Saturday, February 14, 2026
Follow Us
කටුනායක ගුවන් තොටුපළට ඩිජිටල් පිවිසුමක්

ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ සැළසුම


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ මෙහෙයුම් කටයුතුවල කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සදහා බහුවිධ වැඩිදියුණු කිරීම් කිහිපයක් සිදුකිරීමට ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගම විසින් සැළසුම් කර තිබේ.

ඒ යටතේ ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ “එක් හැදුනුම්පතක්” යන සංකල්පය මත පදනම්ව පළමු පර්යන්තය හරහා පිටත්ව යන මගීන් සදහා ඩිජිටල් පිවිසුමක් හදුන්වා දීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ.

ඒ අනුව පිටත්වීමෙ පර්යන්තයට ඇතුළු වන ස්ථානයේ විද්‍යුත් දොරටු / මුහුණු සුපරික්ෂණ යන්ත්‍ර ස්ථාපනය කර මගී අනන්‍යතාව සදහා වලංගු විද්‍යුත් ප්‍රවේශ පත්‍රයක් සන්තකයේ පවතින බව සනාථ කර ගැනීම මගින් පහසුවෙන් මගීන්ට පරීක්ෂා කිරීමේ කටයුතු නිමා කිරීමට හැකියාව ලැබෙනු ඇත.

සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව පරිදි ඒ සදහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදෙන ලදී.

(Aruna)