අශෝක්ව දැනගෙන හිටියෙ නෑනෙ. අඩුමතරමෙ බැඳපු ගමන් අශීමට තමන්ගෙ රට දාල නොදන්න මිනිහෙක් එක්ක ඇමරිකාවට යන්න වෙච්ච එකම ලොකු අපරාධයක් නේද? "
මහේශාක්‍යා සු‍රතින් නළල පොඩි කළාය. හිස රිදෙන බව ඇයට තදින් දැනුණි.
" ඔයා හිත හදාගන්න ඕන මහේශාක්‍යා. ඒක ෆිල්ම් එකක් විතරයි. ෆිල්ම් කියන්නෙ මනඃකල්පිත කතා. ඒව ඇත්ත ජීවිතේ වෙන්නෙ නෑ. "
මහේශාක්‍යා තමන්ටම පැවසුවේ තම හිත සුව පිණිසමය. දීර්ඝ නින්දක් තමාට අවැසි බව දැනුණත් හිතට සුවයක් නැත. ඉතින් නින්ද ලබාගන්නෙ කෙසේදැයි මහේශාක්‍යා කල්පනා කළාය. මාස දෙකකට ඉහත දී සිදු වූ සියල්ල ඇයට සිහිනයක් මෙන් දැණිනි. ඉක්මනින් මේසය අසලට ගිය ඇය යමක් ලියන්නට ගත්තාය. එහෙත් දෙඅත් වෙව්ලන්නට විය. රැයක් නිදි නොමැතිව චිත්‍රපටය කිහිප වතාවක් නැරඹීම නිසා ම ඇගේ දෙනෙතට වෙහෙසක් දැනිණි. සියල්ල බොඳ වී යන සෙයක් ඇයට දැනුණද ඇය තදින් දරාගත්තාය. අවසානයේ ඇගේ දුරකථනය නාද වූයේ ඇයව පියවි සිහියට කැඳවමිනි.
" අම්මා.."
මහේශාක්‍යා හොඳින් අසා සිටියාය. ඒ තම බාල පුතුගේ හඬය.
" ඔයා කොහෙද ඉන්නෙ අම්මා? අනේ ඉක්මනට කියන්න ප්ලීස්.."
" සෙනෙල්.. අම්මා හොඳින් ඉන්නව පුතේ. දැන් අම්මා ගැන කරදර වෙන්න එපා. "
ඒත් සමගම අනිත් පසින් ඉකිබිඳින හඬක් මහේශාක්‍යාට එකවරම ඇසිණි.
" සෙනෙල්. ඔයා අඬන්නෙ ඇයි? තාත්තා කතා කරාද ඔයාට?"
" මට ඔයා එක්ක කතා කරන්න ඕන අම්මෙ. ඔයා ඉන්න තැන කියන්න මං එන්නම්. "
" මං ඉන්නෙ ගෙදරනෙ පුතා. දැන් ඔයාට අඬන්න තරම් මොනාද වුනේ රත්තරනෙ."
මහේශාක්‍යා තමන්ටම බොරු කරගනිමින් සිටියාය.
" හැමදේම නැති වුනත් මං හුඟක් දේවල් දන්නව අම්මා. ඔයා ඉන්න තැන එඩ්‍රස් එක කියන්න. මට ඕන දැන් ඔයාව බලන්න. ඔයා එක්ක කතා කරන්න."
"සෙනෙල් මං කියන දේ අහන්න පැටියෝ. අම්මා ගොඩක් හොඳින් ඉන්නව. ඒත් මෙතනින් පස්සෙ ඔයාවත්, අයියවත් මං ගැන හොයන්න බලන්න එපා. මට පුලුවන් මාව බලාගන්න."
" අනේ අම්මේ..............."
සෙනෙල්ගේ හඬට බිය වූ මහේශාක්‍යා ඇගේ ලිපිනය ඔහුට යැව්වේ සියල්ලට වඩා දරු පෙම තවමත් ඇය ළඟ බැවිනි.
උදෑසන ආහාරය සැකසූ මහේශාක්‍යා සෙනෙල් එතැයි සිතා මිදුලට බැස්සාය. තවමත් මල් පොහොට්ටු දරන රෝස පඳුරෙන් තරමක් පිපී ආ මලක් කඩාගත් ඈ එහි සුවඳ බැලුවාය. එක්වරම ගේට්ටුව අසලින් ආ හඬට ඈ එහි පිවිසියේ මාස ගණනකින් නොදුටු සෙනෙල්ගේ මුහුණ දැකීමටය. ඔහුගේ දෑස් රතු වී ඇත. හැඬූ බව හොඳින් පෙනේ.
" අම්මා.... " දිව ආ ඔහු මහේශාක්‍යාව වැළඳගත්තේ මහත් සෙනෙහසකිනි.
" ඔයා මෙහෙ ඉන්නෙ හරි සතුටින් වගේ"
සෙනෙල් එසේ පැවසුවේ වටපිට බලමිනි.
" විශාල ගෙවල් හිස් පුතා. ඒත් පුංචි ගෙවල් හැමදේකින්ම පිරිලා. දුක, සතුට, නිදහස, ආදරේ මේ හැමදේම මේ ගේ ඇතුළෙ පිරිල පුතා."
" ඒත් අම්මේ.. අම්මා ඉන්නෙ තනියමනෙ"
සෙනෙල් එය පැවසුවේ කුතුහලයෙනි. ඒ තරම් හැඟීම් ප්‍රමාණයක් තනි කෙනෙක් ලබාගන්නෙ කොහොමදැයි ඔහුට සිතුණි.
" හැමදේම තියෙන්නෙ හිතේ සෙනෙල්..."
එසේ පැවසූ මහේශාක්‍යා කුස්සියට ගියේ සෙනෙල්ට ආහාර පිළිගැන්වීමටය. සෙනෙල්ට සියල්ල පැවසිය යුතු දැයි ඇයට සිතුණි. අවසානයේ සෙනෙල් හෝ ඔහුගේ අයියා කිසිවෙකු පිළිබඳ තරහක් ඇති කරගැනීම නොමනා බව ඇයට සිතුණි.
" මං එයාලගෙ අම්මා. එයාලා කිසිම කෙනෙක් ගැන තරහක් ඇති කරගන්න ඕන නෑ. එහෙම වුනොත් ඒක මගෙ වැරැද්දක් වෙනව. "
මහේශාක්‍යා බොහෝ කල්පනා කළාය. සෙනෙල් ආසාවෙන් කෑම අනුභව කරනු දුටු මහේශාක්‍යාට අප්‍රමාණ සතුටක් දැනිණි.
" ඇත්තටම මොකක්ද අම්මෙ වුණේ? "
සෙනෙල් මාතෘකාවට පිවිසුනේ ආහාර ගැනීමෙන් පසුවය.
" පුතා මට ප්‍රොමිස් වෙන්න මේව අහල කිසිම කෙනෙක් එක්ක වෛර බැඳගන්නෙ නෑ කියල."
" මේ ජීවත් වෙන ටික කාලෙට කාටවත් වෛර කරන්නෙ ඇයි අම්මෙ? මං එච්චර මෝඩ නෑ. දැන් වෙච්ච හැමදේම අම්මා මට කියන්න."
මහේශාක්‍යා සිනාසී සුසුමක් හෙළුවාය. සෙනෙල්ට ඉදිරියෙන් වූ අසුනේ හිඳගත් ඈ කතාව ආරම්භ කළාය.
" මට තේරෙන් නෑ පුතා කොහෙන් කොහොම පටන් ගන්නද කියල. මටත් හැමදේම පැටලිලා වගේ. ගලපගන්න හරි අමාරුයි."
මහේශාක්‍යා අපහසුවෙන් සිනහවක් සිත්තම් කළාය.
" හරී. එහෙනං ඔයාලා ආදරේ කරන්න පටන් ගත්ත කාලෙ ඉඳලම මට කියන්න. මං ආසයි එතන ඉඳල අහන්න"
මහේශාක්‍යා හිස සොලවා ඔහුගේ ඉල්ලීම භාර ගත්තාය.
" අපි ආදරේ කරන්න ගද්දි මං ඔයාගෙ වයසටත් වඩා හුඟක් බාලයි පුතා. ජීවිතේ ගැන හරිහමන් තේරුමක් මට තිබ්බෙ නෑ. ඒ කාලෙ අපි හුඟක් ආදරේ කරා පුතේ. කිසිම කෙනෙක්ට හිතාගන්න බැරි විදිහට, වැටෙන තැන් දරාගෙන, ආදරේ කියන්නෙ මොකක්ද කියල දන්නෙවත් නැති කාලෙක අපි හුඟක් ආදරේ කරා. ඒත් ඒකට කියන්නෙ ආදරේ ද කියල මං අද කල්පනා කරනව. අපි දෙන්නට දෙන්න නැතුව බැරි වුනා. උඹ වෙනුවෙන් මං මැරෙන්න වුනත් ලෑස්ති කියද්දි මං ඒවට රැවටුනා කියල දැන් හිතෙනව පුතා. මොකද මිනිස්සු දෙන්න ලෑස්ති වෙන්නෙ දෙන්න බැරි දේවල්. ඒත් එයාල එයාලට දෙන්න පුලුවන් ආදරේ කවදාවත් දෙන්නෙ නෑ. මේ මැරෙනකන් ජීවත් වෙන ටිකට ඇයි එහෙම හැසිරෙන්නෙ අපි. මට ඒ හැමදේම දැනෙන්න ගත්තෙ අපි මැරි කරල සතියක් ගත වුනාට පස්සෙ. මං මගෙ රස්සාවට තිත තියලා, මගෙ හීන පස්සට දාල ආදරේ වෙනුවෙන් මුලු ජීවිතේම කැප කරාට පස්සෙ මට හිතුනෙම මං මෝඩ වුනා කියල. ඒකට හේතුව පුතාගෙ තාත්තා කියල කියන්න කැමති නැති වුණත් මට එහෙම කියන්න වෙනව පුතා. ඒක මගෙ මෝඩකමද නොතේරුම්කමද කියල මට තාම හිතාගන්න බෑ. මං ඕන නම් ඒ කාලෙම එයාගෙන් අයින් වෙන්න තිබ්බ. ඒත් මං බය වුනා. අපි දෙන්නව දන්න අය, අපෙ අම්මා තාත්තා මොනව කියයිද කියල. "
කතාව නතර කළ මහේශාක්‍යා සුසුමක් හෙළා දෙනෙත් පිසදැමුවාය. සෙනෙල් ඉදිරියේ නොහඬමියි ඇය දැඩිව අධිෂ්ඨාන කර ගත්තාය.
" අම්මා ජොබ් එකක් කරා කියල කවදාවත් අපිට කියල නෑනෙ. අඩුමතරමෙ තාත්තා හැමදාම කිව්වෙ අම්මා තාත්තා තරම් උගත් නෑ කියලනෙ. "
සෙනෙල් එසේ පවසන විට මහේශාක්‍යා තරමක් සිනාසුණාය.
" මියුසික් කියන්නෙ මං ආසම දේ පුතා. මං එතකොට ප්‍රයිව්ට් ස්කූල් එකක මියුසික් ටීචර් කෙනෙක්. පස්සෙ පුතාලගෙ තාත්තා බිස්නස් එක පටන් ගත්තම මට ජොබ් එකෙන් අයින් වෙන්න කිව්ව. මං එයාට තියෙන ආදරේ නිසාම එහෙම කරා පුතා."
" බැන්දට පස්සෙ හැමදේම වෙනස් වුනා කිව්වෙ තාත්තා ආදරේ කරේ නැද්ද එතකොට?"
" තාත්තා ආදරේ මගෑරියා. එයාට කොහොම හරි මගෙ ආදරේ මදි වුණා. ජීවිතේ කියන්නෙ සෙල්ලමක් වගේ වුණා. "
" එතකොට කොහොමද ඔයාල අපි ඉස්සරහ ආදරෙන් හිටියෙ? කවදාවත් අපිට දැනුණෙ නෑ ඔයාල අතරෙ ප්‍රශ්න තියනවා කියල."
" පුතේ මං අනිත් අම්මල වගේ නෙවෙයි. මං එහෙම හැසිරුණා නම් දරුවො තාත්තට වෛර කරන්න ගන්නව. ඒත් දැන් ඔයාල ඉන්නෙ හැමදේම තේරුම් ගන්න පුලුවන් වයසක. ආදරේ කියන්නෙ බලෙන් බැඳල තියාගන්න පුලුවන් දෙයක් නෙවෙයි. "
සෙනෙල් තව මව දෙස බලා සිටියේ පුදුමයෙනි. ඒ තරම් දරා ගැනීමක්, ඒ තරම් ඉවසීමක් වෙන ගැහැණියකට තිබිය හැකිද? ඔහුට තම බිරිඳ සිහිවිය. තමා මොන තරම් ඇයට ආදරේ කළද තමා අතින් සිදුවන සුළු අත්වැරදීමක් ඇයට දවසක් කතාබහ නොකර සිටීමට හේතුවක් වේ. ඒ අතින් බැලූ කළ තම මව කෙතරම් ශ්‍රේෂ්ඨදැයි ඔහුට සිතුණි.
" පුතා දැන් ඕව හිතන්න එපා. ඔයා ඔයාගෙ ජීවිතේ ගැන හිතන්න ඕන. ඉස්සර වගේ මං ඔයාලගෙ පස්සෙන් ඉන්නෙ නැති වෙයි. ඒත් ඕන දේකට අම්මා ඉන්නව. "
මහේශාක්‍යා කඳුලු වැළක්වීමට උත්සාහ කළත් සිහින් ඉකියක් ඇයට නොදැනීම පිට විය.
" අම්මා දැන් මොනාද කරන්න හදන්නෙ? මේ වගේ ගෙදරක තනියම ජීවත් වෙන්නෙ කොහොමද?"
සෙනෙල්ට අවැසි වූයේ මව තමා වෙත කැඳවා ගැනීමටය.
" කවුරු වුණත් දවසක තනි වෙනවාමයි පුතේ. ඒකට හුරු වෙන්න ඕන. අනිත් එක..... මං මගෙ හීන එක තැනක නතර කරල ඔයාල වෙනුවෙන්, ඔයාලගෙ තාත්තා වෙනුවෙන් කැප වුණා. දැන් මං ආයෙම මගෙ හීන හොයාගන්න ඕන. "
" අම්මා කවදාවත් ඔහොම කතා කරල නෑ. අද හරි අමුතුයි. අම්මට ඔහොම වෙන්න මමත් වැරදියි නේද අම්මෙ? මට දැන් හිතෙනව මං මල්ශි එක්ක වෙනම ගෙදරකට ගිය නිසාද අම්මට ඔහොම වුනේ කියල. "
සෙනෙල්ගේ සිතේ සැබැවින්ම පසුතැවිමක් තිබිණි. තමා අම්මා ළඟම සිටියේ නම් අම්මා මෙතරම් වෙනස් නොවෙනු ඇත. තාත්තා පමණක් සිටින ගෙදර ඇයට පාලුවක් දැනෙන්නට ඇත.
" ඔහොම හිතන්න එපා මගෙ පොඩි කොල්ලො. දරුවො ලොකු වුණාම එයාලගෙ ලෝකවලට යන්න ඕන. මට ඔයාලගෙ තාත්තා එක්ක තවත් ඒ ගෙදර ඉන්න බැරි හින්දා මං මෙහෙම තැනකට ආවෙ. දැන් මගෙ ජීවිතේ හරි සැනසීමයි පුතේ. "
මහේශාක්‍යා සැබැවින්ම සැනසීමෙන් ජීවත් වූවාය.
' ඉස්සර මං ආසම මනුස්සය.. නොදැක ඉන්න බැරි කෙනා.. දැන්....... දැනුත් ආසම මනුස්සය නේද..... නෑ.... මං දැන් ආස එයාගෙ ඉස්සර ආදරේට..... ඒ ආදරේ තාම මට දැනෙනව.. මං කොහොමද ඒක සෙනෙල්ට කියන්නෙ..... කොල්ල හිතයි මට පිස්සු කියල..... පිස්සු නොහැදී තියෙයිද මං ඒ ඉවසපු ඉවසිල්ලට..... මොන කතා ආරංචි වුණත් ඉවසුව..... ඒත් අන්තිමට ඒ කතා ඇත්ත කියල මගෙ ඇස් දෙකෙන්ම දැක්කම මොන ගෑනිටද ඉවසන්න පුලුවන්..... ලොකු පුතාට අවුරුදු තිහකට ළඟයි...... එහෙව් තාත්තා කෙනෙක් කොහොමද එහෙම හැසිරුණේ...... මුකුත් නොදැක අන්ධයෙක් වගේ ඉන්න පුලුවන්ද මට.....'
" අම්මා.."
සෙනෙල්ගේ හඬින් මහේශාක්‍යා කල්පනාවෙන් මිදුණාය.
" මොනාද ඔච්චර කල්පනා කරේ අම්මා?"
මහේශාක්‍යාට පිළිතුරක් නැත. ඇය සිනාසුණාය. මහ හඬින් සිනාසුණාය. ගෙදර මිදුලටත්, ඉන්පසු පාරටත්, මුළු නගරයටත් ඇසෙන සේ ඇය සිනාසුණාය. සක්වලටම ඇසෙන සේ සිනාසෙන්නට ඇයට වුවමනා විය. තමා ඉදිරිපිට සිටින සෙනෙල් කඳුලු සලන බව දුටු මහේශාක්‍යා එකවරම තම සිනහව හැඬුමකට පෙරලුවාය. මවත්, පුතත් තරඟයට මෙන් හැඬුවෝය.
" දැන් සෙනෙල් ගෙදර යන්න. මල්ශි බලන් ඇති ඔයා එනකන්. "
මහා හැඬුමකට පසු මහේශාක්‍යා හඬ අවදි කළාය.
" අම්මා මාත් එක්ක අපෙ ගෙදර යන්. ඒ කැමති නැත්තං අයියලාගෙ ගෙදර යන්න. මෙහෙම තනියම ඉද්දි අසනීපයක් වුණොත් කවුද ඉන්නෙ? "
අම්මා තම ගෙදරට කැඳවා ගැනීමට මහේශිගේ අකමැත්තක් නැත.
" මිනිස්සු අසනීප වෙන එක සාමාන්‍ය දෙයක් පුතා. මං ගැන වද වෙන්න එපා. අම්මට ඇත්තටම ආදරේ නම් මං ගැන හොයන්න බලන්න එපා. මට මෙහෙම ජීවත් වෙන්න දෙන්න. "
" ඇයි අම්මෙ ඔයා ඔහොම හැසිරෙන්නෙ?"
සෙනෙල් මහ හඬින් කෑගැසුවේය.
" කවුරුත් දන්නෙ නෑ මං විඳපු වේදනාවල්. උඹල ඔක්කොම හිතන්නෙ උඹල ගැන විතරයි. දැන්වත් මට මගෙ පාඩුවෙ ඉන්න දීල යන්න. "
තව මොහොතක් හෝ නතර නොවූ ඔහු පිටුපස නොබලාම දිව්වේය. දොර වසාගත් මහේශාක්‍යා බිම හිඳ හැඬුවාය. සෙනෙල්ගේ හිත බිඳුනු බව ඇයට දැනුණාය. එහෙත් දැන් ඔවුන් අතහැරිය යුතුය. තනිකමට මුහුණ දිය යුතුය. තමාට සඵල කරගැනීමට නොහැකි වූ හීන බදාගන්නට දිව යා යුතුය. මග නැවතූ හීන ඇරඹිය යුතුය. තමා කිසිදිනෙක නොදුටු ඒ ලෝකයට යා යුතුය. එහෙයින්ම අතහැරිය යුතුය. මෙතනින් නැවතිය යුතුය.

