Sunday, February 15, 2026
Follow Us
මධ්‍යම අධිවේගයේ තුන්වන කොටසේ ටෙන්ඩරය කඩිමුඩියේ ලබා දීමට සාකච්ඡා

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝ මීටර් 20ක කොටසට අදාල ටෙන්ඩරය කඩිනමින් ලබා දීමට මහා මාර්ග අමාත්‍යාංශය සූදානම්වනවා.

ඒ සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයේදී ඊයේ දිනයේ සාකච්ඡාවක් පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

අදාල ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ සමාජිකයින් එම සාකච්ඡාවට සහභාගී වී තිබෙනවා.

කෙසේවෙතත් කමිටුව නියෝජනය කරන එක් සමාජිකයෙකු එම අවස්ථාවේ වෙනත් ස්ථානයක රැදී සිට ඇති අතර මහා මාර්ග අමාත්‍යාංශයේ වාහනයක් යවා එම සමාජිකයා සාකච්ඡාවට හදිසියේ ගෙන්වා ගෙන ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටස ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉකුත් සමයේ දැඩි කතා බහක් මතු වුණා.

(Neth)