Saturday, February 14, 2026
Follow Us
වැඩවර්ජන කරන්නේ ආර්ථික අර්බුදය උඝ්ර කිරීමටයි, ඊට අහුවෙන්න එපා – ජනපති ඉල්ලයි

මේ මොහොතේ ඇතැම් වෘත්තීය සමිති වැඩවර්ජනය කරන්නේ පවතින ආර්ථික අර්බුදය උඝ්ර කිරීමේ දේශපාලන අරමුණ මත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව එය වටහාගෙන ආයතන බිඳ වැටීමට ඉඩ නොතැබිය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නව ක්‍රමවේදයන්ට යොමුවීම සහ දේශපාලන භේද වලින් ඉවත්වීම අවශ්‍ය බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා පසුගිය 28 වැනිදා පැවති වැඩ වර්ජනය නොතකා රාජකාරිය ඉටු කළ සේවකයින්ට සිය ස්තූතිය පළ කර ඇති අතර පවතින තත්ත්වය වටහා ගෙන ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස සියලුම වෘත්තිය සමිති වලින් ඉල්ලා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති රැසක නියෝජිතයින් සමග ඊයේ (03) කොටුව, ජනාධිපති මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී ය.

(LNW)