-Impressive Heart

Stories

ඉතා අසීරු ඉලක්කයන් හඹා ගොස් නිති ජය – පැරදුම අතර දෝලනය වන සසර ගමනක ඔබ ලද ජයග්‍රහණය නම්, විශිෂ්ටයි. ඒ අනෙකක් නොව, අප තථාගතයන් වහන්සේ, ‘කණ කැස්බෑවෙකු විය සිදුරෙන් අහස දකිනවාටත් වඩා දුර්ලභ යැයි’ දෙසා වදහළ මිනිස් උපතත්: ඊට වඩා සුදුර්ලභ බුද්ධ ශාසනයත් උරුම කර ගැනීමයි. කල්ප කාලාන්තරයකට පසු බුද්ධෝත්පාද යුගයක ලද මේ මිනිසත් බව නම් විශිෂ්ට ජයග්‍රහණය, සුරක්ෂා කර ගැනීමට නම් මේ සිත මැනවින් හසුරුවා ගැනීමට දක්ෂ විය යුතු ය. මන්ද… මේ සසරේ සිත විසින් ම අපට ජය – පැරදුම උරුම කර දුන් නිසා ය.

වරෙක තාලපුට මහරහතන් වහන්සේ වදාළේ, “ඒයි සිත, එක් කලෙක නුඹ නිසා මම බමුණෙක් වුණා. නුඹ නිසා ම මම සිටුවරයෙක් වුණා. නුඹ නිසා ම මං රජ වුණා. නුඹ නිසා ම මං වෙළෙන්දෙක් වුණා. නුඹ නිසා ම මං දාසයෙක් වුණා. නුඹ නිසාම මං දෙවියෙක් වුණා. නුඹ නිසා ම අසුර ලෝකෙට ගියා. නුඹ නිසා ම මං නිරයටත් ගියා. නුඹ නිසා ම මං තිරිසන් ලෝකයටත් ගියා. නුඹ නිසා ම මං ප්‍රේත ලෝකෙටත් ගියා.”

එවන් වූ චපල සිත කීකරු කර ගත නොහැකි වුවහොත්, මැනවින් පුහුණු කර ගත නොහැකි වුවහොත් සිදු වන විපත මැනවින් දැක වදාළෝ අප තථාගතයාණෝමැයි.

“දිසෝ දිසං යන්තං කයිරා වේරී වා පන වේරිනං
මිච්ඡාපණිහිතං චිත්තං පාපියෝ නං තතෝ කරේ”

“හොරෙක් තවත් හොරෙකුට දරුණු විපතක් කරනවාටත් වඩා, වෛරක්කාරයෙක් තවත් වෛරක්කාරයෙකුට දරුණු විපතක් කරනවාටත් වඩා, මිථ්‍යා දෘෂ්ටියේ පිහිටුවා ගත් සිත විසින්, තමාව ඊටත් වඩා පාපියෙකු කරනවා.”

සැබැවින්ම දරුණු සොරෙකුට ඔබ සන්තක සියල්ල පැහැර ගත හැක. ඔබේ දිවිය පවා තොර කළ හැක. නමුත් කිසිකලෙකත් ඔහුට ඔබව නිරයට ඇද දැමිය නොහැක.
වෛරක්කාරයෙකු පියවරක් පියවරක් පාසා ඔබව ලුහුබඳිමින් රිදවූවත් ඔබේ ආධ්‍යාත්මයට කෙසේ නම් අත තබන්න ද? නමුත් ඔබට ඔබේ සිත රැක ගත නොහැකි වුවහොත්, යහපතෙහි යොදවා ගත නොහැකි වුවහොත්, ඒ නොරැක ගත් සිත විසින්ම – අයහපතෙහි යෙදවූ සිත විසින් ම ඔබට අන්ත පරාජයක් අත්කර දෙනු ඇත. ඒ සිත විසින් ම කල්ප ගණන් ඔබව නිරාගින්නේ දවනු ඇත.

තිරිසන් ලොව නොනිමි දුක් උරුම කර දෙනු ඇත. ප්‍රේත ලොව දැවෙන දුකට ඇද දමනු ඇත. නැවත මිනිසත් බව ලැබුව ද ඔබට තියුණු දුක්, කටුක දුක් විඳීමට සිදුවනු ඇත. සිත අයහපතෙහි යොදවා සසරේ කරන ලද පව් කෙසේ නම් වසන් කරන්න ද? ඔබ බොහෝ කොට ලෙඩ දුක්වලින් පීඩාවට පත්වනු ඇත. අකල් මරණයනට ගොදුරු වනු ඇත. දෙනෙත් අඳ ව, ගොළු ව, බිහිරි ව බොහෝ දුක් අනුභව කරනු ඇත. අත් පා කොර ව, අංගවිකල ව රුදුරු පීඩා විඳිනු ඇත. සතුරන් බහුල ව, අභූත චෝදනා ලබමින්, අනුන්ගේ සිනහවට ලක් වෙමින් මානසික පීඩා විඳිනු ඇත. වචනෙන් කිව නොහැකි තව බොහෝ දුක් ලබනු ඇත. නමුත් මේ සිත රැක ගැනුම නම් ලෙහෙසි පහසු දෙයක් නොවනු ඇත.

