Friday, August 14, 2026
Follow Us
State

කිසිදු ආකාරයකින් උසස් පෙළ විභාගයේ ප්‍රශ්ණ පත්‍ර පිටවීමක් සිදුවී නැති බවත් අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙසත් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය විභාග කොමසාරිස් ජනරාල් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළාය.

State
තද සුළං සහ රළු මුහුදු ප්රදේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් අද (10) නිකුත් කර තිබේ.
State

මාතර සිට පොතුවිල් දක්වා මුහුදු තීරය රළු විය හැකියි.

State

ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ අරමුදල් යොදා ගනිමින් මුතුරාජවෙල පර්යන්තයේ ඝනමීටර 15,000ක ඉන්ධන ගබඩා ටැංකි 02ක් සහ ඝනමීටර 10,000ක ඉන්ධන ගබඩා ටැංකියක් ඉදි කිරීම සඳහා 2025-06-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

State
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය විසින් සෞඛ්ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කිරීම උදෙසා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්රියාත්මක කර තිබේ.
State

පූජාපිටිය ජල සම්පාදන යෝජනා ක්‍රමය මඟින් ජලය ලබාදෙන ප්‍රදේශ රැසකට අද (06) පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා පැය 05ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දන්වා සිටී.

State
මෙරට තුළ පොල් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීම සඳහා සහ ඉදිරි මාසවල ඇතිවේ යැයි පුරෝකථනය කරනු ලැබ ඇති 'එල්නිනෝ' තත්ත්වයෙන් පොල් වගාව ආරක්ෂා කිරීම සඳහා පොල් ඉඩම්වල ඵලදායිතාව වර්ධනය කිරීමේ සහ තිරසර වගා ක්‍රම ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගෙන තිබෙන අතර  ඒ සඳහා සුළු පරිමාණ පොල් ඉඩම් හිමියන් දිරි ගැන්වීමේ අරමුණින් පොල් ඉඩම් පුනරුත්ථාපන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ.
State

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ඇරඹෙන අතර එය සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී පැවැත් වේ.

State
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් හානි වූ සහ ආපදාවට ලක් වී ඇති ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්රයේ යටිතල පහසුකම් ප්රතිසංස්කරණය කිරීමට හඳුනාගත් ව්යාපෘති 18ක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලැබී තිබේ. ඊට අදාළ ආයතන යටතේ එම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 8,322.96ක් වැය වේ.
State
1999 අංක 46 දරන ප්රජා පාදක විශෝධන පනත යටතේ සංචාරක අධිකරණ සහ මහේස්ත්රාත් අධිකරණ විසින් සුළු වරදකරුවන් වෙත ප්රජා පාදක විශෝධන ආඥා නියෝග ලබා දෙනු ලබයි.
State

මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු වෙයි: 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (2026/08/09) නිකුත් කරන ලද තද සුළං පිළිබඳ අවදානම් කාලගුණ නිවේදනයට අනුව, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සමස්ත ධීවර ප්‍රජාව වෙත මෙම විශේෂ දැනුම්දීම සිදු කරනු ලබයි.

State

කැලණි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මහජනතාව සහ රියදුරන් සඳහා විශේෂ උපදෙස්:

  • අවධානයෙන් පසුවන්න: කැලණි ගඟ ද්‍රෝණියට අයත් පහත් බිම්වල පදිංචි මහජනතාව මේ පිළිබඳව දැඩි සැලකිල්ලකින් සහ අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

  • ගමනාගමනයේදී ප්‍රවේශම් වන්න: එම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල (විශේෂයෙන් අතුරු මාර්ගවල) ධාවනය වන වාහන පදවන්නන් ගංවතුර තත්ත්වය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.

තවද, පවතින අවදානම් තත්ත්වය හමුවේ අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ආපදා කළමනාකරණ අංශවලින් ද ඉල්ලීමක් කර ඇත.

State
'' පශ්චාත් දිට්වා සුළි කුණාටු ප්රතිසංස්කරණ හා ජීවනෝපාය සහය ව්යාපෘතිය ' ක්රියාත්මක කිරීම සඳහා ණය පහසුකමක් ලබා ගැනීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වීම පිණිස 2026-06-15 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත.
State
2026 පහ ශ්රේණිය ශිෂ්යත්ව විභාගය අද (09) උදෑසන 9.30ට දිවයින පුරා විභාග මධ්යස්ථාන 2,723ක පැවැත්වීමට නියමිතයි. ශිෂ්යත්ව විභාගය සඳහා සිසුන් 294,089 දෙනෙකු පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
State

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීමේ කඩයිම් ලකුණු නිකුත් කර තිබේ.

State
 
'දිට්වා' ආපදා තත්ත්වය හේතුවෙන් බෞද්ධ විහාරස්ථාන 758ක්, හින්දු ආගමික ස්ථාන 272ක්, මුස්ලිම් ආගමික ස්ථාන 199ක් සහ ක්රිස්තියානි ආගමික ස්ථාන 99ක් විවිධ ආපදාවන්ට ලක්ව ඇති බව වාර්තා වී ඇත.
State

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි ගැසට් කර තිබේ.

State

2025 අයවැය යෝජනා අනුව පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීමේ මූලික පියවරක් ලෙස නවීන සහ සුවපහසු, දියුණු තාක්ෂණය සහිත බස් රථ හදුන්වාදීමේ වැඩපිළිවෙළ ( Urban Luxury Transport ) යටතේ ආනයනය කළ මෙට්‍රෝ බස් රථ 104ක් රැගත් නෞකාව ඊයේ (29) පස්වරුවේ කොළඹ වරාය වෙත ළඟා විය.