Sunday, February 15, 2026
Follow Us
අද විදුලිය කපන්නේ මෙහෙමයි

ඔබේ ප්‍රදේශයට විදුලි කපන වේලාව මෙතනින් බලන්න


අද (02) දිනයේ දිවයින පුරා පැය 7යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව උදෑසන 08.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව සිදුකරන බව එම කොමිසම සඳහන් කළේය.

උදෑසන 08.00 සිට දහවල් 01.00 දක්වා සහ සවස 06.00 සිට රාත්‍රී 08.30 දක්වා ප්‍රදේශ කිහිපයකටත්, දහවල් 01.00 සිට සවස 06.00 දක්වා මෙන්ම රාත්‍රී 08.30 සිට රාත්‍රී 11.00 දක්වා සෙසු ප්‍රදේශ සඳහාත් විදුලි කප්පාදුව සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේය.

(Aruna)