Saturday, February 14, 2026
Follow Us
දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිලක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනය


අද සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව සුදු සහ රතු නාඩු දේශීය සහල් කිලෝ එකක් සඳහා රුපියල් 220ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

එමෙන්ම සුදු සහ රතු සම්බා දේශීය සහල් කිලෝ එකක් සඳහා රුපියල් 230ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

මේ අතර දේශීය කීරි සම්බා කිලෝ එකක උපරිම සිල්ලර මිල රුපියල් 260ක් ලෙස නියම කර ඇත.

(Aruna)