ගැසට් නිවේදනය රාත්‍රීයේ නිකුත් කෙරේ
අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 600ක් ආනයනය තහනම් කිරීමට රජය පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
ඒ සදහා වූ ගැසට් නිවේදනය ඊෙය් රාත්‍රීයේ නිකුත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසීය.
උදය ගම්මන්පිල අමාත්‍යවරයා මේ බව පැවසුවේ මේ වන විට පැවැත්වෙන “මුළු රටම හරි මගට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවය අමතමිනි.
විදේශ විනිමය සීමිතයි නම් මුලින්ම කළ යුත්තේ ඖෂධ සදහා, දෙක ඉන්ධන සදහා, තුන කර්මාන්ත අමුද්‍රව්‍ය සදහා එහෙම නැතිව හිතෙන හිතෙන ඕන දෙයක් ගේන්න ඉඩදීලා ආනයනය අධර්යමත් කිරීමේ ප්‍රතිවිපාක තමයි අද අපි භූක්ති විදින්නේ.
අද නම් භාණ්ඩාගාර ලේකම්තුමා කිව්වා, ආනයන භාණ්ඩ 600ක් පමණ අධර්යමත් කිරීමට අවශ්‍ය කරන ගැසට් නිවේදයක් අද (02) රාත්‍රීයේ නිකුත් කරනවයි කියලා.
අපි දැන් බොහොම ප්‍රමාදයි. කාලය ගත වෙලා ඉවරයි. නමුත් පරක්කුයි හෝ ඒ තීන්දුව ගැනීම ගැන අපි සතුටු වෙන්න ඕනෙ.
(Aruna)