Thursday, January 29, 2026
Follow Us
බහු කාර්ය කාර්ය සහයකයන් ස්ථිර කරනවා - අගමැති පාර්ලිමේන්තුවේදී කියයි

බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ සිටින, බහු කාර්ය කාර්ය සහයකයන් 35,000කට ආසන්න තරුණ තරුණියන් විවිධ දෙපාර්තමේන්තු යටතේ ස්ථිර කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒ අනුව දැනට වඩා වැඩි දීමනාවක් ඔවුන්ට ලැබෙන බවත්, NVQ සුදුසුකම් සපුරා තිබීම මත, ඊට සමානව ස්ථිර කිරීම් සිදුවන බවත් ඔහු කීය.

සාමාන්‍ය පෙළ සුදුසුකම් නොමැති තරුණ තරුණියන් මීට වසර 2 කට පෙර මෙසේ බඳවා ගත් බවත්, පසුව මෙම 35000 පිරිසගේ ප්‍රශ්නය විසඳීමට බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවක් පිහිටුවූ බවත් අග්‍රමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


ඔවුන්ගෙන් දැනට සිටින අති මහත් බහුතරය සුදුසුකම් මත ස්ථිර කිරීමට වර්තමාන ජනාධිපතිවරයා වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.