එනමුදු සිතෙහි සියලු රහස් හෙළිකර ගත් සම්බුදු සමිඳාණෝ කරුණාවෙන් යුතුව සිත දමනය කරන මාවත් මැනවින් දෙසා වදාළ සේක. වරෙක අප සුගතයාණෝ සිත දමනයට, සිත මැනවින් හසුරුවා ගැනීමට, පුහුණු කර ගැනීමට විස්මිත හෙළිදරව්වක් සිදු කළ සේක. රාගයෙන් කිලිටි වී, ද්වේෂයෙන් දුෂ්ට වී, මෝහයෙන් මුළා වී කෙලෙසුන්ගෙන් බැට කන සිත ජය ගැනීමට නොවරදින මගක් වදහළ සේක. සිතේ හට ගත් කාම විතර්ක අබියස පරාජයට පත් නොවී නුවණින් විමසන මඟ මෙසේ පෙන්වූ සේක.

‘ඔන්න දැන් මේ සිතේ කාම විතර්කයක් ඇති වුණා. ඇත්තෙන්ම මේ විතර්කය මට පීඩා පිණිස පවතින දෙයක්, අන් උදවියටත් පීඩාව සලසන දෙයක්, දෙපැත්තට ම පීඩාව සලසන දෙයක්, ප්‍ර`ඥාව විනාශ කරන දෙයක්, දුක පැත්තේ තියන දෙයක්.’ මේ අයුරින් නුවණ මෙහෙයවීමෙන් උපනූපන් සෑම කාම සිතුවිල්ලක් ම දුරින්ම දුරුවන බව, බැහැර වන බව, නැත්තටම නැති වන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් සේක. මේ අයුරින් සෑම ව්‍යාපාද විතර්කයක් ම, සෑම විහිංසා විතර්කයක් ම දුරු කළ හැකි බව, බැහැර කළ හැකි බව, නැත්තටම නැති කළ හැකි බව සියල්ල දන්නා මහා පැණවතාණෝ දෙසා වදහළ සේක. එමතු ද නොවේ. ලොව පිරිසිඳ දත් ලෝකවිදු බුදු සමිඳාණෝ ‘සිත’ ගැන සැඟවුණ රහසක් නුවණින් දැන මහා කරුණාවෙන් වදහළ සේක.

“පින්වත් මහණෙනි, සිතේ ස්වභාවය මේකයි. බහුල වශයෙන් යම් ම දෙයක් සිතනවා නම්, කල්පනා කරනවා නම්, හිත හිතා ඉන්නවා නම් ඒ පැත්තටමයි සිත නැමිලා තියෙන්නේ.”

කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්කවලට ම පුරුදු වූ – ඒවා ම සිත සිතා සිටින සිත ඒ දෙසට ම නැමී යන බව බුදු පියාණෝ දෙසූ සේක. එබඳු සිත දමනයෙහිලා ඔබ විසින් කැපවිය යුතු අයුරු බුදු සමිඳාණෝ මෙසේ පෙන්වා දුන් සේක.

“ගවයන්ට කෑම බීම නැති පායන කාලේ ගොයම මැද්දෙන් දක්කාගෙන යන ගවයා නිකම් ම ගොයමට හැරෙනවා. එවිට ගොපල්ලා ඌට කෙවිටෙන් ගහනවා. ආයෙමත් ඌ ගොයමට හැරෙද්දී තවත් රිදෙන්න ගහනවා. එවිට ඌ දඟලන විට ඉස්සරහට පැනලා එහාට මෙහාට දුවලා ගොයමට හැරෙන උගේ ගමන වළක්වනවා. ගොපල්ලා එච්චර මහන්සියක් ගන්නෙ ඇයි? හරකුන්ට ගොයම් කන්න ඉඩ දුන්නොත් ඒකෙන් දඬුවම් ලබන බව, හිරේ විලංගුවේ වැටෙන බව, දඩ ගහන බව, ගර්හා ලැබෙන බව, මහා කරදර ගොඩක පැටලෙන්නට සිදු වන බව ඒ ගොපල්ලා දන්නවා.” එසේ නම් ඔබ ද නොපමා විය යුතු ම යි. නොරැකගත් සිත විසින් මෙලොව දී ම උරුම කර දෙන දුක්, පීඩා, සන්තාප ගැන සිතා පරලොව බිහිසුණු ඉරණම ගැන නුවණින් විමසා බුදු වදන් හදවතේ දරාගෙන දමනයට පත් වීමට වෙර වැඩිය යුතුම යි. උපන් කුසලයේ අනුසස් නුවණින් දැන ගැනීමෙන් හිත කුසලයට ම හුරු කරන අයුරු තිලොවග ගුරු දෙවිඳාණෝ පෙන්වා දුන් සේක.

“ඔන්න දැන් මේ සිතේ නෙක්ඛම්ම විතර්කයක් ඇති වුණා. ඇත්තෙන්ම මේ විතර්කය මට පීඩා පිණිස පවතින දෙයක් නොවේ. අන් උදවියට පීඩාව සලසන දෙයකුත් නොවේ. දෙපැත්තටම පීඩාව සැලසෙන දෙයකුත් නොවේ. ප්‍රඥාව වැඩෙන දෙයක්. දුක නැති පැත්තේ තියෙන දෙයක්. නිවන සඳහා හේතු වන දෙයක්.” අව්‍යාපාද විතර්ක, අවිහිංසා විතර්ක මේ අයුරින්ම නුවණින් විමසන විට ඒ හේතුවෙන් කිසිම බයක් නොදකින බව බුදු සමිඳුන් වදහළ සේක.

යළිදු බුදුරදුන් වදහළේ,

“පින්වත් මහණෙනි, ඉතින් භික්ෂුවක් සිත සිත ඉන්නේ, බහුල වශයෙන් කල්පනා කර කර ඉන්නේ නෙක්ඛම්ම විතර්ක නම්, කාම විතර්ක ඇති වෙන්නේ නෑ.

බහුල වශයෙන් ඇති වෙන්නේ නෙක්ඛම්ම විතර්ක ම යි. එතකොට ඔහුගේ සිත නැමිලා තියෙන්නේ නෙක්ඛම්ම විතර්කවලට ම යි.”

කාම මඩ ගොහොරුවෙන් ගැලවීමට වෙර දරන සිතකට මෙතරම් දිරියක් වෙන කොයින් ද? බුදු වදන් සත්‍ය ම යි, දිවි පුදා එහි හැසිරෙනු මැන. “භික්ෂුව සිත සිතා ඉන්නේ, බහුල වශයෙන් කල්පනා කර කර ඉන්නේ අව්‍යාපාද විතර්ක නම් ව්‍යාපාද විතර්ක ඇති වෙන්නේ නෑ. …(පෙ)…” ද්වේෂයෙන් දැවෙන සිතක ගිනි මේ අමා දිය දහරින් නිවී යන බව සත්‍යයයි.

“භික්ෂුවක් සිත සිතා ඉන්නේ, බහුල වශයෙන් කල්පනා කර කර ඉන්නේ අවිහිංසා විතර්ක නම් හිංසා විතර්ක ඇති වෙන්නේ නෑ. …(පෙ)…” මේ බුදු වදන් ඇසීම පවා කෙතරම් අස්වැසිල්ලක් ද?

(ද්වේධා විතක්ක සූත්‍රය ඇසුරෙන්)

මෙසේ කැප වී රැකගත් සිත විසින් ම ඔබ මහා සැපයක් කරා රැගෙන යනු ඒකාන්තයි.

න හි ඒතේහි යානේහි – ගච්ඡෙය්‍ය අගතං දිසං
යථාත්තනා සුදන්තේන – දන්තෝ දන්තේන ගච්ඡති

“තමන් නොගිය දිශාව වූ ඒ අමා නිවන වෙත වාහනවලින් යන්ට බෑ. තමාව මනාකොට දමනය කරගෙන දමනය වූ සිතින් ම තමයි යන්ට තියෙන්නේ.”

මේ චපල සිත දමනය කොට සසරේ මෙතුවක් නොගිය දිශාව වන ඒ අමා නිවන සිතින් ස්පර්ශ කිරීමට අපට වාසනාව ලැබේවා!

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේනමක් විසිනි.

-Mahamegha

Stories
ගුවන් තොටුපල කටුනායක ....
ආදරණීය බලාපොරොත්තුව
සපල ගැන්වූ..

Stories

එක්ස්කියුස් මී
කියන්න

Stories

"අම්මේ කළු තඩියා. තමුසෙ යද්දිත් පොළොව හෙලවෙනවා." මිතුරන්ගේ කෑ ගැසීමෙන් ඔහු දැඩි අපහසුතාවයකට පත් විය. ඔහුගේ නම චන්දුල. පවුලෙ හිටපු බාලයා.

චන්දුල පළමු පාර උසස් පෙළ කරල ප්‍රතිඵල එනකන් ගෙදරට වෙලා හිටියේ. ඔය කට්ටිය කියනවා වගේ මෙයාට හැන්ඩි ලුක් එකක් තිබුනෙ නෑ. හරි කැතයි. මහතයි. කළුයි. ටිකක් කොටයි. ඉතින් එයාගෙ යාළුවො මෙයාට විහිළුවට කිව්වෙ ගෝරිල්ලා කියලයි.
" ඔන්න ගෝරිල්ලා එනවා, ගෝරිල්ලා එනවා අයින්වෙයල්ලා. ඕකව අල්ලන්න එපා කළු ගෑවෙයි. "
යාළුවො විහිලු කරනවා. මුටත් ඉතින් ඔවා පුරුදුනේ. පාඩුවේ හිනා වවෙී ඉන්නවා.
" යකෝ උඹ ඇවිදිද්දි ඇගේ මස් උඩ යනවා. ඇයි බන් ඒම. " ... " ත‍ෝ පට්ට කැතයි ඕයි. මේ ලෝකෙ ඉන්න එකම පිරිමියා උඹ උනත් කෙල්ලෙක් මූන දිහාවත් බලන් නැතිවෙයි."
ඔය වගේ හිත රිදෙන කතාත් ඔහුට නිතරම අහන්න ලැබුනා. අලුත් විලාසිතාවෙ ඇදුමක් ඇන්දත් ඔහුගෙ බඩේ විශාලත්වයනම් වහන්න බැරි වුනා. වෙලාවකට ඔහු හුස්ම ඉහලට ඇදලා බඩ පස්සට දා ගත්තා. ඒත් වැඩක් නෑ... එතකොට පපුව ඉස්සරට ආවෙ ගෑනු ළමයෙක්ගෙ වගේ. ඉතින් මොනව කරන්ද ලබා උපන් හැටිනේ. කට්ටිය "ගෝරිල්ලෝ'' කියලා කියද්දි චන්දුල පාඩුවේ යනවා.
චන්දුල ක්ලාස් යන කාලෙ හොද බයිට් එක. ඉතින් ඒක මේමයි සිද්ද උනේ. චන්දුලගෙ යාළුවෙක් ලඟ ඉන්න කෙල්ලෙක්ට කතා කරනවා.
"ස් ස් මෙ මේ.. ඔයාට කතා කරන්නේ".
ඉතින් ඒ කෙල්ලත් බලනවා. ඊට පස්සෙ ඒ කෙල්ලට චන්දුලව පෙන්නලා මෙයා ඔයාට කැමතියි කියනවා. කෙල්ල චන්දුල දිහා බලලා ""ඊයා"" කියාගෙන අහක බලා ගන්නවා. කොල්ල‍ොන්ටනම් මේක මාර ජොලි වැඩේ. ඒත් අර අහින්සක චන්දුලට මේ වෙන දේවල් වෙලාවකට ලොකු වේදනාවක් උනා. එලියට හිනා වුනාට මෙයා ඇතුලින් ලොකු වේදනාවක් වින්දා. තමන්ගෙ රූපෙ ගැන. ඒත් වෙනස් කරන්නයැ. ලබා උපන් හැටිනේ.
කෙල්ලෙක් චන්දුල දිහා බැලුවත් බලන්නනෙ කැත හන්දා. සමහර අය කැත දේවල් දිහා බලලත් මානසික සතුටක් ගන්නවනෙ. ඉතින් එ් කෙල්ල‍ොත් බලලා ලඟ ඉන්න යළුවට කිව්වෙ " ඒ බලපන්කො අර කොල්ලගෙ හැටි. අයියෝ ඒ කොල්ලගෙ ඩයල් ප්ලේට් එක " ඉතින් කැතනම් පාඩුවෙ ඉදපන්කො. කියව කියව දඟලන්නෙ. චන්දුලට මේක පුදුම වදයක්. ඔහු ජිම් එකට ගියාට වැඩකුත් නෑ. පොඩ්ඩක් කෑවත් අපහු හිටිය විදිහමයි. ක්‍රීම් ජාති ගෑවට වැඩකුත් නෑ. අව්වට ගියාම ඒකත් ඉවරයි.
චන්දුලට දැන් මේ දුක ඇති වෙලා. ඉතින් එයා පහුවෙනිදා කාටත් නොකිය හොර රහසෙම ඔහු තීරණයක් ගත්තා. එයාට ඕන කළේ සියදිවි නසා ගන්න. මේ අවලස්සන ජීවිතයෙන් මිදෙන්න. ඔහු ක්ලාස් ඉවර වෙලා හොර රහසෙම යන්න පිටත් වුනේ කෝච්චි පාර පැත්තට. ඉතින් ඔහු ටික දුරක් ගියාට පස්සෙ දකිනවා ලස්සන ගැහැණු ළමයෙක් රේල් පීල්ලක් උඩ වාඩි වෙලා දුර ඈත අහස දිහා බලාගෙන ඉන්නවා.
" කවුද යකෝ මේ ගිණි අව්වේ අහස දිහා බලාගෙන ඉන්නෙ"
ඔහු පුදුමයෙන් ගොස් ඇයට කතා කරනවා. එවිටයි ඔහු දුටුවේ. ඇය අන්දයි.
" ම‍ොකද මෙතන කරන්නෙ?" ඔහු ඇසුවා.
අහසෙ ලස්සන බලනවා. ඇය කිව්වා.
"ඔයාට ඒක පේනවද? අහසෙ ලස්සන"
"නෑ මගේ හිතට ඒක දැනෙනවා"
"ඒ කොහොමද?"
"එහෙම තමයි"
"ඉතින් දකින් නැතිව කෝමද ලස්සනයි කියන්නෙ?"
"ඇහැට පෙනෙන දේට වඩා හිතට දැනෙන දේ ලස්සනයි"
"ඔයාට මාව කොහොමද දැනෙන්නෙ?"
"දන්නෑ.. ලස්සන හිතක් තියන කෙනෙක් වගේ.."
මේ වගේ ඔවුන් දෙදෙනගෙ කතාව දිගින් දිගට ගලාගෙන ගියා. චන්දුල තමාට වුන දේවළුත් තමා පැමිනි කාරණයත් ඇයට පැවසුවා.
" ලස්සන ඇස්දෙකෙන් විදින අය ගොඩක් හිටියත් ඔයා වගේ හිතින් ලස්සන විදින කෙනෙක් දැක්කමයි. ඇත්තටම ඇස් දෙක පෙණුනා නම් ඔයා මේ විදිහටමද හිතන්නෙ?"
" මට ඇස් පෙනීම හම්බුනත් මම දිගටම මේ විදිහටම හිතයි. මොකද මම තේරුම් අරන් ඉන්නෙ ඇත්ත ලස්සන මෙකක්ද කියලා.."
චන්දුලට ඇත්තටම කලකිරුනා, තමාගේ තීරනය ගැන. ඔහු තනිවම හිනා වුනා. පසුව ඔහු තමා ආ කාරණය හිතෙන් අමතක කර ආපසු හැරුනා. ඇයත් ඔහුත් අත් පටලවාගෙන දිග කතාවක යෙදෙන ගමන්ම රේල් පාර දිගේ ආපසු පැමිනියා. ඔහු ඇගේ නිවසට ඇයව ඇරලවා ආපසු තම නිවස බලා පැමිනියා. වැඩිකල් නොගොස් ඔවුන්ගේ ඒ කතාව ආදර කතාවක් බවට පත් වුනා.
ඉතින් දැන් ද‍ෙදෙනා විවාහකයි. චන්දුලගේ හිතට එන ලස්සන අදහස් වලින් ඔහු අද කවි ලියනවා. ඇයගේම හිතේ ඇතිවුන තාල වලින් ඇය ඒ කවි සරසනවා. ගායනා කරනවා. ඒ කවි ඇස් පෙනෙන නොපෙනෙන හැමදෙනාටම ලෝකයේ ලස්සන ඇත්තටම දකින ආකාරය පෙන්වා දුන්නා.
-නිමි-
~Nirman Wickrama~

