Monday, February 16, 2026
Follow Us
State

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

State

ජනාධිපතිවරණයට පෙර අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී පැවති පළමු මැතිවරණ රැළියේදී රසායනික පොහොර නොමිලේ ලබාදෙන බවටත් ගොවියාගේ වී අස්වැන්න සඳහා සහතික මිලක් ලබාදෙන බවත් පොරොන්දු වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද වනවිට පොහොර ඇතිව හෝ නැතිව හෝ ගොවි ජනතාවගේ ආදායම 100% කින් ඉහළ දැමීමට සමත් වී ඇති බවද ජනාධිපතිවරයා පවසනවා.

State

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල්, සේවා සපයන ආයතන, සංචාරක මාර්ගෝපදේශකයන් හා රියදුරන් මේ වසරේත් ලියාපදිංචි අළුත් කිරීමේ ගාස්තුවෙන් නිදහස් කරන බව සංචාරක අමාත්‍යංශය පවසනවා. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ නිරතවූවනට සහන සැලසීමේ වැඩ පිළිවෙල යටතේ 2020 වසරේදී මෙම සහනය ප්‍රකාශයට පත් කළ අතර මේ වසර තුලද එම සහනය තවදුරටත් ලබාදීමට තීරණය කළ බවයි සංචාරක අමාත්‍යංශය සඳහන් කළේ.

State

කටුනායක ගුවන් තොටුපොල දක්වා මගී ප්‍රවාහන දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි සහ මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

State

විද්‍යාපීඨ උපාධි ගැටලුවට විසඳුම්

State

කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවෙයි

State

දිවයින පුරා ගොවීන්ගෙන් අමුකහ කිලෝග්‍රෑම් ලක්‍ෂයක් මේ වනවිට මිලදී ගෙන ඇති බව කුලුබඩු, වැවිලි බෝග ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.

State

මහජන උපයෝගීතා කොමිසම ජනතාවගෙන් කළ ඉල්ලීම

State

Companies with over Rs. 2 b taxable income for FY21 liable
Surcharge Tax Bill published in Gazette after Cabinet nod
Bill drafted in keeping with 2022 Budget proposal
Tax to be paid by liable individual/entities in two instalments by March and June this year
Tax to be calculated in accordance with the Inland Revenue Act of 2017

State

වාහන එකලස් කිරීමේ කර්මාන්ත ක්‍ෂේත්‍රයේ දේශීයව අගය එකතු කිරීමේ ප්‍රතිශතය ක්‍රමානුකූලව ඉහළ දැමීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි සහ මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

State

විධිමත් පටිපාටියෙන් බැහැරව 06 ශ්‍රේණිය සඳහා සිසුන් දෙදෙනෙකු ඇතුලත් කිරීමට අනුමත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරාට චෝදනා එල්ල වනවා. කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ 06 ශ්‍රේණියට සහ හලාවත ආනන්ද ජාතික පාසැලේ 06 ශ්‍රේණියට සිසුවියන් දෙදෙනෙකු ඇතුලත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා අදාළ පාසැල්වල විදුහල්පතිවරුන් වෙත ලිපි නිකුත් කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

State

President Gotabaya Rajapaksa has directed the relevant officials to immediately release the containers of essential items held up at the Customs.

State

බන්ධනාගාර ගත කිරීමට විකල්පයක් ලෙස සුළු වැරදි සඳහා නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමය හඳුන්වාදීමට අවධානය යොමුව තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ ප්‍රතිසංස්කරණයන්ට ලක්විය යුතු අංගයන් හඳුනා ගනිමින් ඒවාට පිළියම් සහිතව සකස් කර ඇති පස් අවුරුදු සැලැස්මෙන් එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහායි.

State

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

State

ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳ වත්මන් පනත සඳහා යෝජිත සංශෝධනය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තහවුරු කොට ඇති මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, ඉහළ නැංවීම සහ ආරක්ෂා කිරීම සඳහා වූ ප්‍රගතිශීලී පියවරකි

State

කම්කරු ඇමති පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය

State

දේශීය ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය තරම් දියර කිරි තිබියදී පැය ගණන් පෝලිම්වල රස්තියාදු වී විදේශීය කිරිපිටි මිලදී ගැනීමට ජනතාව පෙළඹෙන්නේ කුමන හේතුවක් මතද යන්න ගැටලුවක් බවත්, දියර කිරි තිබියදී කිරිපිටි පරිභෝජනය වැඩිවීම කණගාටුවට කරුණක් බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසනවා.

State

අද දිනයේ පාර්ලිමේන්තුවට ඇතුල්වන පිටස්තර පුද්ගලයින්ට එන්නත් කාඩ්පත අනිවාර්ය බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසනවා. එන්නත් කාඩ් පතේ පළමු හා දෙවන මාත්‍රාව ලබාගෙන ඇති බවට සදහන්ව තිබිය යුතු බවත්, පාර්ලිමේන්තුවේදී එය පරික්ෂා කරන බවත්, යම් කෙනෙකුට එය තහවුරු කළ නොහැකි වුවහොත් පාර්ලිමේන්තුවට ඇතුල් විය නොහැකි බවයි ඔහු නෙත් නිවුස් වෙත සඳහන් කළේ.