Saturday, February 14, 2026
Follow Us
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ජනතාවට පණිවිඩයක්

අත්‍යවශ්‍ය නොවන සේවා සඳහා අද එන්න එපා


ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් මහජනතාව දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ අත්‍යවශ්‍ය නොවන සේවා සඳහා අද (04) දිනයේදී සිය කාර්යාලයට පැමිණීමෙන් වැළැකී සිටින ලෙසයි.

පරිගණක පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් එම තීරණය ජනතාවට දැනුම්දෙන බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් එක්දින සේවාවලට ප්‍රමාදයක් සිදුවිය හැකි බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

(Aruna)