විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවන ඩොලර් සඳහා වෙළඳපොලේ පවතින අගයම ගෙවීමට වැඩපිළිවෙලක් මේ වනවිට සකස් කෙරෙමින් පවතින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
සියලු ග්‍රාම නිලධාරි කොට්ඨාශ ආවරණය කරමින් අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහන අද පෙරවරුවේ ආරම්භ කරනවා.
එකිනෙකාට ගරු කරන, අනෙකාගේ පැවැත්මට බාධා නොකරන සමාජ පරිවර්ථනයක් තුලින් අපට නිදහසේ අරුථ තවත් පුළුල් කරගත හැකියැයි තමන් විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට අද (02) අළුයම කඩාවැදුණු පිරිසක් විසින් එහි සිසුන්ට එල්ල කළ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස තමන් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.
හදිසි අවශ්‍යතා සඳහා විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට සිදුවුවහොත් එය සිදු කිරීමට ප්‍රතිපත්තිමය එකඟතාවය හිමිවූ බවත්, එසේ වුවද පෞද්ගලික විදුලි බලාගාරවලින් ඉදිරිපත් කළ කොන්දේසියක් වූ වසර 03කට අඛණ්ඩව ඔවුන්ගෙන් විදුලිය ලබා ගැනීමට එකඟ විය යුතුය යන්නට රජය එකඟ නොවන බවත්, ඒ වෙනුවට අවශ්‍ය කාලසීමාවලදී පමණක් විදුලිය ලබා ගැනීමට නැවත සාකච්ඡා කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කළ බවත්, කැබිනට් මාධ්‍ය සම ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
හෙට දිනට යෙදෙන 74 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපතිතුමා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියේ පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්ට ජනාධිපති රාජ්‍ය සමාවක් ප්‍රධානය කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් පාලන, මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක ප්‍රකාශ කර සිටිනවා.
කම්කරු අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වන කම්කරු ආරවුල් බේරුම්කරණය සදහා ක්‍රියාත්මක වන කම්කරු ආරවුල් බේරුම්කරුවන්ගේ ක්‍රියා පිළිවෙත පිළිබඳ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය අප්‍රසාදය පළ කර සිටියේය.
ඉදිරි මාස 12ක කාලය තුළ රටේ ආර්ථිකය යළි ශක්තිමත් කරමින් ආර්ථික පුනර්ජීවනයකට රට පරිවර්තනය කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
නිදහස් දින සැමරුම් උළෙල නිමිත්තෙන් මස් මාංශ අලෙවිසැල් හා සුරාසැල් වසා තැබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද නිවේදනය කළා.
ගෝලීය කොවිඩ් ව්‍යාප්තියේ වැඩිවීම හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට ද යලි බලපෑම් එල්ලවනු ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
Page 223 of 638