පාර්ලිමේන්තුවේදී මන්ත්‍රිවරුන් 113 දෙනෙකුගේ බහුතරය පෙන්වීමට කිසියම් පාර්ශවයක් සූදානම් නම් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට මහින්ද රාජපක්ෂ මහතා සූදානම් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.
ඉදිරි දින කිහිපයේ දී ඉන්ධන මිළ සංශෝධනයක් සිදුනොවන බව බලශක්ති සහ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. තවත් සති දෙකක් ගත වන තෙක් මිල සංශෝධනයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නොවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළඳසැල් වැටලීම අද සිට ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එම අධිකාරිය පැවසුවේ වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධ නඩු පැවරීමකදී වරදකරු වන තනි පුද්ගල ව්‍යාපාරයකට අවම රුපියල් ලක්ෂයක හා උපරිමය රුපියල් ලක්ෂ 5 ක දඩයක් අධිකරණයට නියම කළ හැකි බවයි.
ඉන්දියාවෙන් ලබාදුන් ඩොලර් බිලියනයක ණය ආධාර මගින් වානේ ආනයනය කිරීමේ සූදානම් ඇති බවට සතිඅන්ත පුවත්පතක පළවූ පුවත සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය යථාතත්ත්වයට පත්කිරීම සඳහා තවත් දින 02ක් පමණ ගතවනු ඇතැයි ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ දින කිහිපයක් සඳහා භාවිතයට රට තුළ දැනට පවතින ඩීසල් තොග ප්‍රමාණවත් බවයි.
සිය දෙපාර්තමේන්තුවේ සියලු කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදුකරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් ඊයේ සිදුවුණා.
අඩු ආදායම් ලාභී පවුල්, වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගී දීමනා ලබන පවුල් ඒකක ලක්ෂ 33 ක් සඳහා මැයි සිට ජූලි දක්වා අතිරේක දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මේ මොහොතේ ඇතැම් වෘත්තීය සමිති වැඩවර්ජනය කරන්නේ පවතින ආර්ථික අර්බුදය උඝ්ර කිරීමේ දේශපාලන අරමුණ මත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Page 198 of 647