දිස්ත්‍රික්ක 4කට කෘෂි යන්ත්‍රෝපකරණ
ආහාර හිගයක් සම්බන්ධයෙන් විවිධ පාර්ශව අනතුරු අඟවා ඇති මොහොතක වගා නො කළ සියලු ඉඩම්වල ආහාර භෝග වගා කිරීමේ ගෙවතු වගා වැඩපිළිවෙලක් ආරම්භ කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා.
ඊට අදාළ උපදෙස් පෙරේදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ලබාදුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළා.
අම්පාර – ත්‍රිකුණාමලය ඇතුළු තවත් දිස්ත්‍රික්ක 4ක ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය මධ්‍යස්ථාන 45කට කෘෂි යන්ත්‍රෝපකරණ බෙදා දීම ආරම්භ කර ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 65ක්.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රධානත්වයෙන් මෙය ආරම්භ කෙරුණු අතර අස්වනු නෙලන යන්ත්‍ර, ට්‍රැක්ටර් ඇතුළු තවත් යන්ත්‍ර මේ යටතේ බෙදාදීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
(Aruna)