Sunday, February 15, 2026
Follow Us
විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන් විවෘත කරනවා ද?

සරසවි ආරම්භය ගැන දැනුම්දීමක්


මෙරට විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන් ආරම්භ කිරීම මේ මොහොතේ සිදු කළ නොහැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පවසයි.

විශ්ව විද්‍යාල සිසුන් බහුතරයක් නේවාසිකාගාරවල රැදී සිටිමින් අධ්‍යාපන ලැබීම හේතුවෙන් කොවිඩ් පැතිරීමේ අවදානම ඉහළ යාම ඊට හේතුව බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති සම්පත් අමරතුංග මහතා සඳහන් කරයි.

ඒ අනුව දැනට ක්‍රියාත්මක සියයට 50 ධාරිතාව යටතේ විශ්ව විද්‍යාල පද්ධතිය ක්‍රියාත්මක වීම තවදුරටත් පවත්වාගෙන යන බව ඔහු පවසයි.

නේවාසිකාගාරවල ඇති සියලු පහසුකම් පොදුවේ භාවිත කිරීමට සිදු වීම හේතුවෙන් සිසුන් අතර කොවිඩ් පැතිර යෑම වේගවත් වීම වැළැක්විය නොහැකි බවත්, අධ්‍යයන කටයුතු සඳහා සිසුන් සියයට පනහක් කැඳවා තිබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් සහ වව්නියාව විශ්වවිද්‍යාලයේ කොටසක් වසා දැමීමට සිදු වූයේ මෙවැනි තත්ත්වයක් මතු වීම හේතුවෙන් බවත් ඔහු වැදිදුරටත් පැවසීය.

(Aruna)