Saturday, February 14, 2026
Follow Us
ඉන්ධන මිල සංශෝධනය ගැන තීරණය දෙසතියකින් පසු - බලශක්ති ඇමතිගෙන් ප්‍රකාශයක්

ඉදිරි දින කිහිපයේ දී ඉන්ධන මිළ සංශෝධනයක් සිදුනොවන බව බලශක්ති සහ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. තවත් සති දෙකක් ගත වන තෙක් මිල සංශෝධනයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නොවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඇතැම් පාර්ශව ඉන්ධන මිල ඉහළ යාම සහ ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බවද අමාත්‍යවරයා සදහන් කළා.

සියළුම ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන ප්‍රමිතිය පරීක්ෂා කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.

(Neth)