Stories
දවල් රස්නිය උහුලා ගැනීමට තරම් බැරිය.සක්කුවෙන් ලේන්සුව අරන් මූන පිහදා ගත්තේ මා ඇගම දහඩියෙන් තෙත් වී ඇති නිසාවෙනි..

Stories

 . . .
'' අම්මේ අම්මේ එයාලා හෙට එනවා කියලා call එකක් දුන්නා...''
'' අනේ අපේ මූණ දෙයියෝ බැලුවා ලොකු දුවේ..හැම දේම හරි යන්න ඕනේ දෙවියන්ගේ පිහිටෙන්...''
'' අනේ මේ අම්මේ ඔන්න මේ වැඩේ නම් කොහොම හරි ඉවර කරලා දාන්න ඕනේ..මේ මල හෝන්තුවත් එක්ක ගෙදර ඉදලා මට දැන් ඇති වෙලා තියෙන්නේ..'' මගේම අක්කා මට එහෙම කියාගෙන ගේ ඇතුළට ගියේ මාවත් තල්ලු කරගෙන...මාව ගිහින් කුස්සියේ තිබුණ දොරෙ වැදුණේ හිතුවෙවත් නැති විදිහට..
'' ඩෝං...'' එක පාරටම මහා සද්දයක් ආවේ මාව හැප්පිච්ච පාරට...
'' පොඩි දුවේ...අනෙ මගේ මැණික කෝ නැගිටින්න නැගිටින්න..රිදුනේ නෑ නේද මගේ රත්තරන්ට...'' අම්මා මන් ලගට දුවගෙන ඇවිත් මාව නැගිට්ටුවේ ගොඩක් ආදරෙන්...මේ ලෝකෙ මට ආදරේ කරන එකම කෙනා තමයි මේ ඉන්නේ...මගේ පණ මගේ රත්තරන් අම්මා...ඉපදුන දවසේ ඉදන් මූසල කෙල්ලෙක් ගානට දාලා ඉදපු මට වටිනාකමක් දීපූ එකම කෙනා තමයි මගේ අම්මා..
'' නෑ අම්මේ මට ගොඩක් රිදුන් නෑ...'' අම්මගේ වාරුවෙන් නැගිටින ගමන් මම එහෙම හිතින් හිතුවේ අම්මගේ මූණ දිහා බලාගෙන...
'' දන්නවනේ මගේ මැණික අක්කගේ හැටි ඔයා ඕවා ගනන් ගන්න එපා මගේ මැණික..මගේ රත්තරන්ට මම ඉන්නවනේ...'' හරිම ආදෙරෙන් අම්මා එහෙම කියනකොට මගේ ඇස් වල කදුලු පිරුණේ ඉබේටම ....
'' යසෝ යසෝ කෝ මේ ගෑණී...'' ඒ මගේ තාත්තා අදත් හොදටම බීලා..අදත් මට ගුටි කන්න වෙයිද දන්නෑ කියන බයට මන් අම්මට තුරුල් වුණේ මගේ එකම ආරක්ෂකයා ඇය නිසා...
'' මගේ මැණික මොකද මේ බය වෙලා කෝ රත්තරන් මගේ මූණ දිහා බලන්න ඔයාට කවුරුත් මුකුත් කියන්නෑ අම්මා ඉන්නවනේ මගේ රත්තරන් ළගින්...''
මම පොඩි එකෙක් වගේ අම්මට තුරුල් වුනේ ඇයි කියලා අම්මට දැනෙනවා..මොකද මන් ගැන හොදටම දන්න වෙන කෙනෙක් නෑ මගේ අම්මා තරම්..
'' මොකෝ ගෑණියේ උබ මෙතන්ට වෙලා කරන්නේ...මෙකී මොකද මේ උබ ලගට වෙලා ඉන්නේ...මම තොට කියලා තියනවා නේද මගේ ඇස් ඉස්සරහට එන්න එපා කියලා කාලකන්නි මූසලී...තෝ ඉපදුන නිසා තමයි අපේ පවුලම නැති වෙලා ගියේ..අර හදහන බලපු මහත්තයත් කිව්වා තෝ නිසා තමයි මට කිසිම දෙයක් හරි යන්නැත්තේ කියලා..පලයන් යන්න මගේ දෑහැට නොපෙනී..'' තාත්තා එහෙම කියනකොට මම තවත් අම්මට තුරුල් වුණේ මාව බේර ගන්න කියලා...
'' මොකද සිරී මේ කෙල්ලට කෑ ගහන්නේ..ඒකී මොන වරදක් කරාටද..මේ ගෙදර හැමෝටම මොන වැඩේ වැරදුනත් අන්තිමට පලි මේ අසරණී තමයි...දෙයියන්ගේ නාමේට මේ කෙල්ලට පාඩුවේ ඉන්න දෙනවද..'' අම්මා හැමදාම තාත්තා එක්ක මෙහෙම රණ්ඩු වෙනවා..ඒ මන් නිසා..මේ කාලකන්නි මන් නිසා...මට දැනුනේ මන් ගැනම දුකක්..
ඇත්තටම මන් කාලකන්නි කෙල්ලෙක්.. මම මූසල කෙල්ලෙක්..ඒ හැමදේකට මුල මන් ගොලු කෙල්ලෙක් වුණ එකද...පොඩි කාලේ ඉදන් මම හිනා වෙලා හිටියනම් හිටියේ මගේ අම්මා ඉන්න තැනදි විතරයි...අක්කායි මායි නිවුන්නු...අපි දෙන්නගේ කිසිම වෙනසක් නෑ...ළග තිබ්බොත් අපි දෙන්නව වෙන් කරලා අදුර ගන්න ගොඩක් අමාරුයි..අපි දෙන්නා වෙනස් වුනේ එක දේකින් විතරයි...අක්කා සර්ව සම්පූර්ණ කෙනෙක්..ඒත් මම උපතින්ම ගොලුයි..‍යන්තන් වචන දෙකතුනක් අමාරුවෙන් කියනවා ඇරෙන්න මට කතා කරන්න බෑ..මන් ඒ අමාරුවෙන් කියන වචන දෙක තුනේ වුණත් හරියට සද්දෙ පිට වෙනවද ඒක වෙන කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන්ද කියලා මන් හරියටම දන්නෑ...අම්මයි අක්කයි තාත්තයි නම් පොඩි කාලේ ඉදන් මාත් එක්ක ඉදපු නිසා මන් කියන දේ තේරුම් ගන්නවා...
මගේ නම පහන්දි මෙතුලිමා..අක්කා ශෙනාදි මෙතුලිමා..අපි දෙන්නටම තාම විසි තුනයි..පොඩි කාලේ ඉදන් තාත්තා මට ගොඩක් වෙනස්කම් කරා..මන් ගොලු නිසා තාත්තට පොඩි කාලේ ඉදන්ම මාව පේන්න බෑ..එයා ආදරේ අක්කට විතරයි..අක්කත් එහෙමයි..අක්කා ඉස්සර ඉදන් පොඩ්ඩක්වත් මට කැමති නෑ..එයා කියන්නේ මම නිසා එයා ගොඩක් ලැජ්ජ වුණාලු...එයා ඉස්කෝලේ යනකොට මාත් එක්ක යන්නෑ..ළමයි එයාට හිනා වෙනවා කියලා ගොලුවෙක් එක්ක ඉන්නවා කියලා..ඒක නිසා පොඩි කාලේ ඉදන් මම හැදුනේ තනියම..අක්කයි මායි එකම පන්තියේ හිටියට අපි දෙන්නා හිටියේ අදුරන්නැති ගානට..මට කතා කරන්න බැරි වුණත් මට හොදට ඉගෙන ගන්න පුලුවන්..මන් තමයි හැමදාම පංතියේ පලවෙනියා ගන්නේ..අක්කා ඒකටත් මාත් එක්ක ගොඩක් තරහින් හිටියේ..මන් වැරැද්දක් නොකරත් එයා මට ගොඩක් බනිනවා හැම වෙලාවෙම වගේ..ඒත් මම එයාට ගොඩක් ආදරෙයි..අක්කයි තාත්තයි කොච්චර මට වෙනස්කම් කරත් එයාලා මගේ පවුලේ අය..මන් ඒ හැම දෙයක්ම ඉවසන් ඉන්නවා..මේක තමයි මගේ ලැබීම..මම ගිය ආත්මෙ ලොකු පවක් කරලා ඇති ඒකයි මට මේ ආත්මෙ කතා කරන්න බැරි වුනේ..ඒ පව මම මේ ආත්මෙදි ගෙවන්නම ඕනේ...
'' මේ ඕයි තමුසෙට ඇහෙන් නැද්ද..යකෝ මේකි ගොලුයි මදිවට දැන් බීරිත් වෙලාද...'' අක්කා එක පාරට ඇවිත් මගේ කොණ්ඩෙන් ඇද්දා... '' මේ....අහනවා මගේ රෙදි වගයක් තියනවා කාමරේ ඒ ටික ගිහින් හෝදලා දානවා..තව ටික වෙලාවකින් මගේ යාලුවෝ කට්ටියක් එයි..තමුසේ එහෙම ඉස්සරහට එනවා නෙවෙයි...මන් ආයිත් නොකිව්වා කියන්න එපා..ආ...තව එකක් එයාලට දවල්ට කෑමත් හදන්න වෙයි..මන් ඒක හරියටම දැනගෙන උබට කියන්නම්..මතක තියා ගන්නවා ඉස්සරහට එහෙම එන්න එපා..මට ඉන්නේ නංගි කෙනෙක් නෙවෙයි ගොලු හෝන්තුවක් කියලා එයාලත් දැන ගනී නැත්තන්...'' අක්කා ඒ කියපු වචන ටිකට ඇත්තටම මගේ පපුව පිච්චිලා ගියා...මේක මම හිතලා කරපු දෙයක්ද දෙවියනේ ඇයි මිනිස්සු මේ විදිහට තව කෙනෙක්ව පහත් කරලා කතා කරන්නේ...
කෙල්ලගේ ඇස් වල කදුලු පිරුණා ..මේ අහිංසක මූණ දිහා බලාගෙන කොහොම නපුරුකම් කරනවද කියලා හිතා ගන්නවත් බෑ..ඒ සුදු පාට මූණ රතු පාට වෙලා..කවුරු හරි දැක්කොත් මේ කෙල්ලට කතා කරන්න බෑ කියලා ඒක කවුරුත්ම විශ්වාස කරන එකක් නෑ...මේ තරම් අහිංසක හදවතක් දීලා දෙවියෝ මේ කෙල්ලව මෙහෙම අඩු පාඩුවක් එක්ක මැව්වේ ඇයි දන්නෑ...හැමෝගෙන්ම එක එක දේවල් අහගෙන දවසින් වැඩි හරියක්ම ඇස් වල කදුලු පුරවන් ඉන්න මේ අසරණීට කවදා නම් හිනා වෙලා ඉන්න ලැබෙයිද...
