Saturday, February 14, 2026
Follow Us
ග්‍රාම නිලධාරීන් හෙට ලෙඩ වෙයි

ග්‍රාම නිලධාරීන් ගත් තීරණය


රට ස්ථාවර කරන ලෙස ඉල්ලමින් සියලුම ග්‍රාම නිලධාරීන් හෙට (04 වැනිදා) දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇත.

එලෙස අසනීප නිවාඩු වාර්තා කර එම නිලධාරීන් හෙට පෙරවරු 11ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් විරෝධතාවක් සහ පාගමනක් සංවිධානය කර තිබේ.

ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම් එකමුතුව සංවිධානය කරන මෙම විරෝධතා පාගමන පස්වරු 12ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සංදේශයක් භාර දෙන බව එම එකමුතුවේ සභාපති ඩබ්ලිව්. ජී. කමල් කිත්සිරි සඳහන් කළේය.

(Aruna)