ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය වී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ සමග ගැටුමක් ඇතිකර ගැනීමට වන නමුත් තමන් එම උපක්‍රමයට හසු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ජනවාරි මස 26 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළේය.
උතුරු නැගෙනහිර අර්බුදය විසඳීම යන තේමාව පාදක කරගෙන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ද්‍රවිඩ සන්ධානය අතර සාකච්ඡාවක් අද (11) පැවැත්වීමට නියමිතව ඇතැයි සතිඅන්ත පුවත් පතක් වාර්තා කර තිබේ.
පසුගිය අරගල සමයේදී අරගලකරුවන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයටත් ප්‍රහාරයක් එල්ල කළ බවත් රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක මූලස්ථානයකට එවන් ප්‍රහාරයක් එල්ල වුණේ මෙරට ඉතිහාසයේ පළමු වතාවට බවත් එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
රටේ වත්මන් තත්ත්වය, දේශපාලන වතාවරණය ඇතුළු තවත් කරුණු රැසක් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වේ.
පසුගිය මැයි 9 වැනිදා අරලියගහ මන්දිරයට රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ක්‍රියාකාරීන් ගාලුමුවදොර ගෝඨාගෝ ගම අරගල භූමියට කඩාවැදී රජයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටි අරගලකරුවන්ට පහරදීමට එරෙහිව ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් පහක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (09 දා) අවසර ලබා දුන්නේය. එයින් තුවාල ලැබූ ළහිරු චානක ඇතුළු අරගලකරුවන් පිරිසක් ගොනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ලබන වසරේ ජුනි 22 වැනිදා විභාගයට ගැනීමට ද විජිත් කේ. මලල්ගොඩ සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඬුල්ල දින නියම කළහ.
රටේ ජනතා මුදල් සොරාගත් සියලුම දෙනාම අනිවාර්යයෙන්ම අධිකරණය හමුවට පමුණුවා එසේ සොරාකන ලද මුදල් නැවත ජනතා අයිතියට පත්කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
සමගි ජන බලවේගයේ 2022 වාර්ෂික සම්මේලනය ඊයේ (11) බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්විණි.
පලාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉහළ තරුණ නියෝජනයක් පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
මෙම වසරේ අවසන් පාර්ලිමේන්තු රැස්වීම අද පැවත්වෙනවා. වාචික පිළිතුරු අපේක්ෂා කෙරෙන ප්‍රශ්ණ 49 ක් එහිදී සාකච්ඡාවට ලක් කෙරෙන අතර පෙරවරු 09 යි 30 සිට පස්වරු 05 යි 30 දක්වා කාලය ඒ සඳහා වෙන්කර තිබෙනවා.
මැතිවරණයක් පවත්වන්නේ නම් තම පක්ෂය ඊට සූදානමින් සිටින නමුත් දැන්ම මැතිවරණයක් පැවැත්වෙනු ඇතැයි බලාපොරොත්තුවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට හානියක් නොවන ආකාරයට රට වෙනුවෙන් එකතු වීමට හැකිනම් අනිවාර්යෙන්ම එකතු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් අද (12) පැවසීය.
ජපන් රජයේ ණය ආධාර යටතේ ආරම්භ කිරීමට නියමිතව තිබූ කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීම හරහා මෙරටට අහිමි වූ මුදල, එය අත්හිටුවීමට අනුබල දුන් නිලධාරින්ගෙන් අයකර ගත යුතු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් බිලියන දහයක් (කෝටි දාහක්) වැය වන බවට ගණන් බලා ඇති අතර, ඊට අදාළ ඇස්තමේන්තු මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනටමත් මුදල් අමාත්‍යාංශයට යවා ඇත.
අධිකරණයට අපහස කිරීමේ චෝදනාවලට මුහුණදීම සඳහා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ සිටී.
Says Govt. attempting to hatch plan within next two weeks to delay polls
Challenges Govt. to hold polls if not afraid to face people’s mandate
Claims SJB will bring scores to the streets against Govt. if elections are delayed
Page 85 of 554