'' මගේ මැණික කෝ ඔයා අයින් වෙන්න මම උයන්නම් රත්තරන්...මගේ මැණික හැමදාම වැඩ කරනවනේ...'' අම්මා එහෙම කියාගෙන මන් ළගට ආවේ මම අක්කගේ රෙදි හෝදලා ඉවර වෙලා අක්කගේ යාලුවන්ට උයන්න කුස්සියට ආපු වෙලාවේ...
මම අම්මට අතින් එපා එපා කිව්වත් අම්මා මට යන්න කියලා තනියම උයන්න ගත්තා..ඒත් මම ගියේ නෑ අම්මා ළගටම වෙලා ඉදියා..මට අම්මා ගැන ඇති වුණේ ලොකු දුකක්..එයා මන් ගැන කොච්චර හිතනවද...මට මතකයි ඉස්සර දවසක මායි අක්කයි සෙල්ලම් කර කර ඉන්දැද්දි මාවයි අක්කවයි වැටුණා...මට තමයි ගොඩක් තුවාල වුණේ ඒත් තාත්තා දුවගෙන ඇවිත් වඩා ගත්තේ අක්කව එයා මන් දිහා බැලුවෙවත් නෑ..මන් හොදටම අඩනවා..අම්මා තමයි මන් ළගට දුවන අවේ..ඒත් තාත්තා අම්මට හොදටම බැන්නා මාව බලන්න එපා මන් තමයි අක්කවත් වැට්ටුවේ කියලා..අම්මටත් කර ගන්න දෙයක් නෑ..තාත්තා ගොඩක් සැරයි එයා කියන දේ නොකෙරුවොත් එයාට ගොඩක් තරහා යනවා. ඒක නිසා අම්ම එයා කියන දේ ඇහුවා..එයා තාත්තා ගෙදරින් යනකන් ඉදලා මන් ළගට ඇවිත් මාව බදාගෙන ගොඩක් ඇඩුවා..එදා මට අම්මා ගැන දැණුනේ ලොකු ආදරයක්...මොකද අම්මා විතරයි මන් ළග හැමදාම හිටියේ..ඉස්සරහට ඉන්නෙත් ඒක මන් දන්නවා..මේ ගොලු කෙල්ලට කවුරුත් ආදරේ නෑ....
'' ආ...නෝනා හාමු මොකෝ වැඩ ඉවරද අම්මට උයන්න දීලා බලන් ඉන්නේ...තමුසෙට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද ඕයි..අම්මා උයනවා තමුසේ මෙතන අත් දෙකත් බැදන් බලන් ඉන්නවා..'' අක්කා මට එහෙම බනිනකොට මන් අක්කගෙ මූණ දිහා බලන් හිටියේ හිතේ තියන දේවල් කියා ගන්න බැරුව..එයාගේ හැම වැඩක්ම කරන්නේ මම..එයා ගෙදර කිසිම දෙයක් කරන්නෑ..ඒත් පොඩ්ඩක් මන් නිකන් ඉදියොත් මට බනිනවා...
'' මොකෝ ලොකු දුවේ මේ කෑ ගහන්නේ..'' තාත්තත් ඒ වෙලාවෙම කුස්සියට ආවා..අම්මා බය වෙලා බලන් ඉදියේ තාත්තා මට මොනවා හරි කියාවිදෝ කියලා..
'' නෑ තාත්තේ මේ ගොලු හෝන්තුව හොදට මෙතන බලන් ඉන්නවා අම්මට උයන්න දීලා..ඒව හොද වැඩ නෙවෙයිනේ තාත්තේ...'' අක්කා කිව්වේ එයා ගොඩක් හොද කෙනෙක් වගේ...
'' උබ මොකෝ අම්මට වැඩ කරන්න දීලා බලන් ඉන්නේ..මන් උබට කියලා තියනවා නේද උබ මේ ගෙදර හැම වැඩක්ම කරන්න ඕනේ කියලා..තෝව අපි ඉක්මන්ටම මේ ගෙදරින් යවනවා..මට දරුවෝ දෙන්නෙක් නෑ..ඉන්නේ එක කෙල්ලයි...උබ මගේ ළමයෙක් නෙවෙයි..ගොලු එවුන් අපේ පරම්පරාවේ කවදාවත් ඉදලා නෑ..උබ අපේ පවුලේ මඩ ගෑවා..මට උබේ මූණවත් පේන්න බෑ...'' තාත්තා එහෙම කියන ගමන් මන් ළගට ආවේ කේන්තියෙන්...
'' අනේ සිරි කෙල්ලට මුකුත් කරන්න එපා..අනේ මගේ අසරණී...'' අම්මා එහෙම මන් ළගට දුවගෙන ආවත් තාත්තා අම්මව තල්ලු කරලා දැම්මා..
අනේ අර අසරණී හොදටම බය වෙලා..හොදටම ගැහෙනවා...තාත්තගේ දිහා හරි ආදරෙන් බලන් ඉන්නේ මට ගහන්න එපා කියන්න වගේ..මේ කෙල්ලට කතා කරන්න පුලුවන් වුණානම් මේ අසරණී අද ගොඩක් සතුටින් ඉන්න තිබුණා...
'' අපේ පවුල නැති කරන්න ආපු ගොලු මූසලී...උබට මම අද හොද වැඩක් කරන්නම්..හිටපන්...'' එහෙම කිය කිය පහන්දිගේ තාත්තා එයාගේ ඔලුවෙන් අල්ලගෙන බිත්තියෙ ගැහුවේ අර අසරණීට ලොකු දුකක් දෙමින්..අනේ මට රිදෙනවා ඔහොම කරන්න එපා තාත්තේ කියලා කොහොම කටක් ඇරලා කියන්නද දෙයියනේ...ශෙනාදිට නම් හොදටම හිනා තමන්ගේ නංගිට නේද මෙහෙම කරන්නේ කියලා එයාට ගානක්වත් නෑ...ඔහොම ගහලා ගහලා ඇති වුණ නිසා පහන්දිව එහෙම්ම තල්ලු කරලා තාත්තා ගියේ කිසිම හිතක් පපුවක් නැති මිනිහෙක් වගෙ..ඒ කෙල්ල හොදටම බය වෙලා...අත් දෙකත් ගුලි කරගෙන බයෙන් බයෙන් බිත්තියේ මුල්ලටම ගිහින් හේත්තු වුණේ ඇස් දෙකෙන් කදුලු පුරෝගෙන...
'' අනේ මගේ රත්තරන් පුතේ කෝ කෝ මන් ළගට එන්න රත්තරන් තාත්තා ගියා මගේ මැණික ''...මගේ මැණිකට ගොඩක් රිදුනද...අම්මා අඩ අඩ ඇවිත් මාව තුරුල් කර ගත්තා..අම්මටත් මේවට කරන්න දෙයක් නෑ..තාත්ත ඕන විදිහට තමයි ගෙදර හැම දෙයක්ම වෙන්නේ...
'' ඇතිද උබට හම්බ වුණා..අදින් පස්සෙවත් තමන්ගේ තරම දැනගෙන ජීවත් වෙනවා...'' අක්කා එහෙම කියාගෙන ගියේ බිම වාඩි වෙලා ඉදපු මගේ කකුලකුත් පාගෙගෙන...
'' ඇයි දෙයියනේ උබලා මේ අසරණී ට මෙච්චර කරදර කරන්නේ..උබලට කියලා හිතක් පපුවක් නැද්ද...'' අම්මා එහෙම කෑ කෑගැහුවේ අක්කට...
'' අම්මේ අම්මා දුක් වෙන්න එපා මට ගොඩක් රිදුන්නෑ..මට මේවා දරා ගන්න පුලුවන් අම්මේ මට මේව දැන් පුරුදුයි...මම එහෙම හිතින් හිතුවේ කටින් කියන්න බැරි කමට...මාව මේ ජීවිතෙන් ගලව ගන්න දෙවියනේ...

'' අම්මේ අම්මේ දැන් අර කට්ටිය එනවත් ඇති...''
'' උබ ලෑස්තිද ලොක්කියේ..අනේ අපි මේ කරන්නේ වැරදි වැඩක් දෙවියනේ...මගේ නම් හිතට හරි නෑ ලොක්කියේ..අර අසරණී තමයි දවසක දුක් විදින්න ඕනේ...''
'' අනේ මේ අම්මේ අම්මටනම් මොකද අම්මට ඕනේ තවත් ඕකිව හුරතල් කර කර තියාගෙන ඉන්නද...අනේ මේ අම්මේ මෙතන නහයෙන් අඩන්නැතුව ඉන්නවද...තාත්තට එහෙම ඇහුණොත් නිකන් බැනුම් අහන්න වෙන්නේ...''
'' අක්කටයි තාත්තටයි ඕන දේ එයාලා කොහොම හරි කරනවා මට මොනවා වුණත් එයාලට ගානක් නෑ..ඇත්තටම මාව මෙ පවුලට බරක්...කවුරුත් මට ආදරේ නෑ...ඔය එන මිනිස්සු ඇත්ත දැන ගත්තොත් මොනවා වෙයිද දෙයියනේ...'' කෙල්ල එහෙම හිත හිත කාමරේට වෙලා අඩන්න ගත්තේ තමන්ට වෙන්න යන දේ හිතා ගන්නවත් බැරුව..
පහන්දිගේ පවුලේ අය හදන්නේ ඒ කෙල්ලව කොහොම හරි බන්දලා දෙන්න..ඒත් එහෙම කරන්න හදන්නේ ලොකු බොරුවක් කරලා..එන මනමාලයා ඉස්සරහට යන්නේ පහන්දි නෙවෙයි අක්කා..එතකොට කවුරුත් දැන ගන්නෑනේ පහන්දි ගොලුයි කියලා..අනික මේ දෙන්නම එක වගේ නිසා අදුර ගන්නත් බෑ..පහන්දිගේ අම්මා මුලින්ම මේ වැඩේට කැමති වුණේ නෑ..ඒත් අන්තිමට සිරීගෙයි පහන්දිගේ අක්කගෙයි බල කිරීමට එයා ඒකට කැමති වුනේ මේ අසරණීටත් යන කලක් තියෙන්න ඕන නිසා...
'' උබට මේ මගුලවත් හරි ගියොත් හොඳයි...එතකොට මට බයක් නැතුව මේ ගෙදරට යාලුවෙක්වත් ගෙන්න ගන්න පුලුවන්..උබ මේ ගෙදර ඉන්නවා දකින එක තමයි මගේ ජීවිතේ මන් දකින අප්පිරියම දේ...උබ මේ මිනිස්සු ටික යනකන් එලියටන්ම් එන්න එපා හොදද..දන්නවනේ තාත්තගේ හැටි...'' අක්කා මට එහෙම කිව්වේ තර්ජනය කරන ගමන්...කරන්න දෙයක් නැති කමට මම මගේ ජීවිතේ පොඩි කාලේ ඉදන් මට වෙච්ච හැම දේම ලියලා තියන මගේ diary අතට ගත්තේ මගේ හිතේ තියන හැමදේම ලියන්න ඕන නිසා..

