Thursday, December 18, 2025
Follow Us
State
මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්රදේශවලට ඊයේ රාත්රියේ සිට ලැබුණු වර්ෂාව හා මහවැලි නිම්නයේ ඉහළ පිහිටි ජලාශවලින් නිකුත් කරනු ලබන ජලය හේතුවෙන්, ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟට ආසන්න පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
State
ශ්‍රී ලංකාවේ විශ්ව විද්යාල සහ විදේශීය විශ්වවිද්යාල අතර අවබෝධතා ගිවිසුම්වලට එළැඹීම සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ඊයේ (දෙසැම්බර් 15) පැවති අමාත්ය මණ්ඩල හමුවේදී ශ්රී ලංකාවේ විශ්ව විද්යාල සහ විදේශීය විශ්ව විද්යාල, විදේශීය සංවිධාන අතර අවබෝධතා ගිවිසුම්වලට එළඹීම පිණිස අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය වශයෙන් ගරු අග්රාමාත්යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අනුව ඒ සඳහා වන අනුමැතිය හිමි විය.
State

කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද(11) දහවල් 12.30ට නිකුත් කර තිබේ.

State

කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ හුන්නස්ගිරිය සිට මීමුරේ දක්වා මාර්ගය ඇතුලු ස්ථාන කිහිපයක නාය යාම් සහ පස් කඳු පෙරලීමේ අවදානමක් මතුවී තිබේ.

State

2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා වාර පරීක්ෂණ නොපවත්වන ලෙස අධ්‍යාපනය අමාත්‍යාංශය දැනුම් දී තිබේ. 

State

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 2025 අ.පො.ස (උ.පෙළ) විභාගයේ නොපැවැත්වූ විෂයන් 2026 ජනවාරී 12 සිට 20 දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊට අදාළ කාලසටහන පහත සඳහන් වේ.

597660871 1434129724940225 224643673674915478 n

 

State

මධ්‍යම කඳුකරයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත හෙට (19) සහ 22 වන සදුදා දින පාසල් සඳහා නිවාඩු ලබාදීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු යොදා තිබේ.

State

ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි තත්ත්වයේ පවතින බවත් අනෙකුත් සියලු පාසල් හෙට දිනයේ යළි ආරම්භ වන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි. 

State

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 04ක් සඳහා තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

 

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩපලාත, ගඟවට කෝරළය, උඩුදුම්බර, දොළුව, මිණිපෙ, පාතහේවාහැට, මැදදුම්බර, දෙල්තොට, අකුරණ, ගඟ ඉහළ කෝරළය, පාතදුම්බර, යටිනුවර, තුම්පනේ, උඩුනුවර, හාරිස්පත්තුව, පූජාපිටිය, පස්බාගෙ කෝරළය, පන්විල, හතරලියද්ද සහ කුණ්ඩසාලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, ⁠රඹුක්කන, අරණායක, බුලත්කොහුපිටිය, ගලිගමුව, යටියන්තොට සහ වරකාපොල⁠⁠ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සඳහන්ය. 

කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මල්ලපිටිය සහ මාවතගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 

ඊට අමතරව මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල, රත්තොට, අඹන්ගග කෝරළය, උකුවෙල, විල්ගමුව, යටවත්ත, මාතලේ, පල්ලෙපොල සහ ලග්ගල පල්ලේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර තිබේ. 

මේ අතර දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න 

බදුල්ල දිස්ත්‍රික්කය:

- බදුල්ල

- ⁠හපුතලේ

- ⁠හාලි ඇල

- ⁠කන්දකැටිය

- ⁠පස්සර

- ⁠මීගහකිවුල

- ⁠ඌව පරණගම

- ⁠වැලිමඩ

- ⁠ලුණුගල

- ⁠⁠ඇල්ල

- බණ්ඩාරවෙල

- ⁠සොරණාතොට

- ⁠හල්දුම්මුල්ල

කෑගල්ල දිස්ත්‍රික්කය:

- ⁠දෙහිඕවිට

- ⁠දැරණියගල

- ⁠රුවන්වැල්ල

- කෑගල්ල⁠

කුරුණෑගල දිස්ත්‍රික්කය:

