Sunday, February 15, 2026
Follow Us
විදුලි බලාගාර 8ක් නවතී

විදුලි අර්බුදය තවත් වැඩිවෙයි


විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම හේතුවෙන් මේ වන විට විදුලි බලාගාර 8ක් නවතා දැමීමට සිදුව ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.

ඒ අනුව, ඉන්ධන මගින් ක්‍රියාත්මක විදුලි බලාගාර වන සෝජිස්ට්ස් සහ උතුරු ජනනී යනයන බලගාර දෙක පමණක් මේ වන විට ක්‍රියාත්මක වේ.

විදුලි බල මණ්ඩලය පුරෝකථනය කර ඇති ආකාරයට අද (02) දිනය දක්වා විදුලි සැපයුමට අවශ්‍ය ෆර්නස් තෙල් ප්‍රමාණය ඝනමීටර් 1036 ක් වුව ද මේ වන විට පවතින ප්‍රමාණය වන්නේ ඝනමීටර් 716 කි.

නැප්තා ප්‍රමාණය ඝනමීටර් 950 ක් වුව ද මේ වන විට බලාගාර සතුව නැප්තා නොමැති බව ද විදුලි බල මණ්ඩලය පවසයි.

අද දින දක්වා අවශ්‍ය ඩීසල් ප්‍රමාණය ඝනමීටර් 2640ක් වුව ද බලාගාර සතුව පවතින්නේ ඩීසල් ඝණමීටර් 650 ක් පමණක් බව ඔවුන් සඳහන් කරයි.

(Aruna)