මෙතුල් තත්සර අවුරුදු ගාණක් රට ඉදලා ගිය මාසේ ලංකාවට ආවේ..හරිම අමුතු කොල්ලෙක් රට ඉන්නකොට ඕන තරම් කෙල්ලෝ එක්ක ඉදියා..ඒත් කවදාවත් බදින්න කෙල්ලෙක් ආශ්‍රය කරේ නෑ...සල්ලි කොච්චර තිබුණත් කොල්ලගේ පවුලේ අයටත් කොල්ලටවත් කිසි ලොකුකමක් හිතේ නෑ..හැබැයි බොරුවයි වංචාවයි පේන්න බෑ... පහන්දිගේ ගෙදර එන්නත් කැමති වුණේ මෙතුල්වත් පවුලේ අයවත් සල්ලි පස්සෙ දුවන්නේ නැති නිසා...හැබැයි කොල්ලගේ හිතේ කිසිම ආසාවක් නෑ බදින්න ගෙදර අයගේ බල කිරීමට මෙහෙම ගමනක් ආවේ...

'' මොකද කියන්නේ පුතේ කෙල්ල නම් ලස්සනයි...අහිංසකයි...අපි නම් මේකට කැමති පුතා මොකද කියන්නේ...'' මෙතුල්ගේ අම්මයි තාත්තයි එහෙම ඇහුවේ පහන්දිගේ අක්කා ශෙනායව දැකලා..ඒත් ඇත්තටම මේ ගෙදර අය කරන්න යන බොරුව දැන ගත්තොත් මේ අය මොනවා කරයිද...
'' අම්මලගේ කැමැත්තක් මට ඕන දෙයක්...'' මෙතුල් එහෙම කිව්වේ අම්මලා කියපු දේ ගනන් නොගෙන වගේ..ඒත් ශෙනායව දැක්කම මෙතුල්ගේ හිතේ පොඩි කැමැත්තක් ඇති වුණා..
'' එහෙනම් අපි මේක ඒ ගෙදර අයට කියමු පුතේ...සල්ලිකාර පවුල් වල ළමයින්ට වඩා ගමේ අහිංසක කමට හැදුනු කෙල්ලො තමයි හොද...'' මෙතුල්ගේ අම්මා එහෙම කිව්වේ ඇත්තටම සතුටකින්..තමන්ගේ පුතා මේ යෝජනාවට කැමති වුණා කියලා එයාට හිතා ගන්නවත් බෑ...

'' අන්න උබේ කුමාරයා උබට කැමති වෙලා..අක්කා මන් ළගට ඇවිත් එහෙම කිව්වේ මගේ හිතේ බය තවත් වැඩි කරවන ගමන්..අනේ කවදාවත් දැකලවත් නැති කෙනෙක්ව මන් කොහොමද මෙහෙම බදින්නේ..අනික එයා මම ගොලුයි කියලා දැන ගත්ත දවසට මට මොනවා නොකරයිද...ඇයි මාව මෙහෙම අසරණ කරන්නේ දෙවියනේ...
දින සති ගණන් ගෙවිලා ගියා..මෙතුල් ආයිත් කවදාවත් පහන්දිලගේ ගෙදර ආවේ නෑ..ඒත් ඉදලා හිටලා ගෙදරට කෝල් කරා..පහන්දි වගේ කතා කරේ ශෙනායා..ඒ කියන්නේ පහන්දිගේ අක්කා..මේ රගපෑම දිගටම කෙරීගෙන ගියා..අන්තිමට වෙඩින් එක දවසත් ලං වුණා..කෙල්ල හිටියේ ගොඩක් බය වෙලා..අදුරන්නෙවත් නැති කෙනෙක් එක්ක තමයි මේ අහිංසකීට ජීවත් වෙන්න වෙන්නේ හෙට ඉදන්...

'' මොකද අනේ ඔයා බය වෙලා වගේ ඉන්නේ..'' මෙතුල් මට ළං වෙලා එහෙම ඇහුවත් මට ඒකට උත්තරයක් දෙන්න විදිහක් තිබුනේ නෑ...
'' බය වෙන්න එපා අනේ මම යකෙක් නෙවෙයි...'' කොල්ලට කෙල්ල ගැන සැකයක්වත් ඇති වෙලාද ...එහෙම වුණොත් හැමදේම මෙතනින් ඉවර වෙනවා..
කොහොමින් කොහොම හරි වෙඩින් එකේ වැඩ ඉවර වුණා..ශෙනායටයි තාත්තටයි ගොඩක් සතුටුයි..ගොලු කෙල්ල නැත්තන් ගොලු හෝන්තුව මූසල කෙල්ල අද ඉදන් ගෙදර නැති නිසා...ඒත් අම්මනම් ඉදියේ ගොඩක් බයෙන් වගේම දුකින් ...කෙල්ලට මේ මොහොතේ ඉදන් එක තත්පරෙත් එක විනාඩියෙත් ඉන්න වෙන්නේ බයෙන් කියලා අම්මා දන්නවා..
'' මේ කෙල්ලේ මොකද ඔයා අද මාත් එක්ක එක වචනයක්වත් කතා කරන්නැත්තේ...'' මේ අපේ පලවෙනි රෑ..ඇත්තටම මට මෙතුල්ව දැක්කම හරි පුරුදු බවක් දැනුණේ..ඒත් මම මේ කොල්ලව රවට්ටනවා නේද කියලා දැනෙනකොට මට කියා ගන්න බැරි තරම් දුකයි..එයා බැන්දේ ගොලු කෙල්ලෙක්ව කියලා එයා දැන ගත්තොත්...
කොල්ලව රවට්ටන්න කෙල්ලට හිත දුන්නෙම නෑ..එයා කරේ ඇදේ වාඩි වෙලා ඉන්න මෙතුල් ළගට ගිහින් එයා පොඩි කාලේ ඉදන් අද වෙනකන් තමන්ගේ හිතේ තිබුණ හැම දේම ලියපු diary එක ගිහින් මෙතුල්ගේ අත උඩින් තිබ්බේ..මේක ගන්න කියලා කටින් කියන්න බැරි කමට...එහෙම දීලා කෙල්ල wash room එකට ගිහින් දොර වහා ගත්තේ තව ටික වෙලාවකින් තමන්ට වෙන්න යන දේ දන්න නිසයි..
පුදුමෙන් වගේ පහන්දි දිහා බලන් ඉදපු මෙතුල්ට මේ මොකද්ද වුණේ කියලා හිතා ගන්නවත් බෑ..කෙල්ල diary එකත් දීලා මෙහෙම අඩාගෙන wash room එකට දිව්වේ ඇයි...කොල්ලා පොත අතට ගත්තේ හිතේ දෙගිඩියාවෙන්...

'' ඇරපන් මේ දොර උබලා අපිව රැවැට්ටුවා..තෝ වගේ ගොලු කෙල්ලෙක් එක්ක මට ජීවත් වෙන්න බෑ යකෝ...පලයන් යන්න මගේ දෑහැට නොපෙනී..බොරුව තමයි මට පේන්න බැරි..උබලා කොහොමද යකෝ මෙච්චර ලොකු බොරුවක් කරේ කියපන්...උබ ගැලපෙන කෙනෙක් හොයා ගනින් ආව මෙතන මගේ කරේ එල්ලෙන්න..'' මෙතුල් එහෙම කියලා දොර ඇරන් එලියට ආපු කෙල්ලව ඇදලා තල්ලු කරලා දැම්මේ ගොඩක් තරහින්..හිතුවෙවත් නැති විදිහට කෙල්ලව පෙරලිලා ගිහින් පඩි පෙලෙන් වැටිලා බිත්තියේ ඔලුව වැදුනේ කෙල්ලගේ ජීවිතේම අපායක් කරමින්...
සතියකට පසුව...
'' අනේ මගේ රත්තරනේ නැගිටින්නකෝ මේ පව්කාරයට සමාව දෙනවා නේදා...මන් ඔයාව කවදාවත් අඩවන්නෑ මගේ රත්තරනේ ...ඒක මන් පොරොන්දු වෙනවා..එදා ඔයා මට දීපූ පොතේ මම කියෙව්වේ මුල් පිටුව විතරයි දෙයියෝ..ඒකේ ඔයා ගොලු කෙල්ලෙක් කියලා ලියලා තියෙනවා දැක්කම මට හිතා ගන්නවත් බැරි වුණා...මට එදා ඔයත් එක්ක ගොඩක් තරහා ගියා මගේ රත්තරනේ ...ඒත් මම ඒ diary එක හරියටම කියෙව්වුමයි දැන ගත්තේ ඔයා මේ කිසි දෙයක් කරේ නෑ කියලා..මගේ අසරණී කොච්චර දුක් විදලා තියනවද...අනේ මට සමාව දීපන් මගේ රත්තරනේ...ඇස් දෙක ඇරපන් මගේ දෙයියෝ...'' මෙතුල් මෙහෙම හැමදාම ඇවිත් පහන්දිගේ ඇද ළගට වෙලා අඩනවා..දැන් සතියක් වෙනවා කෙල්ල ඇස් අරින්නෑ...
'' අනේ ඩොක්ටර් මගේ කෙල්ලව බේර ගන්න බැරි වෙයිද...'' මෙතුල් බලාපොරොත්තු ගොඩක් තියාගෙන හැමදාම ඩොක්ටගෙන් මෙහෙම අහන්නේ තමන් කරපු වැරැද්දට කෙල්ලගේ කකුල් දෙක අල්ලලා සමාව ගන්න ඕනේ නිසා...
''ඒක අපිට හරියටම කියන්න බෑ මිස්ටර්...''
ඩොක්ටර් හැමදාම කියන්නේ එකම උත්තරේ..
'' අනේ දෙවියනේ පොඩි කාලේ ඉදන් දුක්විදපු මගේ අසරණීට ඇයි ඔබ වහන්සේලා මෙහෙම වද දෙන්නේ ...මගේ රත්තරන් කවදාවත් කාටවත් වරදක් කරලා නෑ බුදු හාමුදුරුවනේ... අනේ මගේ කෙල්ල...''පහන්දිගේ අම්මත් හොදටම අඩනවා..ශෙනායත් ගොඩක් දුකින් බලාගෙන ඉන්නේ තමන් නංගිට කරපු නපුරුකම් මතක් වෙන නිසා...
'' අනේ මගේ මැණික ඇස් අරිනවා ඩොක්ටර්...මගේ කෙල්ල ඇස් අරිනවා..මෙතුල් දුවගෙන ගියේ කෙල්ල ළගට කොල්ලට හිතේ තියන සතුට කියා ගන්න බැරි තරම්...''
'' අ.....ම්....මේ.......'' ගොත ගගහ කෙල්ල එහෙම කිව්වේ හැමෝවම පුදුම කරමින්...මොකද්ද මගේ රත්තරන් කිව්වේ අනේ තව එක පාරක් කියන්න...අම්මා පහන්දිව බදා ගත්තේ හරි ආදරෙන්...
'' Congratulations මිස්ටර් මෙතුල් පහන්දිට ඇති වෙච්ච කම්පනෙත් එක්ක එයාට දැන් කතා කරන්න පුලුවන් වෙලා...''
'' මගේ මැණික ඔයා මේ පව්කාරයට සමාව දෙනවා නේද හැමදාම මාත් එක්ක ඉන්නවා නේද....''
පහන්දි මෙතුල් දිහා බලලා අහිංසක කමට හිනා වුණේ මෙතුල් ගැන හිතේ තිබුණු ආදරේත් එක්කමයි....

-Thilini Madushika

Stories

ඇයි මට මෙහෙම වද දෙන්නෙ?
දැන් උඹට එන්න බැරිද? දන්නවනේ උඹගෙ ඇඳුම් නැති මං එක්ක හිටපු ඔක්කොම පොටෝ යවනවා හැමෝටම.

Stories
"කුසුමේ නැන්දාට ගිහිල්ල දීපං පුතේ..".
"හා."
"මගදී ලිං වලට එහෙම එබෙන්නේ නෑ තේරුනාද?."

Stories

හැමදාම මම ස්කෝලෙ යද්දි පරක්කුයි.අපේ පන්තිබාර ටීචර් හැමදාම දෙන දඩුවම තමා පන්තිය ඉස්සරහ දන ගහන් ඉන්න කියන එක. නිකන් නෙවේ කන්දෙක දෙපැත්තට අල්ලගෙන.

