Saturday, February 14, 2026
Follow Us
අදායම් බඩු වැඩි කරනවා

මුදල් ඇමතිගෙන් හෙළිදරව්වක්


ඉදිරියේදී ආදායම් බදු වැඩි කිරීමට සිදුවන බව මුදල් අමාත්‍ය අලි සබ්රි පවසයි.

අද (04) දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

2022 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය තවදුරටත් යථාර්ථවත් නොවන අතර එම නිසා ඉතා ඉක්මනින්ම අලුත් අයවැයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ තුලින් ආදායම් බදු වැඩි කිරීමට සිදුවන බවත් ඔහු සඳහන් කරයි.

” හම්බ කරන මිනිස්සු සල්ලි ටිකක් බෙදා ගත යුතුයි. නැතිනම් සමාජය කඩා වැටේවි.ඊළඟ වසර දෙක තුන ඇතුළත බදු ආදායම සියයට 15 කින් පමණ වැඩි කිරීමට සිදුවෙිවි” යනුවෙන් ඔහු පවසයි.

බදු වැඩි කළ යුතු කාලයක රජය විසින් පසුගිය කාලයේ බදු අඩු කළ බවත් එහි ප්‍රතිඵල අද භුක්ති විඳීමට සිදුව ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියේය‍.

ශ්‍රී ලංකාව සතු විදේශ සංචිතවලින් දැනට භාවිතයට ගත හැකි විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 50 කටත් අඩු බවත් මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

(Aruna)