Tuesday, November 03, 2026
Follow Us
දැදුරු ඔය වාන් දොරටු කිහිපයක් විවෘත කරයි

පවතින වර්ෂාපතනය සහිත කාලගුණ තත්ත්වයත් සමඟ මේ වන විට දැදුරුඔය ජලාශයට එකතු වෙන ජල ප්‍රමාණය පාලනය කිරීම සඳහා ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි තුන බැගින් ද තවත් දොරටු හයක් අඩි දෙක බැගින් ද විවෘත කර තත්පරයට ඝන අඩි 12600 කට අධික ජල ප්‍රමාණයක් දැදුරුඔය වෙත නිකුත් කරමින් පවතින බව වාරි මාර්ග අධ්‍යක්ෂක (ජල කළමනාකරණ) සඳහන් කරයි.

දැදුරු ඔය ජලාශයෙහි පහළ ප්‍රදේශයේ ගංගාව දෙපස පදිංචි ජනතාව ගංගාවේ ජල මට්ටම් වෙනස් වීම පිළිබඳව මෙන්ම වාරි මාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරන අංශ මගින් විටින් විට නිකුත් කරන වාන් දොරටු විවෘත කිරීමේ නිවේදන පිළිබඳ ව අවධානයෙන් කටයුතු කිරීම වැදගත් වේ.