Saturday, February 14, 2026
Follow Us
අඩු ආදායම් ලාභී පවුල් ලක්ෂ 33 කට මාස 03 ක් සඳහා අතිරේක දීමනාවක්

අඩු ආදායම් ලාභී පවුල්, වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගී දීමනා ලබන පවුල් ඒකක ලක්ෂ 33 ක් සඳහා මැයි සිට ජූලි දක්වා අතිරේක දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ අපහසුතාවට පත්ව ඇති පුද්ගලයින්ට සහන සැලසීමේ අරමුණින් එම තීරණයට එළඹි බවයි අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණ කෙරුණේ. ඒ සම්බන්ධයෙන් එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ වෙළඳ, සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ෂෙහාන් සේමසිංහ.

සමෘද්ධි දීමනාව ලබන පවුල්වලට අමතරව සමෘද්ධි දීමනාව සඳහා අයදුම්කර ඇති තවත් පවුල් හත්ලක්ෂ 32,000 කට ද එම දීමනාව ලබාදීමට තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

 

(Neth)