- ⁠පොල්ගහවෙල

- ⁠අලව්ව

නුවර එළිය දිස්ත්‍රික්කය:

- ⁠නුවරඑළිය

- ⁠අඹගමුව කෝරලේ

- ⁠තලවකැලේ

- ⁠නෝර්වුඩ්

- ⁠කොත්මලේ බටහිර

- ⁠කොත්මලේ නැගෙනහිර 

- ⁠වලපනේ

- ⁠හගුරන්කෙත

- නිල්දණ්ඩාහින්න

- ⁠මතුරට

රත්නපුර දිස්ත්‍රික්කය:

- ⁠කහවත්ත

- ⁠ගොඩකවෙල

- ⁠කොලොන්න

අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න 

ගම්පහ දිස්ත්‍රික්කය:

- ⁠අත්තනගල්ල

- ⁠දිවුලපිටිය

- ⁠මීරිගම

කුරුණෑගල දිස්ත්‍රික්කය:

- නාරම්මල

රත්නපුර දිස්ත්‍රික්කය:

- කිරිඇල්ල

- ⁠රත්නපුර

- ⁠ඇහැළියගොඩ

- ⁠කුරුවිට

- ⁠ඇලපාත

- ⁠අයගම

- ⁠බලංගොඩ

- ⁠කලවාන

- ⁠ඉඹුල්පෙ

- ⁠නිවිතිගල

- ⁠ඕපනායක

- ⁠පැල්මඩුල්ල

- ⁠කල්තොට

State
නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත.
වලංගුභාවය: 2025.12.18 දින පෙ.ව. 2:30 සිට 2025.12.19 දින පෙ.ව. 2:30 දක්වා
State

මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්ට පැය 15ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

State
තෙවන වාර විභාගය නොපැවැත්වේ - 11 ශ්රේණියට පමණක් විභාග පෙරහුරුවක්...
• අ.පො.ස. උසස් පෙළ විභාගයේ නොපැවැත් වූ ඉතිරි විෂයන් ආරම්භය ලබන වසරේ ජනවාරි 12 දා...
• ගුරු, විදුහල්පති සහ අනධ්යයන කාර්ය මණ්ඩලය සඳහා පාසල් ආරම්භය දෙසැම්බර් 15 වැනිදා...
State
‘ග්රාම නිලධාරී සම්බන්ධ අක්රමිකතා කඩිනම් පැමිණිලි ක්රියාපරිපාටිය’ මැයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ යැයි දක්වමින් ව්යාජ ක්ෂණික ඇමතුම් අංකයක් සහ සෘජු දුරකථන අංක සහිතව සමාජ මාධ්යවල ප්රචාරය වන පුවත සාවද්ය බව ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දෙයි.
State
මෙවර ශ්රී පාද වන්දනා වාරය 2025.12.04 දිනට යෙදුණු උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භ වූ අතර එළඹෙන (2026) වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් නිමාවීමට නියමිතය.
State

අඹේපුස්ස - අලව්ව අතර බුජ්ජොමුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ පැවති පැමිණි ගඩොලින් කරන ලද ආරුක්කු හැඩති බෝක්කුව අසලින් ගලා බසින මාඔය දෙසට තල්ලු වී කැඩීයාම හේතුවෙන් දුම්රිය මාර්ගය අඩි 45ක පමණ කුහරයක් සෑදීම නිසා ප්‍රධාන මාර්ගය අවහිර වීමෙන් ප්‍රධාන උතුරු සහ නැගෙනහිර දුම්රිය මාර්ගවල දුම්රිය ධාවනය ඇණ හිටීන ලදී.

State
මෙරට අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ e- Court ව්යාපෘතිය ඵලදායිව හා කාර්යක්ෂමව ක්රියාත්මක කිරිම සඳහා Clean Sri lanka ව්යාපෘතිය යටතේ වෙන් කරනු ලැබ ඇති ප්රතිපාදනවලින් රුපියල් මිලියන 150 ක ප්රතිපාදන අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
State

අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමූ දැනට 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ගේ 2025- සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2026 ජනවාරි 11 පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.

State
නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇති බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.