Stories

නොහැකිද මට සිත් ගත් ලදකට ප්‍රේම කරන්න. මේ ජීවිතය මගෙම නොවේද..? හැකිනම් අද වෙන කොට තනියම ජීවත් වෙන්න. ඇයි නොහැකි ප්‍රේමය සිතැගි පරිදි තෝරගන්න. මේ මගේ කතාව……. සමාජය පිලි නොගත්තත් මගේ ප්‍රේමය. කිසිදු ලදක් ඉදිරියේ නොනැමුන ඇයම පමනක් අරක් ගත් ප්‍රේම ගුහාව.

නමින් මම ධනිදු අකලංක. අම්මා අප්පච්චී අක්කා මම. ඉපදුණු දා ඉදන් මෙහෙමයි කියලා කිසිදු අඩුපාඩුවක් මේ ජීවිතේ ඇතුලේ මට තිබුලා නෑ.

ලෝකයක් පීරුවත් හොයා ගන්න බැරි රත්තරන් අම්මෙක් අප්පච්චියෙක් මට ඉන්නවා. පොඩි පොඩි රංඩු සරුවල් තිබුනත් මගෙ අක්කා මගෙ ජීවිතේ දකුණු අත වගේ. ඇයටත් මම ඇගේ ලෝකයේ ශක්තිය වුනා. ඉතින් තවත් කියන්න දෙයක් තියනවද., ඉපදුනේම ජීවිතේ දිනපු මිනිහෙක් විදියට.

ඉපදුනේ නුවර පිළිමතලාව ප්‍රදේශයේ වුනාට අප්පච්චිගේ අම්මාගේ රැකියාවන් නිසා හැදුනේ වැඩුනේ කොළඹ ප්‍රදේශයේ. අප්පච්චී කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කතිකාචාර්ය වරයෙක් විදියට කටයුතු කරද්දී අම්මා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නර්තනය ඉගැන්නුවා. අක්කා මම කොළඹ ලොකු පාසල් වල ඉගෙනුම ලැබුවා.

උඩරට පැලැන්තියේ යුවලක් වුන අම්මා අප්පච්චීගේ රැකියාවත් එක්ක අනුබද්ධ වෙච්ච විශාල නීති මාලාවක් මගෙයි අක්කගෙයි ජීවිතේට පැනවිලා තිබුනා. ඒත් කිසිම දවසක ඒ දේවල් වදයක් විදියට අපි දැක්කේ නෑ.

උසස් අධ්‍යාපනය හමාර කරපු අක්කා වැඩිදුර අධ්‍යාපනය සදහා ඕස්ට්‍රේලියාවට යද්දී මමත් ඊට අවුරුදු තුනකට පස්සේ ඕස්ට්‍රේලියාවට ගියේ මගෙත් වැඩිදුර අධ්‍යාපනය සදහාමයි. මායි අක්කායි නැතුව ලංකාවේ ජීවත් වෙන්න බෑ කියපු අම්මායි අප්පච්චීත් මාස පහකට විතර පස්සේ අපි ලගට ආවා.

ආයෙමත් ලංකාවේ වගේම අපේ පවුල ඕස්ට්‍රේලියාවේ අපේ ජීවිත ගමන ආරම්භ කෙරුවා. ජීවිතේට දුකක් කියලා නොවිදපු මම හරි ලේසියෙන් මගෙ ගමන ගියා. ඒ වෙද්දී මට වයස අවුරුදු 28ක් විතර වෙන්න ඇති. පවුලේ ආදරය මදි නොකියන්න ලැබෙද්දී පිටස්තර ආදරයකට හිත යොමු වුනේ නෑ.

ලංකාවට සාපේක්ෂව ඕස්ට්‍රේලියාවේ සමාජ සංස්කෘතිය අසෝබන නිසාම මම දැක්කේ කෙල්ලො කියන්නේම අසංවර අසීලාචාර මිනිස්සු කොට්ඨාසයක් විදියටයි. මගෙ අක්කාට වුනත් ඇදුම් පැලදුමෙන් හැසිරීමෙන් අප්පච්චීගෙන් නැති නීතිරීති මගෙන් පැනවිලා තිබුනා. මොන රට රාජ්‍ය වල ගියා වුනත් මගෙ සංස්කෘතියට ගරු කරන දේ මගෙ ලේ වල ඉදන්ම තිබුනා.

ඒ විදිහට හිටපු මම හිතපු නැති වෙනස් වීමකට ලක් වුනා. ජීවිතේ කෙදිනකවත් ප්‍රේමයක් ගැන නොසිතපු මම ඇය දුටු මොහොතේ ඉදන් නොදැනුන හැගීම් ගොන්නක් හිතේ තෙරපෙන්න ගත්තා. ඒ දවස ඒ මොහොත ගැන හිතද්දි අදටත් මට හීනයක් වගේ.

ඕස්ට්‍රේලියාවේ ඉගෙනීම නිමා කරපු මම එහිම රැකියාවක් කරන්න පටන් ගත්තා. ඒ වෙද්දිත් ජීවිතේ හැමදේම ලබා තිබුන මම විවාහය ප්‍රේමය කියන සබ්ජෙට් එක ඇතුලේ ෆේල් වෙන්න ගත්තා. වයසත් පහු වෙමින්ම තිබුන නිසා අම්මා නිතරම කසාදය කියන මාතෘකාව ගැන කියවන්න පටන් ගත්තා.

පුතා…. ඔයා අපි ගේන කිසිම ප්‍රපෝසල් එකකට කැමති වෙන්නෙත් නෑ. හිතේවත් ගෑනු ළමයෙක් ඉන්නවනම් අපිට කියන්න ළමයෝ..

මගෙ හිතට හරියන කෙනෙක් තවම හම්බුනේ නෑ අම්මා.. ටිකක් ඉවසලා ඉන්නකෝ… බදින්නෙම නෑ කියලා නෑනේ අම්මා මම ඔයාලට..

එහෙමයි කියලා නාකි වෙනකන් ඔහොමම ඉන්නද ළමයෝ..

අයියෝ අම්මා….

තාත්තගේ කම්පැනි එකේ බොස්ගේ දුව පුතාව දැකලා පුතා ගැන අහලා එවලා තිබුනා. පුතා මොකද කියන්නේ..?

ආ…පෝ…. අර ස්ටැලී කියන කෙල්ලද..? මෙලෝ රහක් නෑ අම්මා. ඇදුමක් ඇන්දත් නිකන් ඇදලා නෑ වගේ..

මේ රටවල් වල සංස්කෘතියේ හැටිනේ පුතා. බැන්දාම පුතාට ඕන විදියට වෙනස් කරගන්න පුලුවන්නේ..

කොහොමද අම්මා හරියටම එහෙම කියන්නේ.? මොකද හදාගන්න බැරි වුනොත් ඩිවෝස් කරන්න කියලැයි. අනික මොකටද අම්මා හදාගන්න බලාගෙන ගෑනියෙක් බැදගන්නේ…?

අනේ මන්දා පුතා. පුතා එක්ක කතා කරලා දිනන්න බෑ. වයස යනකන්ම ඔහොම ඉන්නකෝ…

අම්මයි මමයි කතා කරන්න පටන් ගත්තොත් හැමදාම නවතින්නේ මෙතනින් තමා.

ඔය අතර දවසක් යාලුවෙක් මට කතා කරලා එයාගේ වෙඩින් එකට ඉන්වයිට් කරා. නොගිහින්ම බැරි ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් අපි දෙන්නා අතර තිබුන නිසා සති දෙකකට නිවාඩු අරගෙන මම තීරණය කලේ ලංකාවට යන්න.

අවුරුදු 3කට විතර පස්සේ ලංකාවට ගියපු මම කොළඹ අපේ ගෙදරම නතර වුනා. කාලෙකින් නිදහසේ ඉන්න දවස් කිහිපයක් ලැබුන නිසාම මම යාලුවොත් එක්ක ඇවිදින්න පටන් ගත්තා.

ඔය අතර දවසක ජීවිතේ කවදාවත් නයිට්ක්ලබ් එකකට අඩිය තියලා නැති මම ‘අරවින්ද’ කියලා මගෙ යාලුවෙකුගේ බලකිරිල්ලටම නයිට්ක්ලබ් ගියා.

එදා තමා මගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්තේ. මුලින්ම කියපු හැගීම් ගොන්නක් ගලාගෙන ආව මොහොත. ඔව් ඒ ඇයව දැකපු මොහොත. ජීවිතේ අච්චර සීමා දාගෙන හිටපු මමත් නයිට්ක්ලබ් එකක කෙල්ලෙක් ඉස්සරහ ඒ හැම සීමාවක්ම බින්දා. කවදාවත්ම ප්‍රේමය කියන දේ නොදැනිච්ච මගෙ හිතට ඒ ඇස් දෙක ප්‍රේම හැගුම් ගේන්න සමත් වුනා.

කොටට අදින කෙල්ලෙකුටවත් කැමති නැති මම අද නතර වෙලා ඉන්නේ කොහොම කෙනෙක් ලගද කියලා කිව්වොත් ඔයාලට හිතාගන්නත් බැරිවෙයි. නයිට්ක්ලබ් එකෙන් දැකපු ඇය කන්න බොන්න නටන්න විතරක්ම ආපු කෙල්ලෙක් නෙවේ කියලා මට ඇය දුටු ගමන් හිතාගන්න අමාරු වුනේ නෑ.

ඒ ඇදුම් පැලදුම් , ඒ මේකප් එක , මූනෙන් පෙන්වන හැගීම් , හැසිරීම් විලාසය මට ඇයගේ ඉතිහාසය හරි අපුරූවට තේරුම් කෙරුවා. නමුත් ඇය කෙරෙහි ඇති වුන ආලය, ජීවිතේ පලවෙනි වතාවට හිතේ ඇති වුන ප්‍රේමය මට නවත්ත ගන්න බැරි වුනා.

වෙන පිරිමියෙක් ලග දැවටි දැවටි හුරතල් වෙන විදිය. මටම පුදුමයි මගෙ ඇස් වහ වැටිලා වගේ ඇය ලග නතර වෙලා. හිත කිව්වෙම ගිහින් කතා කරන්න කියලා. ඉවසිය නොහැකි තරමට ක්ෂණයකින් ඇය මාව වසගයට අරගෙන. මිනිත්තු කිහිපයක් බලාගෙන හිටපු මම අඩිය තිබ්බේ ඇය ලගට යන්න.

ළගට ගියත් මාව වගක් නොවුන ඇය වෙන පිරිමියෙක් ලග හුරතල් වෙනවා. ඇත්තනේ මම කවුද.? ගණන් අරගෙන කතා කරන්න මම කවුද.? දුටු සැනින් ඇයට ප්‍රේම කරන වග පැවසුවොත් ඇය කුමක් කියාවිද.? සිනාසේවිද මට.?

වගක් නෑ මට. දෑස් ඇය ලග තබා සිත කොහෙදෝ ගිහින්.

හෙලෝ…..හෙලොව්…මිස්ට…

ඔව් ඒ ඇය. මගෙ ඉස්සරහ. මට කතා කරනවා. සිහියක් නොතිබුන මම තවමත් ඇය දිහා බලාගෙන. රත් පැහැ ගැන්වුන ඒ තොල් හරි ලයාන්විතව හිනාවෙනවා.

හෙලෝ මිස්ට…. මොන ලෝකෙද අනේ ඉන්නේ..?

ඇයම හඩ අවදි කරද්දී අමාරුවෙන් සිනහවක් ගත් මම හිස වැනුවේ මුකුත් නෑ කියලා කියන්න.

හිතන්නත් කලින්ම මගෙ අතින් අල්ල ගත් ඇය හරිම හුරුපුරුදු ලෙන්ගතු කමකින් මාව එක්ක ඇවිත් පුටුවකින් වාඩි වුනේ මටත් වාඩි වෙන්න කියලා අතින් සං කරන ගමන්. කිසිත් නොකියූ මමත් ඇය ඉදිරියෙන් වාඩි වුනා. හරි අපූරුවට වයින් වීදුරු දෙකක් ඕඩර් කරපු ඇය එක වයින් වීදුරුවක් මගෙ අතින් තැබුවා.

ජීවිතේ කිසිම දවසක මත්බීමක් පානය කර නැති මම අතේ තිබුන වයින් වීදුරුව මේසය උඩින් තිබ්බේ ඇය දෙස බලා කටකොනින් සිනහ වෙමින්මයි.

බොන්න… ඇයි මොකක්ද අවුල..?

මම බොන්නේ නෑ….

