සිමෙන්ති හිඟය හේතුවෙන් ග්‍රාමීය පාළම් දස දහසක් ඉදි කිරීමේ වැඩසටහන ඇතුලු මාර්ග රැසක වැඩකටයුතුවලට බාධා එල්ලවී ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා.
වත්මන් ආර්ථික අර්බුදයට හේතුව කොවිඩ් වසංගතය යැයි ආණ්ඩුවේ බොහෝ අය පවසන කතාව බොරුවක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි.
ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති මැති ඇමතිවරුන්ගේ නාම ලේඛනය ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.
රජය විසින් ආනයනය කරනු ලබන සිමෙන්ති තොග තවත් සති 03ක් තුළ වෙළදපොලට නිකුත් කරන බව ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත, ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් කිර්ති රංජිත් අබේසිරිවර්ධන පැවසුවේ සිමෙන්ති කොට්ටයක් රුපියල් 1,500කට අඩු මුදලකට පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට කටයුතු කරන බවයි.
අම්පාර දිස්ත්‍රික්කයේ මහ කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල යටතේ නාඩු වී කිලෝවක් රුපියල් 90කට සහ සම්බා වී කිලෝවක් රුපියල් 92 කට මිලදී ගැනීමට ඊයේ දින (05) පියවර ගෙන තිබුණි.
While issuing an extraordinary gazette notification the Health Ministry announced that people should not enter public places without having proof of being fully vaccinated against the Coronavirus from April 30.
රජය දැවැන්ත සංවර්ධනයක් සමගම ජනතා සුබසාධනය ද පවත්වාගෙන යන නමුත් මේ සියල්ල සිදුකරන්නේ ඉතාමත් අසීරුවෙන් යැයි අමතක නොකළ යුතු බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
අත්‍යාවශ්‍ය ආනයන සඳහා කෝටා ක්‍රමයක් හඳුන්වා දීමටත්, ආහාර සහ ඉන්ධන මිළදී ගැනීමේදී පාරිභෝගිකයන්ට කූපන් ක්‍රමයක් හඳුන්වාදීමටත් රජයට සිදුවනු ඇති බවට ආරංචිමාර්ග සඳහන් කරයි.
විශ්‍රාමික දුම්රිය නියාමකවරුන් කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට කැඳවීම සඳහා කඩිනමින් අනුමැතිය හිමිවනු ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා.
නිදහස් අධ්‍යාපනයෙන් රාජ්‍ය සේවයට එක්වන නිලධාරීන්ට ජනතාව වැටුප් ගෙවන බැවින් එම ජනතාව සිය හාම්පුතුන් ලෙස සළකා ඔවුන් වෙනුවෙන් තම සේවා කාර්යක්ෂමව ඉටු කිරීමට රාජ්‍ය සේවකයින් වගබලා ගත යුතු බව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා පවසයි.
ගෑස් උඳුන් සඳහා ප්‍රමිති සහතිකය අනිවාර්ය කිරීම සඳහා වන කටයුතු මේවනවිට කඩිනම් කර ඇති බව තාක්ෂණ අමාත්‍යංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ තවත් සති දෙකක් ඇතුළත ඒ සඳහා වන නීති සකස් කිරීමට කටයුතු කරන බවයි.
Page 222 of 638