Saturday, February 14, 2026
Follow Us
අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්


අද (05) දිනයේදීත් පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සදහා මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ලඩයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L යන කලාප සඳහා පෙරවරු 09.00 සිට පස්වරු 05.30 දක්වා පැය 02ක කාලයක් සහ පස්වරු 05.00 සිට රාත්‍රී 09.30 දක්වා පැය 01යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇත.

එමෙන්ම P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා ද පෙරවරු 09.00 සිට පස්වරු 05.30 දක්වා පැය 02ක කාලයක් සහ පස්වරු 05.00 සිට රාත්‍රී 09.30 දක්වා පැය 01යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

මීට අමතරව කොළඹ වාණිජ කලාපය සඳහා පෙරවරු 06.00 සිට පෙරවරු 09.20 දක්වා පැය තුනක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

(Aruna)