Tuesday, February 17, 2026
Follow Us
පාසල් නිල ඇඳුම් වලින් 68% කලාප කාර්යාල වෙත ලබාදී අවසන්

ඉතිරි නිල ඇදුම් රෙදි ජනවාරි මස 31 වන විට කලාප කාර්යාල වලට


පාසල් නිල ඇඳුම් වලින් 68% මේ වන විටත් කලාප කාර්යාල වෙත යවා අවසන් බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසයි.

අමාත්‍යවරයා එම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

එමෙන්ම පසුගිය වර්ශ දෙකේදී පාසල් නොපැවැත්වූව ද ලක්ශ 45ක් වන පාසල් දරුවන්ට නිල ඇදුම් පාසල් පෙල පොත් හා පාවහන් වවුචර්පත් ලබා දුන් බව ද ඔහු සදහන් කළේය.
මෙම වර්ශයට අවශ්‍ය රෙදි මීටර 12,694,000 න් 68% මේ වන විටත් කලාප කාර්යාල වෙත නිකුත් කර ඇති බවත් ඉතිරි නිල ඇදුම් රෙදි ප්‍රමාණය ජනවාරි මස 31 වන විට කලාප කාර්යාල වලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

(Aruna)