Tuesday, February 17, 2026
Follow Us
අර්බුදය තවත් සතියකින් පමණ අවසන්

මේ වන විට පවතින ගෑස් අර්බුදය තවත් සතියකින් පමණ අවසන් වනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ අද පැවසුවා.

ඔහු එලෙස ප්‍රකාශ කරන විටත් අද දිනයේද දිවයිනේ විවිධ ප්‍රදේශවල ගෑස් පෝළිම් දක්නට ලැබුණා.

ගෑස් අර්බුදය මෙන්ම විදුලි අර්බුදය ද මේ වන විට ජනතාව පීඩාවට පත් කර ඇති තවත් ප්‍රධාන ප්‍රශ්ණයක්.

හදිසි අවස්ථාවකදී විදුලිය කප්පාදු කිරීමේ අවදානම තවත් දින 10 ක් පවතිනු ඇති බවයි අමාත්‍ය රමේෂ් පතිරණ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අද පැවසුවේ.

තවදුරටත් විදුලි කප්පාදුවක් සිදුවුවහොත් අඛණ්ඩ ජල සැපයුමටද බාධාවක් විය හැකි බවයි ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර අද පැවසුවේ.

කෙසේවෙතත් අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

(Neth)