ගැහැනියකට නුසුදුසු වචන විලාසයකින් කතා කරන ඇය උස්හඩින් මගෙන් ඇහුවේ වාදනය වන ගීතයට ඇග හැඩ කරන ගමන්. මගෙ පිළිතුරත් සමග නොසිතූ ලෙස උස් හඩින් හිනාවුන ඇය මම ලගට ඇවිත් මගෙ අතින් ඇදලා ගත්තේ වාදනය වන ගීතයට ඇය සමග ඩාන්ස් කරන්න.

මගෙ ජීවිතේට මේ සියල්ල නුහුරු වුනත් ඇය ඉදිරියේ සකන්ඩ් වෙන්න නොහැකි නිසාම මම ඇය සමග ඩාන්ස් කරන්න පටන් ගත්තා. පැය බාගයකට වැඩි වෙලාවක් අදික ශබ්දය සමග ගැටිච්ච මට මහන්සි දැනුනා. නමුත් ඇයටනම් මහන්සියක් පේන මානෙක නෑ. මත් ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න මහන්සිය ඇගෙන් ඈතට ගිහින්.

නයිට්ක්ලබ් එකෙන් එලියට යන්න ඕනා වුනත් මට දැන් ඇයව දමා යන්න නොහැකි වෙලා. මහන්සි වැඩි කමටම ගිහින් ඉදගත්තේ.

ඇය විදිනවා , ඇගේ ජීවිතේ , ඇයට අවශ්‍ය විදියට. ඈත තියා මම බලාගෙන හිටියේ ඇගේ ඩාන්ස් එක දිහා. ටිකකින් ඇය කාවදෝ හොයනවා වගේ හිතුනත් ඒ කාවද කියලා මට තේරුනේ නෑ. නමුත් මම තත්පරයක්වත් ඇගෙන් ඇස් අහකට ගත්තේ නෑ.

තවත් විනාඩි කිහිපයකට පස්සේ ඇය ඇවිත් නතර වුනේ මම ලග. ඒත් මගෙ ඇස් තාම ඇය ලග. මත් ගතියෙන්ම ඇවිත් ඇය මගෙ අත අල්ල ගත්තා. පුටුවෙම ඉදගෙන හිටපු මම ඇය දෙසත් ඇය අල්ලගෙන ඉන්න මගේ අත දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ. මත් වෙච්ච ඇස් වලින්ම ඇය මට ඉගි කලේ නැගිටින්න කියලයි.

බෑ ඩියර්.. මට ඩාන්ස් කරන්න බෑ.. මහන්සී…

ඩාන්ස් කරන්න නෙවේ අයියෝ….

එහෙනම්..?

ටිකක් ඔයා එක්ක කතා කරන්න.

ඒ මොනවද.?

ඔය ඇස් දෙකෙන් කියන කතාව..?

හරි පුදුමයි. ඇයට මාව දැනිලද.? මටත් ඇය සමග කතා කරන්න වුවමනාව ඕනවටත් වඩා තිබුනත් මම ඒ දේට පෙලඹුනේ නැත්තේ ඇය මාව වරදවා වටහා ගනී කියලයි. නමුත් ඇයටම මාත් සමග කතා කීරීමට අවශ්‍යයයි කියූ විට ඇයි මම පැකිලෙන්නේ. තාමත් ඇය අල්ලගෙන ඉන්න මගෙ අත දිහා බලාගෙනම මම නැගිට්ටා.

කොහෙටද යන්නේ..?

සිටින් රූම් එකක් තියනවා. එතනට… ඇයි බයද බෙඩ් රූම් එකකට එක්කන් යයි කියලා..?

මම අහපු දේට උස් හඩින් සිනහ සී ඇය පිළිතුරු දුන්නේ.

කොරිඩෝව පහු කරගෙන ගියපු අපි නතර වුනේ ඉතා අලංකාර සිටින් රූම් එකක. ඇයටනම් මෙම ස්ථානය ඉතා හුරුපුරුදු බව තේරුනා. මම ඉදිරියෙන්ම සැටියේ වාඩි වුන ඇය කොෆී දෙකක් ඕඩර් කලා. ටිකකින් වේටර් ඇවිත් කොෆී තියලා යද්දී ඉන් එක කොෆී එකක් ඇය මගෙ අතට දුන්නේ ” කොෆීවත් බොනවා නේද ” කියලා අහන ගමන්. ඇයට මද සිනහවක් පෑ මම කොෆී කෝප්පය තොල ගාන්න පටන් ගත්තා.

ඔයා මේ ක්ලබ් එකට අලුත් නේද.?

තිබුන නිහැඩියාව ඇය බින්දා.

ඔව්. අදමයි ආවේ.

නයිට්ක්ලබ් ද.? නැත්තම් මේ නයිට්ක්ලබ් එකටද.?

නයිට්ක්ලබ්.

එහෙනම් මම හරී..

ඇයි..?

දකිද්දිම මට ඒක හිතුනා..

කොෆී එක බොන ගමන් මද සිනහවකින් ඇය කිව්වේ.

ඔයාටනම් මෙතන හොදට පුරුදුයි වගේ නේද..?

මගෙ ප්‍රශ්නෙත් එක්කම හිතන්නත් කලින් ඇය සිනහ වෙන්න පටන් ගත්තේ. ඇගේ හිනාවට හේතුව තේරුන මම නිහඩවම ඇය දෙස බලාගෙන හිටියා.

මෙතන ඉතින් මට ගෙදර වගේනේ.

හ්ම්……

කුමක් පවසන්නද නොවැටහුන මම නිශ්ශබ්ද වුනා.

ඉතින් මම කැමති ඔයාව අදුර ගන්න. ඔයානම් කැමති නෑ වගේ….

ඇයි නැත්තේ , මමත් කැමතී…

කතා කරන ඒ ඇස් දිහා බලාගෙනම මම කිව්වා.

එහෙනම් ඉතින් මුලින්ම මාව අදුන්වලා දෙන්නම්කෝ…

ඕකේ…යූ ලයික් දැට්..

හ්ම්… මම මන්දාදරී. ගම පොළොන්නරුව. අම්මයි තාත්තයි අයියලා දෙන්නයි මමයි. ගොවි පවුලක්. මහ ලොකුවට සල්ලි බාගේ නෑ. හැබැයි අඩුපාඩුවක් නැතුව ජීවත් වුනා. උසස් පෙළ කරා. කැම්පස් තේරුනා. කොළඹට ආවා. දැන් ඉතින් ජීවිතේ කොළඹ තමා.

රස්සාවක් කරන්නේ නෑ..?

මේක තමා රස්සාව.

ක්ලබ් එකේ ඩාන්ස් කරන එක..?

ඒකත් එක්ක තව කොච්චර දේවල් මේවා ඇතුලේ සිද්ද වෙනවද මිස්ටර්..

කිසිම පැකිලීමක් නැතුව ඇය මේ කතා කරන විදිය ගැන මට හරි පුදුමයි. අනික මෙච්චර ඉගෙන ගත්ත ළමයෙක්. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ.? මොනවගෙන්ද අඩු.., ලස්සන උගත්කම හැමදේම තියනවා. මම ඇය දිහා බලාගෙනම කල්පනා කලා.

හෙලෝව්…මිස්ටර්… ආයෙමත් කල්පනා කරනවා..

ඇගේ හඩින් පියවි සිහියට ආපු මම නැවතත් කොෆී බොන්න පටන් ගත්තා.

ඔයා කවුද..? මමම කතා කරා මිසක් ඔයා ගැන වචනයක් කිව්වේ නෑනේ… CID යෙන්ද දන්නෙත් නෑ..

ඇය කියපු කතාවට මට ඉබේටම හිනා ගියා.

මම කවුද කියලවත් නොදැන මෙච්චර දේවල් කිව්වේ ඇයි ඔයා…මන්දාදරී….??

නම ගම නොදන්නවා වුනාට ඔය ඇස් වල කතාව මට හොදට තේරුනා.

ඒ මොනවද..?

ඇය ඉදිරියේ මගේ හිතේ තිබුන පැකිලීම දැන් දැන් අඩුවෙමින් යනවා.

ඊට කලින් මට ඔයාගේ නම කියන්නකෝ…?

ධනිදු..

වාව්..නයිස් නේම්..

ඔයාගෙත්..

තෑන්ක්ස්.

ඉතින් කියන්නකෝ මොනවද ඔයා මගෙ ඇස් වල දැකපු කතාව.?

මට වයස 27 යි. පිරිමි ආශ්‍රය කරලා ඇති ඉහේ කෙස් ගානට. ඒත් ඔය වගේ ඇස් දෙකක් ජීවිතේ මම දැකපු පලවෙනි වතාව. මම ඕනම දෙයක් කියන්න කරන්න පැකිලෙන කෙනෙක් නෙවේ ධනිදු. ඔයාගේ ඇස් දෙක මගෙ හදවත නතර කෙරුවා. ජීවිතේ කවදාවත් නොදැනුන ආදරය හිතට දැනුනා.

ඔව් එදා මට වගේම ඇයටත් මාව දැනිලා තිබුනා. හැබැයි ඒ රාගික හැගීමෙන් නෙවේ. හිතේම උපන් කුළුදුල් ආදරයෙන්. එදා ඉදලා අද වෙනකන් අපි ආදරය කරනවා. හැබැයි ඒ හිත් වලින්. අදටත් අපි ගතින් එක් වෙලා නෑ කවදාවත්. හැබැයි හිතින් ආත්ම ගානක් දුරට ගිහින්.

මොන දේවල් ඇයට ජීවිතේ ලැබුනත් ඇයට ඇගේ රස්සාවෙන් දුරස් වෙන්න බැරි වුනා. ඒ නිසාම මට මගෙ දෙමව්පියන්ගේ හීනේ හැබෑ කරන්න බැරි වුනා. නමුත් වෙනයම් කිසිම ස්ත්‍රීයක් කෙරෙහි නොදැනුන ඇය කෙරෙහිම පමනක් ඇති වුන ආදරය මට යටපත් කරන්න බැරි වුනා.

එදා ඇය සමග දොඩමළු වුන මේ පිරිමි හද අදටත් ඇයට ප්‍රේමය පුදනවා. ඇය ගණිකා වෘත්තීයේ නියැලුනත් මගේ ප්‍රේමයට එය බාධාවක් වුනේ නෑ. නමුත් ඇයව ඒ වෘත්තීයෙන් ඈත් කරලා මගෙ ලෝකයට ගෙනත් විවාහය කියන බැදීම ඇතුලේ ගැට ගහලා තියා ගන්න මට අවශ්‍ය වුනේ නෑ. මොකද ඇගේ නිදහස මට වටින නිසා.

නමුත් අදටත් මම පතන එකම එක දෙයක් තියනවා. ඒ ” වෙනයම් කිසිම ආත්මයක ඇයට මෙවැනි රැකියාවක නියැලීමට තිබෙන ආශාව නැති වේවා ” කියලයි. ඔව් එදාට මම ඇයව මගේම කර ගන්නවා. මුළු සංසාරෙටම.

අවුරුදු 58ක් වෙච්ච මම අදටත් ඇය නමින් ප්‍රේම කරනවා. ඇගේ සිරුර තලා පෙලා රොන් ගන්න අවැසි නොවුන මම “ප්‍රේමයේ නාමයෙන්” ඇය දෙස බලා හිදිනවා.

නිමි…!!

Lanka Mirror

Stories

මෙහි කතා නායිකාව වන ඇය නමින් සම්මි සමන්මලී විය. නම මෙන්ම ඇයත් ඉතාමත් ලස්සන තරුණියක් විය.ඇගේ පවුලේ මව පියා සහ සහෝදරයෙක් විය.ඇයගේ කතාව ඉදිරියට....
ඈ... දෙව්ලි කෝ බන් සම්මි...

Stories
කාන්තාවක් තම ශරීරය හොඳින් පෙනෙන ලෙස ඇඳුම් ඇඳගෙන වෙළඳසැලකට ගියා ය.

Stories
 
'ම්..මොකක්.. මේ එයාමද...'
'ඒත්... ඒත්... එයා මට කිව්වෙ රට යනවා කියලා නේ ගිය සතියෙ...'

Stories

"අඩෝ...මේ...අරකි මට ලයින් වගේ බන්...මේ පැත්ත බැලුවා දැන් දෙතුන් පාරක්ම..."මම එහෙම කියද්දි සදුනා ඒ මේ අත හැරි හැරී බලන්න ගත්තා...
"කෝ...කෝ...කොහෙද කොහෙද..."

Stories

සමරසිංහ මින්දුලී දිසානයක
මේ එනවා සර්....

Stories

අම්මා නැති වෙලා අදට හරියටම මාස තුනක්..
මම සුදු පාට මල් පොකුරක් අරගෙන අම්මගේ සොහොන ලඟට ගියේ පහනක් පත්තු කරලා එන්න හිතාගෙන..