Tuesday, February 17, 2026
Follow Us
විදුලිය කැපෙන දින ගණන රජය දැනුම් දෙයි

දින 10ක් විදුලිය විසන්ධි කෙරේ


අවශ්‍යතාව මත අද (12 වැනිදා) සිට ඉදිරි දින 10ක කාලයේ දී රට පුරා විදුලිය විසන්ධි කිරීම් සිදුවනු ඇතැයි රජය ප්‍රකාශ කරයි. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ සිදුව ඇති බිඳවැටීම යථාවත් කිරීමට තවත් දින 10ක පමණ

කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරෙන බැවින් මෙලෙස විදුලිය කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩලයට සිදුවනු ඇතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ ඊයේ (11 වැනිදා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේය.

මේ අතර ඉදිරියේ දී අවශ්‍යතාවක් මතු වුවහොත් විදුලිය කප්පාදු කිරීම සඳහා වන කාලසටහනක් ලංකා විදුලිබල මණ්ඩලය මගින් ඊයේ (11 වැනිදා) ප්‍රසිද්ධ කරනු ලැබීය. ඒ අනුව සමස්ත රට ඒ, බී, සී, ඩී, (A, B, C, D) වශයෙන් කලාප 04කට බෙදා ඇති අතර පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලයේ දී අවශ්‍යතාව මත පැයක කාලයක් බැගින් විදුලිය කප්පාදු කෙරෙනු ඇත. ඉරිදා දිනය නොමැතිව සතියේ සඳුදා සිට සෙනසුරාදා දක්වා දිනවල මෙම විදුලිය කප්පාදුව සිදුකෙරෙන බවද විදුලි බලමණ්ඩලය ප්‍රකාශ කර තිබේ.

(Aruna)