Sunday, February 15, 2026
Follow Us
ඩීසල් නැවකට ඩොලර් මිලියන 31ක් ගෙවයි – බලශක්ති අමාත්‍යංශය

ඩීසල් නැවක් තවමත් කොළඹ වරායේ පිටත


මෙරටට පැමිණි ඩීසල් ප්‍රවාහන නෞකාවක් සඳහා මුදල් ගෙවීම් සිදුකර ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

අදාළ නෞකාවක් සඳහා සිංගප්පූරුවේ පිහිටි සමාගමක් වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 31ක මුදල් ගෙවූ බව එම අමාත්‍යංශය සදහන් කරයි.

අදාළ නෞකාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 37,300ක් ශ්‍රී ලංකාවට ගොඩබෑමට නියමිත අතර, මේ වන විට එම නෞකාව කොළඹ වරායේ පිටත නැංගූරම් ලා ඇත.
ගෙවීම් සිදුකර ඇති බැවින් කඩිනමින් ඉන්ධන ගොඩබෑමේ කටයුතු සිදුකරන බව බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.

(Aruna)