ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරමින් සිටි කාවන්තිස්ස ඇතාට විශේෂ කණ්ඩායමක් විසින් ප්‍රතිකාර කරමින් පවතින බව පරිසර අමාත්‍යාංශය පවසයි.
‘විෂන්’ වැඩසටහනට වසර දෙකක් සැපිරීම සනිටුහන් කරමින් පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ සහ මාතලේ සිරි සීවලි විද්‍යාලයේ සිසුසිසුවියන්හට ජනාධිපති ලේකම් කාර්යාලය නැරඹීමට අද (24) අවස්ථාව උදාවිය.
රුපියල් මිලියන 212ක වියදමින් පේදුරුතුඩුව මුලික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය වෙනුවෙන් හෙද නිල නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) පස්වරුවේ සිදු කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ ස්වාභාවික පරිසර පද්ධතිය සුරක්ෂිත කරමින් දශක කිහිපයක් පුරා පවතින අලි-මිනිස් ගැටුමට තිරසාර සමාජ, ආර්ථික හා පාරිසරික විසඳුම් සෙවීමේ අරමුණින් නව ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුවේ ක්ෂේත්‍ර අධ්‍යයනය අද (24) ආරම්භ කෙරේ.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම හේතුවෙන් බන්ධනාගාරගතව සිටින කාන්තා රැඳවියන්ගේ වයස අවුරුදු 05ට අඩු දරුවන් සඳහා විධිමත් පෙර පාසල් අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වූ කාර්යාලයේ සභාපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජිත රොහාන් ප්‍රනාන්දු මහතා පැවසීය.
උතුරු පළාතේ ජනතාවට විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් සපයන මාන්කුලම් රෝහලේ සේවා ධාරිතාව නැංවීමට කෙරෙහි අවධානය.
උතුරු පළාතේ, මුලතිවු දිස්ත්‍රික්කයේ මාන්කුලම් ප්‍රදේශයේ පිහිටා ඇති මාන්කුලම් මූලික රෝහල (Base Hospital - Mankulam) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයට පසුගිය දා ලක්විය.
අධිවේගී මාර්ගයේ ධාවනය කරන රථ වාහනවල ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ නීතිය හෙට (19) සිට දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් 2029 වර්ෂය වන විට අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 12ක් සවිබලගැන්වීමේ ඉලක්කය සහිතව, අස්වැසුම ප්‍රතිලාභී හා අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් සඳහා නොමිලේ වෘත්තීය පුහුණුව ලබාදීම සහ රැකියාගත කිරීම අරමුණු කර ගනිමින් “Next Sri Lanka” වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කඩවත, වෑබඩ ප්‍රදේශයේ පිහිටි නිවසක් සෝදිසි කිරීමේදී හෙරොයින්, ගිනිඅවි සහ පතුරම් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ආයතනික ආචාරධර්ම සංග්‍රහය සකස් කිරීම පිළිබඳ එක්දින වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණ.
Page 1 of 767