ණය උගුලෙන් බේරා ගැනීමට සිය පාර්ශවයට හැකියාව ඇති බව ජාතික ජනබල වේගය පවසනවා. එහි දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පැවසුවේ සියලු පාර්ශවයන්ට විශ්වාසය ඇති කිරීමෙන් සිය කණ්ඩායමට රට ගොඩ නැගීමට හැකි බවයි.
ජනවාරි මාසයේ දී අයිඑම්එෆ් ණය ලබා ගත හැකි බවටත් ඉන් පසු ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියනයක ණයක් ලැබෙන බවටත් ආණ්ඩුව පවසන්නේ අසත්‍යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
රට ගොඩනැගීමේදී විදෙස්ගත ශ්‍රමිකයන්ට විශාල කාර්යභාරයක් තිබෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
අමෙරිකානු ඩොලර් බිලියන 8 දක්වා ශ්‍රී ලංකාවේ වත්කම් ප්‍රතිව්‍යුහගත කිරීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා ප්‍රකාශ කරයි.
ඒකීය ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම උදෙසා ජාති ආගම් කුල මල බේද නොසලකා සියලු දෙනා එකට එක් විය යුතු බවත්, අවස්ථාවාදීත්වය බැහැර කරමින් රට ගොඩනැගීමේ අරමුණ ප්‍රමුඛ කර ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දැනට ගෙන ඇති අධිකරණ ක්‍රියාමාර්ග මගින් ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ මන්ත්‍රී ධූරය අහෝසි වුවහොත් එම මන්ත්‍රී ධූරය සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ සමගි ජනබලවේගය අභ්‍යන්තරයේ සාකච්ඡාවකට ලක්ව ඇති බව වාර්තා වනවා.
මාර්තු 19 වැනිදාට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වා සභිකයින් ගැසට් කිරීමේ කටයුත්ත සිදුකළ යුතු වන අතර පවතින නීතිය යටතේ දෙසැම්බර් අවසාන සතියේ නාමයෝජනා කැඳවීම සිදුකළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
අපනයනය සඳහා කංසා වගාව, රාත්‍රී ආර්ථිකයක් බිහිකිරීම ඇතුළු රටේ ආර්ථිකය ගොඩගැනීම වෙනුවෙන් තමන් ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව කවුරුන් හෝ විසින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ව නොමග යවා ඇතැයි තමන්ට සිතෙන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.
ආර්ථික අර්බුදය විසදීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සිදුකරන සාකච්ඡා පිළිබඳ සර්ව පාක්ෂිකව තීරණ ගන්නැයි යෝජනාවක් ඉදිරිපත්වී තිබෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදීයි.
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා විසින් රචිත “ආර්ථික ඝාතකයන් මැද” නම් කෘතිය මාධ්‍යවේදීන්ට බෙදා දීමේ අවස්ථාවක් අද (15) දින සිදුවූ අතර මෙම අවස්ථාවට සහභාගී වූ මාධ්‍යවේදීහු ඔහුගේ කෘතිය වත්මන් මහ බැංකු අධිපතිවරයා විසින් විවේචනය කිරීම පිළිබඳව ඒ මහතා ගෙන් ප්‍රශ්න කර සිටියහ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීම පහසු නොවනු ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පවසනවා. ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්.
රට අතිශයින්ම තීරණාත්මක අවධියක් පසුකරමින් සිටින බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි.
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම දින 5ක කාලයක් සඳහා ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළේය.
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා කොළඹ නෙලුම් කුළුණ බදු දී තිබෙන්නේ සිංගප්පූරු සමාගමකට බවත් එම සමාගම අර්ජුන් ඇලෝසියස්ට අයත් එකක් බවත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිණි.
වත්මන් ඖෂධ හිඟයට මූලික හේතුවක් වී ඇත්තේ තම පාලන සමයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රෝහල් පද්ධතියට හඳුන්වාදුන් ඖෂධ තොග පිළිබඳ මෘදුකාංගය මේ වනවිට ක්‍රියා විරහිත වී පැවතීම බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
It is hilarious that the same people who worked to postpone the Provincial Council (PC) elections are talking about a 13th Amendment to the Constitution today, Parliamentarian Namal Rajapaksa said.
විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් තමා ද විරුද්ධ බවත්, වර්තමානයේ පවතින ආර්ථික ක්‍රමය සඳහා තම දේශපාලන ධාරාවට ජනතා වරමක් නොලැබුණ බවත්, තම පක්ෂයට ලැබුණු ජනතා වරමට භාහිරින් ගමන් කරන්නේ නම් ඊට තමා විරුද්ධ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
රටක් හදන්න පැහැදිලි දර්ශනයක් සහිත ආණ්ඩුවක් තිබිය යුතු බවත් ලෝකයේ වැඩියෙන්ම හොරකම් කරන රටවල් 10 අතර ලංකාවත් එක් රටක් බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කුරුණෑගලදී පැවසුවාය.
Page 84 of 554