Thursday, January 29, 2026
Follow Us
ඊයේ පක්ෂ 11ක් සහ ස්වාධීණ කණ්ඩායම් 11 ඇප තැන්පත් කරයි 

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමට අදාළව ඊයේ (13) පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්වා කාලය තුළ එම පක්ෂ 11ක් සහ ස්වාධීන කණ්ඩායම්11ක්  ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ජාතික ජන බලවේගය නුවරඑළිය, මහනුවර, පොළොන්නරුව, අම්පාර, වව්නියාව, ගාල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කිරිම ඊයේ දිනය තුළ සිදුකර ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ද කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කර ඇත.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් පෙරමුණ ද ඊයේ දිනයේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කර ඇත.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ගම්පහ, හම්බන්තොට, බදුල්ල, අම්පාර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කර තිබෙන අතර සමගි ජන බලවේගය ද මාතර, හම්බන්තොට, බදුල්ල සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කරකර කිරිම ඊයේ සිදු කෙරිණි.

සමාජවාදී සමානතා පක්ෂය, ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය, ජනතා සේවක පක්ෂය, සිංහලදීප ජාතික පෙරමුණ, නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනන්වාදී පන්ෂය සහ ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී යන පක්ෂය ද ඊයේ දිනයේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ඇප මුදල් තැන්පත් කළේය.