Saturday, February 14, 2026
Follow Us
බහුතරය පෙන්නුවොත් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සුදානම්

පාර්ලිමේන්තුවේදී මන්ත්‍රිවරුන් 113 දෙනෙකුගේ බහුතරය පෙන්වීමට කිසියම් පාර්ශවයක් සූදානම් නම් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට මහින්ද රාජපක්ෂ මහතා සූදානම් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

අග්‍රාමාත්‍ය ධූරයේ වෙනසක් සිදු කෙරෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නව අගමැතිවරයා කවුරුන්දැයි දැනුම්දිය යුතුය යන්න අග්‍රාමාත්‍යවරයාගේ මතය වන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ.

එසේ නොමැතිව අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වුවහොත් කැබිනට් මණ්ඩලය අහෝසි වන බැවින් ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය විය හැකි බව ද එම ප්‍රකාශකයා පෙන්වා දුන්නා.

එවැනි තත්ත්වයක් ඇතිවීම වර්තමානයේ පවතින ගැටළු තවත් උග්‍රවීමට හේතුවක් වනු ඇති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් පවතින වැඩසටහනට එය අහිතකර ලෙස බලපානු ඇති බවත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මතය වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)