Thursday, January 29, 2026
Follow Us
පාඨලී - වෙල්ගම සන්ධානගත වෙයි 

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්ව කටයුතු කිරීමට 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක, නව ලංකා නිදහස් පක්ෂයේ සභාපති කුමාර වෙල්ගම  සමග එකඟතාවයකට පැමිණ ඇත.

මෙම දෙපිරිස අතර  වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (16)  සිදුවිය.

තම කණ්ඩායම් දෙක එක්ව ඉදිරි දේශපාලන කටයුතු කරන බවත් පක්ෂයක් වශයෙන් හා ස්වාධීන කණ්ඩායම් ලෙස ද මෙවර මැතිවරණයට ඉදිපත් වීමට අපේක්ෂා කරන බවත් පාඨලී චම්පික රණවක මෙහිදී පැවසීය.