ඉන්ධන ප්‍රමිතියේ ගැටලුවක් නම් කළයුතු දේ
ඉන්ධන ප්‍රමිතිය පිළිබඳව යම්කිසි සැකයක් ඇතිවුවහොත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත දැනුම්දීමට හැකියාව ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඒ අනුව අමාත්‍යවරයා ජනතාව වෙත දැනුම්දෙනු ලැබුවේ දුරකථන අංක 011-5 234 234 හෝ 011-5 455 130 දුරකථන අංක ඔස්සේ ඒ පිළිබඳව දැනුම්දිය හැකි බවය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
(Aruna)