Sunday, February 15, 2026
Follow Us
බෙලරූස් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් ආරක්ෂිත පියවර ගන්නැයි අගමැතිගෙන් උපදෙස්

රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුදමය වාතාවරණය හමුවේ බෙලරූස් රාජ්‍යයේ උසස් අධ්‍යාපන කටයුතු වල නිරත ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් ආරක්ෂිත පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ විදේශ අමාත්‍ය ජී එල් පිරිස්ට සහ මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අග්‍රාමාත්‍යවරයා එම දැනුම්දීම කර ඇති බවයි. බෙලරූස් රාජ්‍යයේ විශ්ව විද්‍යාල, උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 1500 කට ආසන්න පිරිසක් නියෝජනය කරමින් එම දෙමාපිය එකමුතුව කළ ඉල්ලීමකට කඩිනම් ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙම දැනුම් දීම සිදුකර තිබෙනවා.

ඒ අනුව බෙලරූස්හි සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු 1600 ක පමණ පිරිස සම්බන්ධයෙන් කටයුතු කිරීම බෙලරූස් රාජ්‍යයට ආසන්නයේම පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වන මොස්කව්හ් පිහිටි ශ්‍රී ලංකා තානාපත් කාර්යාලය ඔස්සේ දැනට සිදුවෙමින් පවතින බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කලේ.

ඒ අනුව අදාළ විශ්ව විද්‍යාල සමග සාකච්ඡා කරමින් අධ්‍යයන කටයුතු සති කිහිපයකට ප්‍රමාද කර ගැනීමටත් ඔවුන්ට් රුසියාවට පැමිනීමේ වීසා බලපත්‍ර ලබාගනිමින් ශ්‍රී ලංකාවට පැමිණීමේ පහසුකම් සලසීමටත් කටයුතු කරන ලෙස අග්‍රාමා්‍යවරයා උපදෙස් ලබාදීතිබෙනවා.

(Neth)